spot_img
spot_img

The Man in the White Van (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Man in the White Van (2024) Sinhala Subtitle

1974 අවුරුද්දේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හර්නන්ඩෝ ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිදුවීම් පදනම් කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටියක සිංහල උපසිරැසි තමයි මේ අරගෙන ආවේ. The Man in the White Van (2024) චිත්‍රපටිය. ඇත්තටම මේක මුලින්ම ප්‍රදර්ශනය කලේ Newport Beach Film Festivalහිදී. ඒ 2023 අවුරුද්දේ. හැබැයි චිත්‍රපටිය ප්‍රදර්ශණයට එකතු කලේ 2024 දෙසැම්බර් 13. ඒ නිසා මම වැඩියෙන්ම කැමතියි මේක 2024 අවුරුද්දේ චිත්‍රපටියක් කියලා හඳුන්වන්න.

1974 හැලොවීන් සමයේදී ඇනීට අමුතු විදියේ අත්දැකීමකට මුහණ දෙන්න වෙනවා. ඒ සුදු පැහැති වෑන් රථයක් ඇය‍ගේ පසුපසින් පැමිණීම. මේ ගැන දෙමාපියන්ට සහ සහෝදරියට පැවසුවත්, සාමාන්‍යයෙන් ඇනී නිතරම දේවල් වැඩි කරලා පවසන නිසා, වෑන් රථය ගැන වැඩි තැකීමක් කරන්නේ නෑ. ඒත් මේක ඇත්ත තර්ජණයක්ද? නැත්නම් ඇනී ඇත්තටම මේ සිතින් මවාගත්ත දෙයක්ද? මේක තමයි කතාව. වැඩි විස්තර දැනගන්න, මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා.

Warren Skeels තමයි මේක අධ්‍යක්ෂණය කලේ. රඟපෑමෙන් දායක වෙනවා Madison Wolfe (ඇනී), Brec Bassinger (මාග්‍රට්), Skai Jackson (පැටී), Noah Lomax (මාර්ක්) ඇතුළු පිරිසක්. Web ratings ගැනත් මතක් කලොත්, මේ ලිපිය ලියන මොහොතේදී, IMDb 5.8, Rotten Tomatoes 59%, Google Users 87% ලබාගෙන තිබ්බා.

තව දෙයක් කියන්න ඕනේ. අපේ සංස්කෘතියේ තරුණයන් සිප ගැනීම ගැන පවතින්නේ වෙනස් මතයක්නේ. මේ චිත්‍රපටියත් තරුණයන්ගේ චිත්‍රපටියක් නිසා ඒ වගේ සිපගැනීම් කීපයක් දකින්න පුළුවන්. දැනගෙන බලන්න.

එහෙනම්, හැමෝම මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රසවිඳියි කියලා බලාපොරොත්තු වෙනවා. ජයවේවා!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ 133x වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “The Man in the White Van (2023) සිංහල උපසිරැසි” The.Man.in.the.White.Van.(2023).Sinhala.Subtitle.rar – Downloaded 910 times – 504 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. ස්තූතියි නිලූෂ සහෝ මේකට සිංහල සබ් දුන්නට…..
    ජයවේවා…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram