spot_img

The Vanishing (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Drama, Mystery, Thriller කියන වර්ගීකණයට අයත් The Vanishing චිත්‍රපටය Kristoffer Nyholmගේ අධ්‍යක්ෂණයක්. IMDB දර්ශක අගය 6.0/10ක් ලෙසින් සටහන් කරගත් මේ චිත්‍රපටයට ජෙරාඩ් බට්ලර්, පීටර් මුලන් ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා.

ස්කො‍ට්ලන්තයේ වෙරළබඩ තීරයට එපිටින් පිහිටි දූපතකදී ප්‍රදීපාගාර සේවකයින් තිදෙනෙකු අභිරහස් ලෙස අතුරුදහන් වීමේ සත්‍ය සිදුවීමක් පාදක කොටගෙනයි මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ. තමන්ගේ සති 6ක සේවා මුරය සඳහා පොඩි දූපතක පිහිටි ප්‍රදීපාගාරය වෙත යන ජේම්ස්, තෝමස්, ඩොනල්ඩ් තිදෙනො දූපත අසල බෑවුමකට ගොඩ ගසා තිබෙන විශාල ප්‍රමාණයේ ලී පෙට්ටියක් සොයා ගන්නවා. එම පෙට්ටියේ තිබුනේ මොනවාද, ඔවුන් එම පෙට්ටිය ගන්න ගිහින් මුහුණ දුන් අකරතැබ්බය මොකක්ද කියලා චිත්‍රපටය නරඹන ඔබට දකින්නට පුලුවන් වේවි.

ඔවුන්ට අහම්බෙන් හම්බ වෙන ඒ පෙට්ටියේ නියම හිමිකරුවන් එම පෙට්ටිය සොයා පැමිණීමෙන් අනතුරුව තමයි සාමකාමීව තිබූ ඔවුන් තිදෙනාගේ ජීවිතයම කණපිට හැරෙන්නේ. ර් තරම් දෙයක් වෙන්න තරම් පෙට්ටියේ තිබුනෙ මොනවාද, එහි නියම හිමිකරුවන් කවුද? යන වගත් ඔවුන් එම පෙට්ටිය සොයා දූපතට පැමීනීමත් සමග ජේම්ස්, තෝමස්, ඩොනල්ඩ් තිදෙනාගේ ජීවිතය මොන වගේ අතකට පෙරලේවිද කියලාත් මෙම චිත්‍රපටය අවසාන වන තෙක් නරඹන ඔබට දැනගන්න පුලුවන්. ඒ වගේම මෙම චිත්‍රපටයෙන් ලොකු ආදර්ශයකුත් ගන්න පුලුවන් කියලයි අවසානයේදි මට හිතුනේ. බලන්න ඔබටත් එහෙම හිතේවි. එහෙනම් තවත් චිත්‍රපටයක් සමගින් හමුවෙන බලාපොරොත්තු මම සමුගන්නවා. සුභ දවසක්!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ගයාන් ගමගේ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram