More

    The Forever Purge (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මුලින්ම කියන්නම්කෝ.. ඉස්සර වගේ ඉතින් කඩඉමක් පනිද්දි හිතාගෙන ඉදලා ෆිල්ම් දාන්න තරම් නම් දැන් කාල වෙලාව නැහැ… දැනටම 350ත් පාස් කරලා. නමුත් නිල වශයෙන් 350 කියලා මේ ෆිල්ම් එක මං කියන්නම්කෝ.. මේ වෙද්දි මේ 350ට මං තියපු වාර්තාව නම් තාම කඩලා නැහැ කවුරුත්.. ඒ තමයි වැඩිම හින්දි චිත්‍ර‍පටි උපසිරැසි ගැන්විම.. ඒ ගාන 297ක්. මගේ මේ ෆිල්ම් 350න් 297ක්ම හින්දි චිත්‍ර‍පටි. අපේ ලහිරු මේ වාර්තාව අලුත් කලොත් ඇරෙන්න ඉතින් මේක කඩන්න කෙනෙක් නම් නැති වේවි. 350 හින්දි එකකින් දෙන්න හිතන් හිටියාත් ඒක පේන තෙක් මානේක නොවන නිසා අද මං ආසම කරන මේ චිත්‍ර‍පටි මාලාවෙන් 350 සම්පුර්ණ කරනවා. අපේ වෙබ් අඩවියෙත් 350 කඩඉම පහු කරපු 4 වැනියා ලෙසත් ඒ අතරට මං එකතු වෙනවා. මිට කලින් අපේ ඒ කඩඉම පාස් කරපු සුපුන් විරසිංහ,ඩිලාන් මේනක,ලහිරු උදයංග…තිදෙනාවත් මතක් කරන්න ඕනි.

    2013 පටන් ගත්ත චිත්‍ර‍පටි මාලාවක පස්වැනි දිගහැරුම තමයි අද මේ අරන් එන්නේ.. කලින් චිත්‍ර‍පටි සියල්ලටම මම උපසිරැසි දුන් නිසා මේකටත් සබ් එක හදලා දෙන්න ඕනි කියලා හිතුනා… ආරංචි වන විදියට මේක චිත්‍ර‍පටි මාලාවේ අවසන් චිත්‍ර‍පටිය වෙන්න පුලුවන්. නමුත් ඉතින් සම්පුර්ණ අවසන් කරපු රුපවාහිනි කතාමාලා පවා නැවත දිග් ගැහුන නිසා…මෙවැනි කතා තේමාවක් තවත් නොමැති නිසා සමහර විට මේ වගේ තව චිත්‍ර‍පටියක් එන්නට පුලුවන්. මේ චිත්‍ර‍පටි මාලාව බලද්දි හිතුන එකක් තමයි මේකේ පළවෙනි චිත්‍ර‍පටියෙන් මේ පර්ජ් එහෙම නැත්නම් පවිත්‍ර‍ කරන දිනයේ ගෙදරට වෙලා ඉන්න පවුලක් මුහුණ දෙන සිදුවිමක් තමයි පාඨක උනේ.. දෙවැනි එකේ.. දුප්පත් මිනිස්සු මේ රාත්‍රියේ මොනාද කරන්නේ.. ඒ වගේම පාරවල් වල අතරමං වෙච්ච අයට මොනාද වෙන්නේ වගේම මේ වගේ පවිත්‍ර‍ කිරිමේ රැයක පලිගැනිමට හිතන පුද්ගලයින් මොනාද කරන්නේ කියන එක ගැන පෙන්නුවා… තුන්වැනි එකේ පවිත්‍ර‍ කිරිම වෙනස් කරන්න කැමැති නායිකාවකට වෙන සිදුවිමක් අලලා නිර්මාණය උනා. එකෙත් අතුරු කතා කිහිපයක් තිබ්බා. කොහොමත් ඔය තුන්වැනි චිත්‍ර‍පටියෙනුත් පර්ජ් චිත්‍ර‍පටිමාලාව අවසන් කරන්න හිතුවාත් සිව්වැනි එක විදියට පර්ජ් එක පටන් ගත්ත අයුරු කියලා තව චිත්‍ර‍පටියක් ආවා..

    දැන් මේ පස්වැනි එකට පාඨක වෙන්නේ තුන්වැනි චිත්‍ර‍පටියෙන් පසුව වන සිදුවිමක්. තුන්වැනි ෆිල්ම් එකේ නව ජනාධිපති මේ පවිත්‍ර‍ කිරිමේ රැය නවත්තලා දානවා. නමුත් ඒක සාර්ථක වෙන්නේ නැහැ නැවත ජනාධිපතිවරනයෙන් ඇය පැරදිලා නැවතත් NFFA එක ජයග්‍රාහණය කරනවා. ඔවුන් නැවතත් මේ පවිත්‍ර‍ කිරිමේ රැය ආරම්භ කරනවා… නමුත් මේ පාර සියල්ල වෙනස් වෙනවා.. පැය 12ක කාලයකින් අනතුරුවත් ඇමරිකානුවන් මේ මිනිමැරිම් නවත්වන්නේ නැහැ. ඔවුන් මරන්න පටන් ගන්නේ ඇමරිකාවට ඇවිල්ලා පදංචි වෙලා ඉන්න වෙනත් රටවල් වල අය වගේම සරනාඟතයින්. මේක පාලනය කල නොහැකි තත්වයට පත්වෙනවා.. ඉතින් එතැනින් එහාට මොනා වේවිද කියලා බලන්න පුලුවන් මේ චිත්‍ර‍පටියෙන්..

    මං අර ඉහත කිව්වා වගේ හැමෝගේම ජිවිත වල පවිත්‍ර‍ කිරිමේ රැය ගෙවන ආකාරය පෙන්නුවාත් එදින රාත්‍රියේ මාධ්‍ය ආයතනය මේවා වාර්තා කරන්න යන අයගේ ජිවිත කතාව මොන වගේද කියලා චිත්‍ර‍පටියක් ආවේ නැහැ. සමහර විට පස්වැනි චිත්‍ර‍පටියේ සිදුවිම අලලා අර විදියේ චිත්‍ර‍පටියක් අනාගතයේ එන්නත් පුලුවන්. මොකද මේ වගේ ප්‍ර‍සිද්ධ චිත්‍ර‍පටි මාලාවක් නිකම්ම නවතින එකක් නැහැ. එහෙනම් ඒ බලාපොරොත්තුත් තියාගෙන සමුගන්නවා.

     

    Purge කලින් නිකුත් වු චිත්‍ර‍පටි පහලින් ලබාගන්න..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Forever Purge (2021) සිංහල උපසිරැසි” The.Forever.Purge.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2002 times – 815 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. 350 කඩයිමට සුභ පැතුම්!! 👏 🎊️
      උපසිරැසි ගැන්වීමට ස්‍තූතියි..
      400 ත් ගහමු ඉක්මනටම දරේ අය්යෙ..
      ජයෙන් ජයම වේවා.. 👍❤️😀

    2. 350 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

      … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Request:
      Narappa (2021

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram