today-is-a-good-day
More

    The Zoya Factor (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔබත් ක්‍රිකට් ෆෑන් කෙනෙක්ද? එකක් මග නොහැර ක්‍රිකට් තරඟ නරඹන ක්‍රිකට් පිස්සෙක්ද? එහෙනම් ඔබට ක්‍රිකට් තරඟයක් ජයගන්න කණ්ඩායමක් දරණ වෙහෙස ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. ඔවුන් කණ්ඩායමක් හැටියට සහ තනි තනිව තරඟයක් ජයග්‍රහණය කරා ගෙන යන්න දරණ්නා වූ උත්සාහය ඔබ දැක ඇති.

    පිටියෙන් පිටතදී නිවැරදි සහ ප්‍රමාණවත් පුහුණුව, ශරීර යෝග්‍යතාවය වගේම තරඟ බිමේදි ගනු ලබන තීන්දු තීරණ, දිනයේදී පිටිය තුළ කණ්ඩායමක් හැටියට ක්‍රීඩකයන්ගෙ දක්ෂතා, තණනිල්ලෙ හැසිරීම, විනිසුරු තීරණ, කාලගුණ සහ දේශගුණික තත්ත්වයන්, ප්‍රේක්ෂක දිරිගැන්වීම්… මෙකී නොකී හැමදේකම එකතුවක් තමයි තරඟයේ අවසානය ජයකින් හෝ පරාජයකින් කෙළවර කරන්නෙ.

    මේ හේතු සාධක සියල්ල ඔබට මට පිටින් පෙනෙන දේවල්. මේ සියල්ලට එපිටින් වූ අපිට නොපෙනන තවත් සාධකයක් තිබෙනවා. ඒ තමයි ‘වාසනාව’ කෙනෙකු තර්ක කරන්නට පුලුවන් වාසනාව තරඟයක ජයග්‍රහණයට කිසිම බලපෑමක් නොකරන බවට. නමුත් වාසනාව කියන Fact එක එහෙම නිකංම අහක දාන්නටත් බැහැ. උදාහරණයක් හැටියට ඉහතින් කිවූ අනෙක් හේතු සාධක කිසිවකට බෑ තරඟයේ කාසිය වාසිය දිනන කණ්ඩායම තීරණය කරන්න. අන්න ඒක තීරණය වෙන්නෙ වාසනාව මත.

    ඔන්න ඔය වාසනාව කියන Fact එක උපතින්ම දෝත දරාගෙන ආපු ‘සෝයා’ ගැන තමයි මේ කතාව.කපිල් දේව්ගේ නායකත්වය යටතේ ඉන්දියාව මුල්ම ලෝක කුසලානය ජයග්‍රහණය කළ 1983 ජුනි 25 වෙනිදා හරියටම ඒ මොහොතේම ඉපදුනු සෝයාට ක්‍රිකට් තරඟ දිනවන්න පුලුවන් විදියෙ අරුම පුදුම වාසනා මහිමයක් පිහිටා තිබුනා.
    ඇය නරඹන්නට යන සියලු ක්‍රිකට් තරඟ ඇය සහයෝගය දක්වන කණ්ඩායම ජයග්‍රහණය කරන එක නියත වශයෙන්ම සිදුවුනා.

    වෙළඳ ප්‍රචාරක දැන්වීම් ආයතනයක සේවය කරන සෝයා රාජකාරි කටයුත්තක් වෙනුවෙන් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම හමු වූ මොහොතක ඔවුන් සමගින් උදේ ආහාර වේලක් ගන්නවා. දිගින් දිගටම තරඟ පරාජය වූ ඉන්දියානු කන්ඩායම එදා තරඟය ජයග්‍රහණය කරනවා සහ සෝයාගේ මේ අපූරු වාසනා මහිමය ගැනත් ඔවුන් දැනගන්නවා. එතැනින් පස්සෙ සෝයාගේ මුලු ජීවිතයම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලධාරීන් ඇයගේ වාසනා මහිමය ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් යොදාගන්නා ආකාරය The Zoya Factor චිත්‍රපටයෙන් දිගහැරෙනවා.

    දිගින් දිගටම තරඟ පරාජය වෙමින් සිටි ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යමින් ඉන්දියානු ක්‍රිකට් ප්‍රේක්ශකයන්ගේ නොමද ආදරයට පත්වන සෝයා සොලන්කිගේත්, තරඟයක ජයග්‍රහණයට හුදෙක්ම ක්‍රීඩකයන්ගේ දක්ෂතා සහ කැපවීම් පමණක් හේතුවන බවත් වාසනාව යන සාධකය තරඟයක ජය පරාජය තීරණය කරන්නට කිසිදු හේතුවක් නොවන බවත් තදින්ම විශ්වාස කරන ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක නිකිල් කෝඩාගේත් කතාන්දරයයි The Zoya Factor.

    මෙම චිත්‍රපටය අනූජා චවුහාන් විසින් රචිත The Zoya Factor කෘතියේ අනුසාරයෙන් නිර්මාණය වූවක්. එම කෘතිය ‘ඕක තමයි අපි කිව්වේ’ යන නිමින් දිලීප ජයකොඩි මහත්මයා විසින් බොහොම අපූරුවට සහ රසවත්ව සිංහලයට පරිවර්තනය කර තිබෙනවා. හැකිනම් එම කෘතියත් සොයාගෙන කියවන්න කියන ආරාධනය කරනවා.
    චිත්‍රපටයට අධ්‍යක්ෂනයෙන් අභිශේක් වර්මා දායකවද්දි, සුරූපී සෝනම් කපූර් සහ මලයාලම් සිනමාවේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙකුවන දුල්කර් සල්මාන් ප්‍රමුඛ පෙළ රංගනෙයෙන් දායක වනවා සංජය කපූර්, අන්ගද් බේඩි සහ සිකන්දර් කේර් සමගින්. ඒ වගේම බොලිවුඩයේ ආදරණීය සුපිරි තරුව ශාරුක් ඛාන්ද චිත්‍රපටයට පසුබිම් කථනයෙන් එක්ව තිබෙන බවත් සිහිපත් කරන්නම ඕනෙ.

    තවත් චිත්‍රපටයක උපසිරැසි සමගින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ඔබට සුභ දවසක්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” The.Zoya.Factor.2019.Sinhala.subtitle.rar – Downloaded 355 times – 52 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram