today-is-a-good-day
More

    The Sea Beast (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    The Sea Beast (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන animation චිත්‍රපටියක්. මේකත් නිකුත්කෙරුනේ Netflix ආයතනයෙන්. ඒ නිසාමදෝ, මේකට ලොකු ජනප්‍රියතාවයක් ලැබුනා. රේටිං ගැන බැලුවාම, මේ ලිපිය ලියන මොහොතේදී, IMDB 7.1, RottenTomatoes 95%, Metacritic 74%, Google Users 92% කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. සෑහෙන ලොකු ප්‍රේක්‍ෂක ආකර්ෂණයක්.

    ඒ වගේමයි, මේ චිත්‍රපටියේ තිර රචනය. කරලා තියෙන්නේ Chris Williams සහ Nell Benjamin. ඔවුන් දෙදෙනා, මේ චිත්‍රපටිය සෑහෙන දුරට තාත්වික කරන්න උත්සාහ කරලා තියෙනවා. විශේෂයෙන් දෙබස්. නැවක පාවිච්චි වෙන වචන, වාක්‍යය ඒ විදියටම පාවිච්චි කරලා තියෙනවා. අවාසනාවට, ඒවා වලට සිංහල යෙදුම් නෑ. ඒ නිසා ඉංග්‍රීසි භාෂාවෙන් ඇහුවොත්, ඒක හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. අනික, මේ කතාව රජ කාලය හා සම්බන්ධ එකක්. ඒ කාලයේ නාවික ගමනාගමනය කලේ, පැරණි සිතියම්, මිනුම් උපකරන භාවිතයෙන්. ඒවා මේ චිත්‍රපටිය පුරාවටම දකින්න පුළුවන්.

    Chris Williams විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය, නිෂ්පාදනය කලේ Netflix Animation සහ Sony Pictures Imageworks එකතුවෙන්. කටහඩ ලබාදීමෙන් දායක වෙනවා, Karl Urban (ජේකොබ් හෝලන්ඩ්), Zaris-Angel (මේසී බ්‍රම්බල්), Jared Harris (කපිතාන් ක්‍රෝ), Marianne Jean-Baptiste (සාරා ෂාප්) ඇතුළු පිරිසක්.

    කතාව ගැන කෙටියෙන් කියනවා නම්, රජ කාලේ මුහුදේ විශාල ප්‍රමාණයේ මුහුදු ජීවින් ඉඳලා තියෙනවා. ඒ සත්තුන් රාක්ෂයන් විදියට තමයි මිනිස්සු හඳුන්වලා තියෙන්නේ. ඒකට හේතුව, ඒ රාජධානියේ හිටපු දඩයක්කාරයන්. ඔවුන් ගැන ලියවුනු පොත් වල තියෙන්නේ එහෙම. මේ දඩයක්කාරයන් අතරින්, කපිතාන් ක්‍රෝ තමයි දක්ෂම. ඔහු සමඟ ජේකොබ් සිටින නිසා, තවත් කණ්ඩායම ශක්තිමත් වෙලා තියෙනවා. මුහුදු රාක්ෂයන් අතරින් විශාලම එකා තමයි රතු පුරාජේරුවා කියන්නේ. ඌව අල්ලා ගන්න එක තමයි, කපිතාන්ගේ එකම අරමුණ. මේ අරමුණ කරා යන ගමන තමයි මේ කතාවේ තියෙන්නේ. ලස්සන, සංවේදී කතාවක්. මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රසවිඳින්න!! ජයවේවා!!!

     

    (ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Sea Beast (2022) සිංහල උපසිරැසි” The.Sea.Beast.(2022).Sinhala.Subtitle.rar – Downloaded 2970 times – 712 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram