spot_img
spot_img

The Son Of Bigfoot (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ලොකු පොඩි කවුරුත් ආසාවෙන් බලන ත්‍රිමාණ සජීවීකරණ එහෙමත් නැත්තං දන්න සිංහලෙන් කිව්වොත් ඇනිමේෂන් චිත්‍රපටියක් තමයි මං අරගෙන ආවේ. නිවාඩු පාඩුවෙ ගෙදර දරුවොත් එක්ක, පවුලෙ අයත් එක්ක එකතු වෙලා බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටියක් තමයි මේ.

හරි චිත්‍රපටියෙ තරය පිටුපස කතාව පොඩ්ඩක් කියල ඉන්නම්කො මුලින්ම. ඇමරිකන් ඩොලර් මිලියන 30 ක බරපැනක් දරමින් මේ චිත්‍රපටිය හදල තියෙන්නෙ ප්‍රංශ හා බෙල්ජියම් සිනාමාකරුවන් කිහිපදෙනෙක් එකතු වෙලා. ඒ කියන්නෙ මේක ප්‍රංශ – බෙල්ජියම් චිත්‍රපටියක්. මේ ලස්සන කතාව මිනිත්තු 92 ක් පුරා දිව යනවා. ගොඩක් අය චිත්‍රපටියක් බලන්න කලිං ඉස්සෙල්ලම බලන්නෙ ඒ චිත්‍රපටියට ලැබිල තියන රේටින්ග්ස් ගැනන නේ…IMDb දර්ශකයේ ප්‍රේක්ෂක මනාපය 6.2/10 ලැබිලා තියවනවා.ඒ වගේම කුණු තක්කාලියෙ 77%කුත් ගූගල් පරිශීලක මනාපය 88%කුත් මේ සඳහා හිමි වෙලා තියනවා.

කතාව ගැන ටිකක් කිව්වොත් ඉන්නවා ඇඩම් කියල අහිංසක කොළුවෙක්. මිනිහට ඉස්කෝලෙ ඉන්න චන්ඩි බන්ඩින්ගෙන් හරි වදේ.හැම වෙලාවෙම එයාව කොලොප්පමට ගන්නවා. විශේෂයෙන්ම එයා වැඩියෙන්ම වෛර කරන එයාගෙ කොණ්ඩෙත් එක්ක. දවසක් ඉස්කෝලෙ දි චන්ඩි බන්ඩි ටෝනි ඇඩම්ගෙ කොණ්ඩෙ චුයින්ගම් අලනවනවා. ඉතිං ගෙදර ආවට පස්සෙ ඇඩම්ගෙ අම්මා ඇඩම්ගෙ කොණ්ඩෙ කපනවා. ඉතිං ඊට පස්සෙ එදා රෑ ඇඩම් නින්දට යනවා. පහුවදා උදේ නැගිටිනකොට ඇඩම්ට අදහ ගන්නවත් බැරි දෙයක් එයාට සිද්ධ වෙලා. ඊයෙ කපපු කොණ්ඩෙ ආයෙත් තිබ්බ ගානටම වැවිලා. ඔච්චරයි මම කියන්නෙ. කතාව නම් මීට වඩා ගොඩක් වෙනස්. කවුද ඇඩම්… එයාට මොනවද වෙන්නෙ…බිග්ෆුට් කියන්නෙ කවුද? ආදරය, කරුණාව, දරු සෙනෙහස, නොපසුබට උත්සහය, හාස්‍ය, උපහාසය, ත්‍රාසය පිරි මේ ලස්සන නිර්මාණය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරමින් සමුගන්නයි මේ සූදානම..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

 

Download “The Son Of Bigfoot (2017) සිංහල උපසිරැසි” The.Son.Of.Bigfoot.2017.Sinhala.Subtitle.rar – Downloaded 432 times – 40 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram