More

    The Guardian (2006) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කොහොමද යාලුවනේ?? ඉතින් පළවෙනි වතාවට තමයි sub එකක් කරන්නෙ. මුලින්ම කියන්න ඕන වැරදි අඩුපාඩු ගොඩක් ඇති. (තියෙන්නෙම ඒවා මං හිතන්නෙ) 🙂 :-).. ඊළගට කියන්න ඕන මේක කරන්න බාර අරන් ගොඩක් කල් වෙනවා. කොහෙද ඉතින් වැඩ එක්ක කරන්න බැරි උනා. පළවෙනි වැඩේ හින්දා කවුරුත් වැරදි තැන් පෙන්නලා දේවි කියලා හිතනවා. දැන් අපි හැරෙමු ෆිලුම පැත්තට.

    මේක 2006 තමයි නිශ්පාදනය කරලා තියෙන්නෙ. release කරලා තියෙන්නෙ 2006 සැප්තැම්බර් 29. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andrew Davis. ප්‍රදර්ශනය ආරම්භක සතිඅන්තයේ ඩොලර් මිලියන 18 ක් උපයාගෙන තියෙනවා. මුලු ආදායම ඩොලර් මිලියන 70ක්. ඩොලර් මිලියන 94.9ක Box office වාර්තාවක් තියන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. විනාඩි 139ක් පුරා දිවෙන මේ චිත්‍රපටය 6.9 ක imdb අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. ඇත්තටම 6.9ක් කියන්නෙ හොඳ අගයක් කියලා ඔයාලටම තේරෙනවා ඇතිනේ. මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Kevin Costner. ඔයාලා මෙයා ගැන නම් දන්නවා ඇති. අපි බලපු Justice League 2017 , Molly’s Game 2017, Criminal 2016, Batman v Superman: Dawn of Justice 2016, වගේ චිත්‍රපට වල හිටියෙත් මෙයා තමයි. 2005 දී දකුණු ඇමරිකාවේ ඇතිවෙච්ච සුළි කුණාටු මාලාවක් (කත්‍රිනා) අනුගමනය කරමින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ. ලුසියානා හි බොයින්ඩෙල් නගරයේ, ලුයිසියානා හි බාර්ක්ස්ඩෙල් ගුවන් හමුදා කඳවුරේ සහ මින්ඩන් හි ලින්ඩිනානා කඳවුරේ දී තමයි රූපගත කරලා තියෙන්නෙ. ASTC (වෙරළාරක්ෂක ගුවන් යානා සුරක්ෂිතතා තාක්ෂණවේදී) උපදේශකයන්, හෙලිකොප්ටර් නියමුවන් සහ සහායකයින් ඇතුලු සහාය නළුවන් බොහොමයක් ඇත්තම ඇමෙරිකානු වෙරළ ආරක්ෂක ගුවන් නියමුවන් හා භටයින් තමයි යොදාගෙන තියෙන්නෙ. රන්දල්ගේ කාර්ය මණ්ඩලය අහිමි වන සිද්දිය ඇලස්කාවේ එක්සත් ජනපද වෙරළ ආරක්ෂක ගුවන් යානයක ඇණහිටීමක් නිසා වෙච්ච සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමයි චිත්‍රපටියට අන්තර්ගත කරලා තියෙන්නෙ. මෙම ගුවන්යානය HH-3F පෙලිකන් (Jolly Green Giant of USCG) වර්ගයේ එකක්. ඒ වෙනුවට HH-60J Jayhawk (Blackhawk / Seahawk USCG) වර්ගයේ යානයක් යොදාගෙන තමයි රූ ගත කිරීම් කරලා තියෙන්නෙ.

    කතාව ගැනත් පොඩ්ඩක් කිව්වොත් ඇමරිකා එක්සත් ජනපදයේ AST වැඩ සටහනේ හොඳම බේරා ගැනීමේ පිහිනුම් ක්රීඩකයා තමයි බෙන් රන්දල් ය. ඔහුගේ වැඩ රාජකාරි වල නිතරම යෙදීමට සිදුවීම නිසා බෙන්ගේ භාර්යාව වෙන්වීම ඉල්ලා සිටී. එක් ජීවිතාරක්ෂක මෙහෙයුමකදී ඔහුගේ කණ්ඩායමම මිය යයි. ඒ හේතුවෙන් බෙන් විශ්රාම ගන්නා නමුත් වෙරළබඩ ආරක්ෂක පුහුණු පාසලේ උපදේශකයෙක් බවට පත් වීමට සිදුවේ. AST සඳහා වෙඩි තැබීමේ අපේක්ෂකයෙකු වන ජේක් ෆිෂර් පාසලට පැමිණෙයි. ඔහු අති දක්ෂ පිහිණුම් ශූරයෙක් වන අතර එතැන් සිට ඔවුන් දෙදෙනා සහ ජේක් ගේ පෙම්වතිය අතර කතාව දිව යයි. අවසානයේ ඔවුන් දෙදෙනාටට එක් මෙහෙයුමකට සහභාගි වීමට සිදුවෙයි. ඒක ඔවුන් කොහොමද කරන්නෙ කියලා දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනවා. කියෙව්වා වැඩිද මංදා. 🙂 එහෙනම් අපි ගියා. හැමෝටම ජය..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “The Guardian (2006) සිංහල උපසිරැසි” The.Guardian.2006.Sinhala.Subtitle.rar – Downloaded 100 times – 46 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram