today-is-a-good-day
More

    The Pale Blue Eye (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    The Pale Blue Eye (2022) Sinhala Subtitle

     

    1830 ඔක්තෝබර් මාසයේ දී, ඇමරිකාවේ වෙස්ට් පොයින්ට් හමුදා පාසලේ සිදුවෙනවා, අභිරහස් මරණයක්. ලෙරෝයි ෆ්‍රයි නැමැති ශිෂ්‍යභටයා, එක් උදෑසනකදී හමුවෙනවා, හමුදා පාසලේ කඳවුරෙන් එලියේ ගසක එල්ලිලා මැරිලා ඉන්නවා. මේක අභිරහස් මරණයක් වුනේ, ලෙරෝයි ෆ්‍රයි ගේ හදවත නොතිබීම. කවුද මේ ඝාතනය කලේ? ඇයි මේ වගේ සාතන්ගේ ක්‍රියාවක් කලේ? මේක ගැන විමර්ෂණය කරන්න, මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච, හිටපු ‍රහස් පරීක්‍ෂකයෙක්ව යොදවනවා. ඒ ඔගස්ටස් ලැන්ඩෝර්. මෙයාට පුළුවන් වේවිද මේ අභිරහස විසඳන්න???

    මේ The Pale Blue Eye (2022) චිත්‍රපටියේ කතාවේ ආරම්භය. වෙනස් විදියේ ‍තේමාවක් පදනම් කරගෙන නිර්මාණය වෙච්ච චිත්‍රපටියක්. කතාවට පසුබිම් වෙන්නේ 1830 අවුරුද්ද නිසා, එක විදියක පැරණි ගතියක් චිත්‍රපටියේ තියෙනවා. කතාබහ අපි ලියන භාෂාවෙන් තියෙන්නේ. උපමා උපමේය යොදාගෙන, බර වචන භාවිතයෙන් කතා කරන්නේ. ඒ හැමදේම සිංහලෙන් ලිව්වොත්, තේරුම් ගන්න වෙනම ශබ්ධ කෝෂයක් ඕන වෙන නිසා, ගොඩාක් වචන සරල සිංහලෙන් ලිව්වා. සමහර උපමා, ඒ විදියටම ලිව්වේ, කතාවේ හරි රසය අරගන්න ඕන නිසා. ආරම්භය තරමක් කම්මැලි චිත්‍රපටියක්. හැබැයි, දිගටම බලාගෙන ගියොත්, හොඳ රසවින්ඳනයක් අරගන්න පුළුවන්.

    ඇමරිකාවේ නවකතාකරු Louis Bayard විසින් 2003 අවුරුද්දේ ලියපු The Pale Blue Eye නවකතාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වුනේ. Scott Cooper විසින් තිරරචනය කරලා, අධ්‍යක්‍ෂණය කරලා තියෙනවා. ගොඩාක් හොඳ චිත්‍රපටි එන්නේ Netflix හරහානේ. මේකත් එහෙමයි. රඟපෑමෙන් දායක වෙනවා, Christian Bale (ලැන්ඩෝර්), Harry Melling (එඩ්ගාර් පෝ), Lucy Boynton (ලියා), Toby Jones (දොස්තර) ඇතුළු පිරිසක්.

    Web ratings ගැනත් පොඩ්ඩක් මතක් කරන්නම්. මේ ලිපිය ලියන මොහොතේ, IMDB 6.6, Rotten Tomatoes 63%, Metacritic 56%, Google Users 91% මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.

    එහෙනම්, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රසවිඳලා, හොඳ නරක, ගුණ දොස්, ගල් මල් අපිට එවන්න, මෙතනින් කියන්න. ඒක අපේ උපසිරැසි වල ගුණාත්මක බව වැඩි කරගන්න උදව්වක් වේවි. ජයවේවා!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Pale Blue Eye (2022) සිංහල උපසිරැසි” The.Pale.Blue.Eye.(2022).Sinhala.Subtitle.rar – Downloaded 5147 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. නියමයි ලොක්කා
      මේ වගේ පැරනි තාලේ අබිරහස් කතා පට්ටයි
      මේ ටයිප් එකේ පරන ෆිල්ම් තියේ නම් දෙන්න

    2. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Leave a Reply to Amila Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram