More

    The Final Call (2019) Season 01 සිංහල උපසිරැසි සමඟින්

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔබේ අනාගත බලාපොරොත්තුවක් සඵල කරගැනීමට හෝ වෙනත් දෙයකට ඔබට විදේශ රටකට පිවිසීමට ඔබ ගුවන් ගතව සිටිනව යැයි සිතමු.ඔබ කවදාක වත් සිතනවාද ඔබ මේ යන්නෙ ඔබේ අවසන් ගමන බව? අද අරන් ආවේ ත්‍රාසජනක,අබිරහස් ගණයට වැටුණු කොටස් අටකින් යුත් වෙබ් කතාමාලාවක්.ඔබ මේ සඳහා ගත කරන කාලය කිසිවිටෙක අපතේ යන්නෙ නැහැ කියලත් මතක් කරන්න ඕන.ඉන්දිය කතා මාලා කිව්වහම අපෝ වැඩක් නෑ කියලනේ කට්ටිය කියන්නෙ.මේ වන විට නම් ඔබ විශිෂ්ට ගණයේ ඉන්දීය වෙබ් කතා මාලා බලල ඇතිනෙ.මේකත් ඒ ලැයිස්තුවට එකතු කරගන්න පුලුවන් එකක් කියලා බය නැතුව කියන්න පුලුවන්.

    2014 වසරේ මාර්තු මස 8 වැනිදා,මැලේසියන් එයාර්ලයින් සමාගමෙ Boeing 777 වර්ගයට අයත් MH 370 නම් ගුවන් යානය ක්වාලාම්පූර් සිට බීජින් යන අතර තුරේ ATC රේඩාර් පද්ධතියෙන් හදිසියේම අතුරුදහන් වුනා.මෙලෙස කිසිම හෝඩුවාවක් නැතිව අතුරුදහන් වූ මෙම ගුවන් යානය පිලිබද කිසිදු දිනක නැවත දැනගන්න වුනේ නෑ.මේ යානයේ සුන්බුන් කිසිවක් හෝ සොයාගන්න නොලැබුණා.මේ යානය ඕස්ට්‍රේලියාවේ යම් මුහුදු කොටසක කඩා වැටෙන්න ඇති කියලා තමයි අකාශ තරණ විශේෂඥයන් නම් පවසන්නෙ.ඒත් මේ දේවල් අනුමානයන් විතරයි.ඔප්පු කරන පුලුවන් කිසිදු සාක්ෂියක් හෝ හෝඩුවාවක් නෑ.ඒ නිසා මේ අතුරුදහන් වීම තවත් එක් අබිරහසක් බවට පත්වුනා.

    පිටසක්වලයන් විසින් පැහැරගැනීමේ සිට කුළු කුහරයක ගිල ගත්තා වැනි ආකාරයේ මේ සම්බන්දයෙන් නොයෙක් ආකාරයේ න්‍යායන් බිහිවුනා.විශ්වාස කල හැකි ආකාරයේ න්‍යායකට තිබෙන්නෙ එක්කො ත්‍රස්තවාදීන් විසින් ගුවන් යානය ඔවුන්ගෙ ග්‍රහණයට ගත්තා එහෙමත් නැත්නම් ගුවන් නියමුවා සියදිවි හානි කරගත්තා කියන කාරණයන් දෙක පමණයි.මේ සිදුවීම වෙලා වසර 6ක් ගතව තිබුණත් අදත් ලොව පුරා ජනතාවගේ සිත් තුළ මේ අභාග්‍ය සම්පන්න සිදුවීම පිලිබදව දැනගැනීමට තිබෙන්නෙ බලවත් ආශාවක් වගේම කුතුහලයක්.ගුවන් යානයේ අතුරුදහන් වීමට හේතුව මොකක් වුනත් මේ කාරණය අකාශ තරණ ඉතිහාසය තුළ වූ දරුණු ගණයේ බියකරු අබිරහසක්.

    The Final Call කියන වෙබ් කතා මාලාව විකාශයෙ වුනේ ZEE5 හරහායි.මේ කතාව සඳහා පාදක වෙලා තියෙන්නෙ 2015 වසරේ ප්‍රියා කුමාර් විසින් රචනා කරන ලද I Will Go with You: The Flight of a Lifetime කියන නව කතාවයි.මේ නව කතාවට වගේම මෙම වෙබ් සීරිස් එකටත් පාදක වෙලා තියෙන්නෙ මම ඉහත සදහන් කල Boeing 777 වර්ගයේ ගුවන් යානය යි.කතාව රචනය වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ y Vijay Lalwani විසින්.2010 වසරේ තිරගත වූ Karthik Calling Karthik කියන්නෙත් ඔහුගේම නිර්මාණයක් තමයි. ZEE5 වෙනුවෙන් Ajay හා Vinamrata Rai තමයි එතකොට මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ .රංගනය සඳහා ඔබ කවුරුත් හදුනන Arjun Rampal සමඟින් Neeraj Kabi, Sakshi Tanwar, Harshad Arora‚ Anupriya Goenka, Javed Jaffrey, Paula McGlynn, Anshuman Malhotra හා Vipin Sharma යන අය එකතු වෙනවා.එමෙන්ම මේක රූපගත කරලා තියෙන්නෙ කාශ්මීර්,කෝචි,තායිලන්තයේ හා ලන්ඩනයේයි.ඇතැම් කොටස් 2016 වසරේ තිරගත වූ Sully චිත්‍රපටය රූපගත කල තැන්වලම ලන්ඩනයේ රූපගත කරනු ලබනවා.

    කතාව පැත්තට හැරුනොත්,අනාගතය කලින් කිව හැකි ජෞතිශවේදියෙක්.ඕස්ට්‍රේලියානු නවකතා කාරියක්,ව්‍යාපාර ලෝකයේ දැවැන්තයෙක්,පාපන්දු ක්‍රීඩකයෙක් වීමට දැඩි ආශාවෙන් පසුවන අවුරුදු 19ක තරුණයෙක් ඇතුළු අභිප්‍රායන් රැසක් සමගින් ගුවන් යානට ගොඩ වැදුණු මගීන් රැසක් රැගෙන යන ගුවන් යානයේ ගුවන් නියමුවා හදිසියේ සියදිවි නසාගැනීමට තීරණය කරනවා.මොවුන්ගෙ ජීවිත වලට මොනා වෙයිද? සියදිවි නසාගැනීමට තීරණය කළ හේතුව මොකක්ද? මේ පටලැවිල්ල මොකක්ද? කියලා දැනගන්න කැමති නම් මොහොතක් මොහොතක් පාසා හිතා ගත නොහැකි ආකාරයේ කුතුහලය හා ත්‍රාසය සපිරි ජවනිකා පිරුණු මෙය නරබන්න ආරාධනා කරනවා.ඒ වගේම උපසිරැසි ගැන්වීම සඳහා එක්වුණ සියලු දෙනා හටම ස්තූතිවන්ත වෙනවා.

    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ.
    • උපසිරැසි ගොනුව තුල කොටස් 8ම උපසිරැසි අන්තර්ගත වි ඇත.

     

    Download “සිංහල උපසිරැසි” The.Final.Call.(2019).sinhala.subtitle.rar – Downloaded 666 times – 114 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    Leave a Reply to Dilesh Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram