today-is-a-good-day
More

    The Silencing (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ආයූබෝවන් හැමෝටම කොහොමද ඉතිං…මං අද ගෙනාවා උණු උණුවෙන්ම නිකුත් උන අලුත්ම චිත්‍ර‍පටියක්..ඊට කලින් කියන්න ඕන මීට දින කිහිපයකට කලින් වසර නමයකටත් වැඩිය පැරණි ගොඩක් අය දන්න කියන අපේ zoom.lk අපේ මුල් අඩවිය අපිට නැති උනා.. හේතුව ඔයාලා දන්නවා ඇති…ඒත් සතියක් යන්න කලියෙන් මෙන්න අපි ආයෙමත් ආවා. එහෙම උනාම යටි හිතින් සතුටු උන වගේම ඇත්තටම උදව් කරපු අයත් අපිට හිටියා …අත් දැකීමෙන් කියන්නේ.. කොහොමත් අපේ සබ් දෙන්න 100ක දේසියක උපසිරැසි මඩුල්ලක් නෑ.. ඒත් අපිට පුලුවන් විදිහට අපි බලන රස විදින ගොඩක් චිත්‍රපට ඔයාලට සමීප කරනවා..ඒකට ඔයාලා අපිට ස්තුතියි කරලා විතරක් මදි මොකද අපේ දර්ශන ලොක්කා තව සුපුන් (කෙනමා) ප්‍රමා (ගෑනූ පිරිමි මල් පලතුරු) මගේ ප්‍රෙන් රවියා සහ නවීන් තව අපේ පෝස්ටර් බෝයි මට නම මතක නෑ.. ගොඩක් අය මේක පිටිපස්සේ ඉන්නවා… ඒ නිසා ඔන්න අපි ආපහු නැගිටලා තියෙනවා…ඔයාලට කරන්න තියෙන්නේ එක දෙයයි මගේ නෙමෙයි කාගේ හරි උපසිරසක් පල උනොත් පුංචි කමෙන්ටුවක් විතරක් තියලා යන්න.. මොකද අපිත් ලයික් කමෙට් වලට ආසයි නොවෑ.. හරි අලුත් අඩවිය ගැන අදහසකුත් කියන්ම්…පුංචි පුංචි අඩුපාඩු තියෙන්න පුලුවන් ඒත් වැඩිය ගනන් ගන්න ඒපා…කතාව පැත්තට යමු.

    2020 නිකුත් උන ඇමරිකන් කැනඩියන් චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ.. Robin Pront අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත කරන්නේ Nikolaj Coster-Waldau හා Anaballa Wallis විසින්…කොරෝනා වසංගතය නිසා කෙලින්ම මේ චිත්‍ර‍පටියත් ඩිජිටල් මාධ්‍යට නිකුත් කලා පහු ගිය ජුලි 17 වැනිදා. චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් පැහැරගැනීමට ලක්වුන තම දියණිය සොයමින් වෙහෙසෙන වනජීවි අභයභුමියක හුදෙකලාව ජීවත් වෙන දඩයක්කරුවෙක්. එක්වරම අභයභූමිය තුල සිදුවන කාන්තා ඝාතනයකින් මතුවන තවත් අත්භූත දඩයක්කරුවෙක්. හැබැයි ඔහු දඩයම් කරන්නෙ ගැහැණු ළමයින්. තම පවුලට සිදුවුන විපැත්තියත් සමග දඩයම් කිරීමෙන් වැලකී තමන්ගෙ දියණිය සොයමින් අභයභූමිය තුල හුදෙකලාව ජීවිතයක් ගතකරනව. පසුව අභයභූමිය තුල සිදුවන හදුනානොගත් කාන්තා ඝාතනය සමග මතුවන අත්භූත මිනීමැරුවෙකු තවත් කාන්තා ඝාතනයක් සිදුකිරීමට යද්දි Rayburn කැලෑව තුල සවිකර ඇති කැමරා වලට හසුවෙනව. ඔහු මේ අත්භූත දඩයක්කරුවගෙ පසුපස හබායන අතර ඔහුට විශේෂිත පැරණි ආයුධයකින් මේ දඩයම්කරුව පහර දෙනව. පසුව එයින් නොනැවතුණ Rayburn අර කාන්තාව බේරාගැනීමට ලොකු උත්සහයක නිරතවනවා. ඒ උත්සහාය හා මේ මිනිමරුවා කවුද කියලා බලාගැනිමට ඔබට චිත්‍ර‍පටිය නැරඔිමට බාරයි.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “The Silencing (2020) සිංහල උපසිරැසි” The.Silencing.2020.Sinhala.Subtitle.srt – Downloaded 3797 times – 82 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අබිෂ් ධනංජය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    43 COMMENTS

      • තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට. දැන්නම් පට්ට ඈ…. සූම් එක අලුත් වෙලා 😍😍 නියමයි , ජය වේවා. 🙏🙏🙏 දිගටම යමු.

    1. උපසිරැසි ගැන්වීමට ස්‍තූතියි..
      ජයෙන් ජයම වේවා!❤️👌👍😀

    2. සූම් එකෙ සබ් quality . හැමදේටම සුභපැතුම් ❤️❤️
      සිංහල උපසිරසියට බොහොම ස්තුතියි !!

    3. ඔයාලට තව තවත් ඉදිරියටම යන්න ශක්තිය දයිර්‍යය ලැබේවා !

    4. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
      …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    5. ඔයාලට තව තවත් ඉදිරියටම යන්න ශක්තිය දයිර්‍යය ලැබේවා !

    6. උපසිරසියට ස්තුතියි.අලුත් සයිට් එකේ කිසිම අවුලක් නෑ

    7. ස්තුතියි ධනා අපිත් මුල ඉදන්ම Zoom එක්ක තමා හිටියෙ. මම හිතුව උපසිරස පිටුව නැවැත්තුව කියල. ඉස්සල්ලම උපසිරස තියනවද බලන්නෙ Zoom එකේ තමා මේකෙ නැත්තන් වෙන එවගෙ බලනව…

    Leave a Reply to nilankakun Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram