spot_img
spot_img

The House Next Door (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරන් එන්නේ හොල්මන් චිත්‍ර‍පටි රසිකයන්ට හිත ඇදලා යන චිත්‍ර‍පටියක්. මේ චිත්‍ර‍පටිය ඇත්තටම ලඟදි බලපු ඉංග්‍රිසි හොල්මන් චිත්‍ර‍පටි වලට සමාන වෙන්නම හොදට තියෙන බව කියන්නම ඕනි. ඒ වගේම හින්දි චිත්‍ර‍පටිවලින් බලපු හොදම හොල්මන් චිත්‍ර‍පටියක් විදියටත් මේක හදුන්වන්න පුලුවන්..

මේ චිත්‍ර‍පටිය දැක්ක ගමන් හිතෙන්න පුලුවන් මෙහෙම දෙමළ එකක් ආවා නේද කියලා. AVAL කියන්නේ මේකේ දෙමළ ෆිල්ම් එක. මේ චිත්‍ර‍පටිය භාෂා දෙකටම හරි යන්න නිර්මාණය කලා. ඒ කියන්නේ භාෂා දෙකටම වෙන වෙනම රඟපාලා තියනවා. මේක ඉතින් චිත්‍ර‍පටියේ රඟපාන අයටත් අභියෝගයක් මොකද ඉතින් එකම චරිතේ දෙපාරක්ම හරියටම කරන්න එපැයි නේ. දමිළ චිත්‍ර‍පටියේ නිශ්පාදන කටයුතු කරලා තියෙන්නේ Etaki Entertainment ආයතනය. එතකොට මෙහි හින්දි චිත්‍ර‍පටියේ නිශ්පාදන බර පැන දරන්නේ Viacom 18 Motion Pictures ආයතනය. මේකේ මං හින්දි චිත්‍ර‍පටියම දෙන්න හිතාගෙන හිටියේ මොකද කලිනුත් මේ වගේ චිත්‍ර‍පටියක් ආවා Saala Khadoos කියලා. මේකේ දමිළ කොපිය Irudhi Suttru මුලින්ම ආව නිසා අපි සබ් දුන්නේ ඒකට. පස්සේ තමයි හින්දි කොපිය ආවේ. නමුත් ගොඩක් අය ඉල්ලුවේ හින්දි කොපිය දෙන්න කියලා. ඉතින් මේකේ හින්දි කොපි එක එනකම්ම ඉදලා දුන්නා. හදිසි වෙලා දෙමළ කොපිය බැලුවා නම් එකේ අඩුපාඩු කැලි දෙක තුනක් මේකේ ඇති. කොහොමත් දමිළ චිත්‍ර‍පටි වලට වඩා ඉංග්‍රිසි චිත්‍ර‍පටි පමණක් බලන රසිකයන් කැමැති හින්දි චිත්‍ර‍පටිවලට ඉතින් ඒ අයටත් මේ චිත්‍ර‍පටිය අරගෙන බැලුවාට පාඩුවක් නම් වෙන එකක් නැහැ..

කතාව ගැන කිව්වොත් ඩොක්ටර් ක්‍රිෂ් හා ලක්ෂ්මි කියන්නේ අලුතින් කසාද බැදපු ජෝඩුවක්. මේ අය බොහෝම සතුටින් වාසය කරනවා. මෙහෙම කාලය ගත වෙලා යද්දි මේ අයගේ අල්ලපු නිවසට අලුත් අසල්වාසින් පිරිසක් එනවා. මේ අතර ඉන්නවා ජෙනි කියලා තරුණ වයසේ ගැහැණු ළමයෙක්. මෙයාට පොඩි හිතකුත් යනවා ඩොක්ටර් ක්‍රිෂ්ට මොකද ඔහු කඩවසම් නිසා. කොහොම හරි කාලයක් යද්දි ජෙනීගේ හැසිරිම අමුතු වෙනවා. මේ බව මුලින්ම දකින්නෙත් ඩොක්ටර් ක්‍රිෂ් තමයි. ඔහු දකිනවා දිනක් ඇය වත්තේ තියන ළිදකට පනිනවා. එතකොට ඇයව බේරාගන්නෙත් ක්‍රිෂ්ම තමයි. කොහොම හරි එන්න එන්න ඇයගේ අමුතු ගති ගුණ වැඩි වෙන්න ගන්නවා… ඉතිරිය නරඔලා තිරණය කිරිම ඔබට භාරයි. මේ චිත්‍ර‍පටිය යථාර්තය හා හොල්මන් අතර දෝලනය වෙමින් යනවා. බැලුවාට නම් අනිවාර්යෙන්ම පාඩුවක් වෙන්නේ නැහැ. සිංහල උපසිරැසි සමගින් නරඔන ඔයාලා වෙනුවෙන් චිත්‍ර‍පටියේ වැටෙන හැම ඉංග්‍රිසි අකුරක්ම සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ. මොකද ඒ හැම දෙයක්ම චිත්‍ර‍පටියට වැදගත් වෙන නිසා. සමාන්‍යයෙන් හින්දි හොල්මන් චිත්‍ර‍පටි වල වැඩි වශයෙන්ම ඉන්නේ ඉම්රාන් හෂ්මි නේ. ඒ චිත්‍ර‍පටි බලලා තියනවා නම් දැකලා ඇතිනේ ශුංඝාරාත්මක දර්ශන එහෙම තියනවා. මේ චිත්‍ර‍පටියේ සිද්ධාර්ත් හා ඇන්ඩ්‍රියාත් කාටවත් නොදැවෙනි වෙන්න ඒ වගේ දර්ශන ටිකක් නම් කරලා තියනවා. ඒක නිසා +16 අගයක් දෙන්නත් පුලුවන්. එහෙනම් චිත්‍ර‍පටිය අරගෙන බලන්න. බලන්න වටින චිත්‍ර‍පටියක් ලෙසට මේක අනිවාර්යෙන්ම නිර්දේශ කරන්න පුලුවන්

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “The House Next Door (2017) සිංහල උපසිරැසි” The.House.Next.Door.(2017).Sinhala.Subtitle.rar – Downloaded 966 times – 33 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram