today-is-a-good-day
More

    The Mummy (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ආපහු සුපිරිම චිත්‍රපටයකට උපසිරසක් අරගෙන ආවා.. The Mummy 2017.. ගොඩක් අය එනකන් ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක්. මෙය ඇත්තටම ඉතා ජනප්‍රිය චිත්‍රපට මාලාවක ප්‍රති නිර්මාණයක්. 1999, 2001, 2008 වල තමයි පැරණි චිත්‍රපට තිරගත වුනේ.. පෞද්ගලිකව මම නම් පොඩිකාලේ ඉඳන් තාමත් ගොඩක් ආසාවෙ බලපු බලන චිත්‍රපට මාලාවක්. 105 වෙනි උපසිරස විදියට තමයි මෙහි උපසිරස නිර්මාණය කරන්න මට ලැබුණේ..

    IMDB අගය 5.7ක්. ඊට වඩා හොද රේටින් එකක් අනිවාරෙන්ම මෙයට ලැබිය යුතුයි. ඒත් ගොඩක් අය බලාපොරොත්තු වෙන්න ඇත්තෙ කලින් චිත්‍රපට වල වගේම කතාවක් ගොඩක් අයගේ රස වින්දනය දැන් සංකීර්ණ වෙලානේ.. මමී චිත්‍රපට මාලාව විහිළු තිබෙන ක්‍රියාදාම තිබෙන අභි රහස් තියෙන චිත්‍රපට මාලාවක්. මේකෙදිත් අපිට ඒ හාස්ත්‍ය ගතිය එහෙම දැකගන්න ලැබෙනවා. ප්‍රධාන නළුවා ටොම් කෲස්. මිනිහගේ මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාව ගැන අමුතුවෙන් කියන්න වුවමනා නෑනේ. මේකෙදිත් ඔහු විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා.. පොඩි කාලේ මමී චිත්‍රපට බලලා ලබාගත්ත වින්දනය මට නම් මේක බලලා ඒ විදියට ලබාගන්න පුළුවන් වුනා. ඕනවට වැඩිය සංකීරණත් නැති සරලත් නැති කුතුහලය තියන නොහිතන දේවල් සිද්දවෙන හොඳ චිත්‍රපටයක් විදියටයි මම නම් මේක දකින්නේ.

    කතාවට පාදක වෙන්නේ ඊජිප්තු මමියකට නැවත පණ ඇවිත් මිනිස් වර්ගයා වනසන්න ගන්න උත්සාහය ගැන. ඊජිප්තුව ගැන මමී ගැන අපි ගොඩක් කතා අහලා කියවලා තියනවනේ.ඔවුන් විශාල පිරමීඩ ඉදිකර ආකාරය, එයට සුදුසු බිමක් සොයාගත් ආකාරය, එය තුලට ස්වභාවික අලෝකය අරගෙන තිබෙන ආකාර ඔවුන්ට කෙතරම් දියුණු ඉංජිනේරු ශිල්ප හැකියාවක් තිබුණේද යන්නට හොඳ නිදසුනක්. අද වගේ දියුණු තාක්ෂයක් නැති කාලයක ඔවුන්ගේ එම නිර්මාණ සිදු කල ආකාරය අදටත් අභි රහසක්. ඔවුන් පැරණි රජවරුන්ගේ රැජිනියන්ගේ ශරීර මමී බවට පත් කර තිබෙනවා එය ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාව ගැන අදහසක් ගන්න පුළුවන් දෙයක්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ

     

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිසල් ලක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram