spot_img

The Texas Chainsaw Massacre (2003) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේකට මම උපසිරැසි ලබාදෙන්න හිතුවේ, මෙම චිත්‍රපටියේ නවතම චිත්‍රපටිය Texas ChainSaw 3D චිත්‍රපටිය, මේ වන විටත් අති සාර්ථකව ලොව පුරා තිරගත වීමයි! ඒකෙත් හොද කොපියක් ආවාම, මම නැත්තම් වෙන කවුරුහරි සිංහල උපසිරැසි ඔයාලට තිළිණ කරයි! අද මම ලබාදෙන්නේ The Texas Chainsaw Massacre චිත්‍රපටියේ සිංහල උපසිරැසියි. ඒ කියන්නේ, මේ චිත්‍රපටි කතාමාලාවේ පළවෙනි චිත්‍රපටියයි! මේකට පාදක වෙලා තියෙන්නේ 1970 කාලයේ සිද්ධ වුන සත්‍ය කතාවක්! එහෙනම් අපි මෙම චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කතා කරලා බලමු!

තරුණ පිරිසක් ගමනක් යද්දී, අහම්බෙන් වගේ කෙල්ලෙක් වාහනයට හැප්පෙන්න යනවා! ඒ ළමයාව වාහනයට නග්ග ගත්තාට පස්සේ, එයා එයාටම වෙඩි තියාගන්නවා! ඊට පස්සේ මෙයාලට මුහුණ දෙන්න වෙන්නේ හීනයකින්වත් හිතන්නේ නැති දේකට! තව කිව්වොත්, බලන්න දෙයක් නැතිවෙනවා! මොකද, මේක ටිකක් සරල කතාවක්! ඒ වගේම, මේක පැය 1/30ක් විතර දිවයනවා! Jessica Biel තමා ප්‍රධාන චරිතයට පණ පොවන්නේ! ඒ වගේම, මේක අපි කවුරුත් දන්න Michael Bay විසින් නිෂ්පාදනය කළ ශ්‍රේෂ්ඨ චිත්‍රපටියක්! ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනා! Michael Bay මෙවැනි සත්‍ය කතා ඇසුරෙන් නිපදවූ කතා රැසක් නිෂ්පාදනය කර තිබෙනවා! එහෙනම් මේක රසවිදින්න කියලා ඉල්ලනවා! මගේ පළවෙනි තනියෙන් කරපු චිත්‍රපටිය නිසා, ඔබලාගේ වටිනා අදහස් හා යෝජනා හැකිනම් පළකර යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා! කට්ටියටම සුභම සුභ දවසක් වේවා! මාව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම් පහත දැක්වෙන ලින්කුව භාවිතා කරන්න!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඩිලාන් මේනක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram