today-is-a-good-day
More

    The Princess Switch Switched Again (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    The Princess Switch: Switched Again (2020) මේ කතා මාලාවේ දෙවෙනි එක. මේ අවුරුද්දේ නිකුත් කෙරුණු ලස්සනම ලස්සන නත්තල් චිත්‍රපටියක්. නත්තල වෙනුවෙන් ඔයාලාට ගෙනාවේ.

    මේ නත්තල් කතාවත්, පළවෙනි කතාව වගේම නත්තල විතරක් යොදාගත්ත ක්‍රිස්තියානි කතාවක් නෙමෙයි. ළමා මනසට ගැලපෙන විදියට, තරුණ පරපුරට කතා කරන චිත්‍රපටියක්. මේකත් ලියලා තියෙන්නේ Robin Bernheim සහ Megan Metzger දෙදෙනා එකතුවෙලා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mike Rohl. පළවෙනි කතාව අධ්‍යක්ෂණය කරපු කෙනාමයි. ඒ නිසා ඒ විදියටම මේක ලස්සනයි. මේකේ රගපෑමට කලින් යොදාගත්ත නළු නිලියන්ම යොදාගත්ත නිසා, තවත් ලස්සනයි. කලින් ද්විත්ව චරිත කල Vanessa Hudgens මේ පාර ත්‍රිත්ව චරිතයක් නිරූපණය කරනවා. ඇය සමග Sam Palladio, Nick Sagar සහ Suanne Braun රගපෑමෙන් එක්වෙනවා.

    මේ චිත්‍රපටියේ ratings බැලුවොත් , IMDB 5.3, Rotten Tomatoes 64%, Google users 91% අගයන් තමයි අරගෙන තියෙන්නේ. මේ චිත්‍රපටියේ කතාවෙත් කලින් වගේම මාග්‍රට් සහ ස්ටේසි දෙන්නා තමන්ගේ ස්ථාන මාරු කර ගැනීම තමයි ප්‍රධාන සිද්ධිය. හැබැයි මේකට තව කෙනෙක් එකතු වෙනවා. කවුද කියලා බලාගන්න චිත්‍රපටියෙන්. කලින් කතාව ඉවර වෙලා, ස්ටේසි සහ එඩ්වඩ් විවාහවෙනවානේ. ඊටපස්සේ මාග්‍රට්, කෙවින් එක්ක එකතු වෙන්න ගියත්, ඒ දෙන්නාගේ ආදර කතාව ඉක්මනින් කෙලවර වෙලා. දැන් ඒක ආයෙත් ගොඩනගන්න ස්ටේසි සහ ඔලිවියා එකතු වෙලා දියත් කරන වැඩපිළිවෙල තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. ඉතිං මේ වැඩේ සාර්ථක වෙන ප්‍රමාණය දැනගන්න, චිත්‍රපටිය ඉවර වෙනකල්ම බලන්න වෙනවා. සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න… ජයවේවා!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “The Princess Switch 2 (2020)සිංහල උපසිරැසි” The.Princess.Switch.Switched.Again.(2020).Sinhala.Subtitle.rar – Downloaded 1209 times – 903 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram