More

    The Little Things (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ වසරේ ජනවාරි වල තිරඟත විම ආරම්බ කරපු වගේම ඒ හා සමගාමීව HBO ස්ට්‍රිම්න් හරහාද නිකුත් කරපු චිත්‍ර‍පටියක් තමයි අද අරන් එන්නේ… John Lee Hancock විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස අපි කවුරුත් හඳුනන Denzel Washington,Rami Malek හා Jared Leto රංඟනයෙන් දායක වෙනවා… චිත්‍ර‍පටිය ගැන කෙලින්ම කතාවට බහින්නම්

    මේ චිත්‍ර‍පටියට පාධක වෙන කාලසමය වන්නේ 1990 වර්ශයයි. කාන්තාවන් පැහැරගෙන ගොස් විවිධ වද හිංසා කරලා මරා දමන මිනිමරුවෙක් අවුරුදු ගානක ඉදන් සැගවිලා ඉන්නවා. මුලින්ම මේ අපරාධකරු පසුපස පන්වන්නේ පොලිස් පරික්ෂක ඩේක් (Denzel Washington) විසින්. අවුරුදු ගානක් ඔවු මේ මිනිමරුවා ගැන හෙව්වාත් ඔහුට කිසිම විස්තරයක් නම් හොයාගන්න ලැබෙන්නේ නැහැ. කොහොම හරි මේ නිසාම මොහු ලොස් ඇන්ජලිස් වලින් ඇත් වෙලා දුර පලාතක සේවයට යනවා. ඔහු ඇයි මෙහෙම දුර පලාතක සේවයට යන්නේ කියන උත්තරය ඔබ චිත්‍ර‍පටිය නරඔලාම දැනගන්න එක තමයි වටින්නේ… කොහොම හරි වෙන පරික්ෂන වැඩකට අවුරුදු ගානකට පස්සේ ඔහු නැවත ලොස් ඇන්ජලිස් වලට එනවා. එහෙම ආවම තමයි දැනගන්නේ ඔහු කාලේකට කලින් අල්ලන්න උත්සහා කරපු මිනිමරුවා හා සමාන ලෙසම ගැණු ළමයෙක්ව ඊට පෙර දින රාත්‍රියේ ඝාතනය කරලා තියනවා කියලා. ඒ පරික්ෂණය මෙහෙය වන්නේ ජිම් බැක්ස්ටර් (Rami Malek) කියන පරික්ෂකවරයා.. කොහොමහරි ඩේක් හිතාගන්නවා තමන් තනියම හරි මේ පාර මේ මිනිමරුවාව අල්ලගන්නවා කියලා. මේකට ජිම් බැක්ස්ටර්ත් පවා ඩේක් එක්ක එකතු වෙනවා. මොවුන්ට සැකකටයුතු පුද්ගලයෙකුත් මුණ ගැහෙනවා.. මේ දෙන්නාම ඔහු පස්සේ පන්නන්න ගන්නවා. ඉතින් මේ චිත්‍ර‍පටියේ අවසානය මොකක් වේවිද? සමහර ජිවිතේ පොඩි පොඩි සිදුවිම් වෙනවා අපේ මුළු ජිවිතේම වෙනස් කරන.. ඩේක්ට ඒ වගේ සිදුවිමක් උනා..වසර ගානකට කලින්.. ඒ සිදුවිම මොකක් වෙන්න පුලුවන්ද? ඇත්තම දාම ඝාතකයා කොටු වේවිද? අවසානයේ චිත්‍ර‍පටිය නොසිතු වගේම ප්‍ර‍ශ්නාත්මක තැනකට අරන් යාවි.. ඒ ප්‍ර‍ශ්නාර්ථය හා උත්තරය විසදිම ඔබට බාර කරමින් සමුගන්නවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් හා එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “The Little Things (2021) සිංහල උපසිරැසි” The.Little.Things.(2021).Sinhala.Subtitle.rar – Downloaded 7710 times – 948 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දුලාජ් අභයවර්ධන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. Bohoma sthuthi saho sub ekata.mama asama wargaye film ekak.obage siyaluma katauthu sarthaka wemata suba pathanawa

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram