spot_img
spot_img
More

    The Greatest of All Time (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

     

    විජේ රඟපාපු ෆිල්ම් එකකට කියලා මං අන්තිමට සබ් දුන්නේ 2014 දිපු ජිල්ලා ෆිල්ම් එකට. ඒ කාලේ ඉතින් ලෝටස් ෆයිස්ටාර් ඩිවිඩි කොපියක් විතරක් එද්දි ඉංග්‍රිසියක් උපසිරැසියක් එන්නේ බොහොම කලාතුරකින්. කොහොම හරි ටයිම් ලයින් හදලා ගත්තු සබ් එකක් දන්න විදියට ටයිප් කරලා පල කලේ ඒ කාලේ තමයි. කොහොම හරි ඊට පස්සේ අපේ දමිළ තෙලෙඟු ආසාලිව්ම් කරන අය අපේ හම්බුනා… රොෂාන් ..ලහිරු…අශෙන් වගේ අය ඒ ඒ කාල වලදි හිටපු නිසා විජේගේ ෆිල්ම් ටිකත් ඒ ඒ අය චිත්‍රපටි ටික බාර අරගෙන ඉවරයක් කරලා දැම්මා. කොහොමත් විජේගේ ෆිල්ම් එකක් අවුරුද්දට එකක් වගේනේ එන්නෙත්. ඉතින් කොහොම හරි වෙලා අවුරුදු දහායකට පස්සේ ආපහු සබ් එකක් කරන්න අවස්ථාවක් ලැබුනා. කොහොමත් විජේ විසින් එයාගේ මැතිවරණ කටයුතු නිසා තාවකාලිකව සිනමා දිවියෙන් අයින් වෙන කතාවකුත් යනවානේ. දන්න විදියට තව එක චිත්‍රපටියක් වගේ තමයි එන්න තියෙන්නේ. කොහොම හරි ඒක කරන්න ලැබේවිද නැත්ද නොදන්න නිසා මේක පුලුවන් විදියට කරලා ගෙනාවා.

    චිත්‍රපටිය ගැන ලොකු හැදින්විමක් උවමනා නැතිවේවි කියලා හිතනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙම දමිළ සිනමාවේ ඉදලා ඉදලා චිත්‍රපටියක් කලාම හිට් එකක්ම කරන්න පුලුවන් කතා තේමාවක් අරන් එන Venkat Prabhu විසින්. ඔහුගේ චිත්‍රපටිවල කොමඩි ඇක්ෂන් මේ හැම එකක්ම නොවඩුව පවුලේ හැමෝටම ඉදලා රසවිදින්න පුලුවන්. චිත්‍රපටියේ නළු නිලියන් රැසක්ම රංඟනයෙන් දායක වෙනවා. ඒ හැමෝම දමිළ සිනමා රසිකයන්ට නම් නුපුරුදු මුණු නෙමෙයි.. කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම් කෝ. ගාන්ධි කියන්නේ SATS එහෙම නැත්නම් ඉන්දියාවේ ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ වැඩ කරන කෙනෙක්. මොහුට යාළුවෝ තව තුන්දෙනෙක් ඉන්නවා. මේ අය 2008 අවුරුද්දේ කෙන්යාවේ ඔමාර් කියන ත්‍රස්තවාදියාගෙන් යුරේනියම් වගයක් පැහැරගෙන ඔහුව මරා දාන්න මෙහෙයුමකට යනවා. මේ මෙහෙයුමේදි මොවුන් හිතපු නැති කෙනෙකුත් එතැන ඉදලා අහුවෙනවා. ඒ ඉන්දියාවට උවමනාම කරලා ඉන්න ත්‍රස්තවාදියෙක් වෙන මෙනන්ව. මේ කට්ටිය මෙනන්ව අල්ලගන්න හැදුවාත් අවසානයේ කොච්චියේ වෙන පිපිරිමක් නිසා මෙනන් මිය ගියා කියලා ආරංචි වෙනවා. ඔතැනින් එහාට කතාව ඉතින් අරන් බලන්න. පැය තුනක් කිසිම කම්මැලි කමක් නැතුව අරන් බලන්න පුලුවන් චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්. එහෙනම් අපි ගියා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “The Greatest of All Time (2024) සිංහල උපසිරැසි” The.Greatest.of.All.Time.(2024).Sinhala.Subtitle.rar – Downloaded 1159 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි දර්ශණ …….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram