spot_img

The New Mutants (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

රහසිගත ස්ථානයක රඳවා සිටින සුපිරි බල ඇති නව යොවුන් වියේ පසුවන්නන් පිරිසක් වටා දිගහැරෙන මෙම චිත්‍රපටිය Marvel සහ 20th Century Studios ලගේ නිර්මාණයකි. මෙය X-men චිත්‍රපට මාලාවේ දහතුන්වන සහ අවසාන අනු චිත්‍රපටයයි. මෙහි අධ්‍යක්ෂණය ජොෂ් බූන්ගේ වන අතර තිර පිටපත ලියා තිබෙන්නේ නට් ලී සමග එකතුවයි. The Fault in Our Stars (2014) වැනි ඉහළ ජනතා ප්‍රසාදයක් හිමි කරගැනීමට සමත් වූ හැඟුම්බර චිත්‍රපටයද අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ජොෂ් බූන් විසිනි. කවුරුත් දන්න අතිශය ජනප්‍රිය මයිසි විලියම්ස් සුපිරි වීර බලැති චරිතයකට මෙහි රංගනයෙන් පණ පොවනවා. ආන්‍ය ටේලර් ජෝයි, චාලි හීටන්, ඇලිස් බ්‍රාගා, බ්ලූ හන්ට් සහ හෙන්රි සාගා යන නළු නිළියන්ද මේ අතරම සිය රංගනයෙන් දායක වේ.

දැනට නිකුත් වී තිබෙන X-men චිත්‍රපට මාලා ටික මෙලෙසයි

1. X-men – ජූලි 14, 2000

2. X2 – මැයි 2, 2003

3. X-men: The Last Stand – මැයි 26, 2006

4. X-men Origins: Wolverine – මැයි 1, 2009

5. X-men: First Class – ජුනි 3, 2011

6. The Wolverine – ජූලි 26, 2013

7. X-men: Days of Future Past – මැයි 23, 2014

8. Deadpool – පෙබරවාරි 12, 2016

9. X-Men: Apocalypse – මැයි 27, 2016

10. Logan – මාර්තු 3, 2017

11. Deadpool 2 – මැයි 18, 2018

12. Dark Phoenix – ජුනි 7, 2019

13. The New Mutants – අගෝස්තු 28, 2020

මෙන්න The New Mutants චිත්‍රපටියේ වීරයින් 5 දෙනාගේ බලයන් ටික,

1. රේසි සින්ක්ලෙයාර් ලෙස මයිසි විලියම්ස්.

වෘකයෙකු බවට පත්විය හැකි ස්කොට්ලන්ත ජාතික විපරිතයෙකි. මැයගේ ආගමට ඇති ඇල්ම හේතුවෙන් තමන්ගේ මෙම බලය යටහත් පහත් කරගෙන සිටීමට ඇය නිතර උත්සහා දරයි.

2. ඉලියානා රස්පුටින් ලෙස ආන්‍යා ටේලර් ජෝයි.

මන්තර ගුරුකම් සහිත බලයක් තිබෙනා රුසියානු ජාතික විපරිතයෙකි. මැයට ගමන් කිරීමට ටෙලිපෝටේෂන් තැටි භාවිතා කළ හැකිය. ඉලියානා යනු කොලොසස්ගේ සහෝදරිය වන අතර කොලොසස් යනු මීට පෙර X-men චිත්‍රපටවල සිට තිබෙන X-men හී සමාජිකයෙකි. මේ අතරම ඉලියානාට දම් පැහැති කුඩා මකර සගයෙකුද සිටී.

3. සැමුවෙල් ”සෑම්”ගුත්‍රි ලෙස චාලි හීටන්.

ගුවනේ පාවෙමින් කිසිඳු හානියකින් තොරව ගමන් කළහැකි ඇමරිකානු ජාතික විපරිතයෙකි.

4. ඩැනියෙල් ”ඩැනි” මූන්ස්ටාර් ලෙස බ්ලූ හන්ට්.

අන් අයගේ බිය හා ආශාවන් මත පදනම්ව මිත්‍යාවන් නිර්මාණය කළ හැකි ස්වදේශික ඇමරිකානු ජාතික විපරිතයෙක්. විපරිතයන්ගෙන් අතිශය භයානකතම වෙන්නේ මැයයි.

5. රොබර්ටෝ ”බෝබී” ඩා කොස්ටා ලෙස හෙන්රි සාගා.

සූර්ය ශක්තිය හැසිරවිය හැකි බ්‍රසීල ජාතික විපරිතයෙක්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

UD shehan
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram