More

    Helen (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ‘කුම්බලාන්ගි නයිට්ස්’ බැලුවාද? එහෙම නම් Babymol චරිතයට පන පොවපු ‘ඇනා බෙන්’ව නම් අමතක වෙන්න හැටියක් නෑ. මොකද ඇය ඒ තරම්ම හුරුබුහුටි දඟකාර සුන්දර යුවතියක්. කුම්බලාන්ගී නයිට්ස් චිත්‍රපටයෙන් පස්සෙ බොහෝ දෙනා මග බලාගෙන ඉන්න ඇති ඇයව නැවත චිත්‍රපටයකින් දකින්න. ඔන්න ‘හෙලන්’ චිත්‍රපටය හරහා ඇය නැවතත් ප්‍රෙක්ෂකයන් අතරට ඇවිත් තියෙනවා අපූරු සිනමා අත්දැකීමකුත් අරගෙන. මේක Survival Thriller චිත්‍රපටවලට ප්‍රියතාවයක් දක්වන අයට කියාපු චිත්‍රපටයක්. පළමු තත්ත්පරයේ ඉඳන් අවසාන මොහොත දක්වාම කට ඇරගෙන, නියපොතු හපමින් බලන්න පුලුවන් මට්ටමේ ත්‍රිලර් එකක් කිවුවොත් හරි. 7.8/10ක IMDB අගයක් අරගෙන තිබෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Mathukutty Xavier කියන නවක අධ්‍යක්ෂකවරයා. මේක ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය. ඇනා බෙන් සමගින් ලාල්, නොබෙල් බාබු තෝමස්, අජූ වර්ගීස් චිත්‍රපටයට ප්‍රමුඛ රංගනයෙන් දායක වෙනවා.

    මව අහිමි හෙලන් පෝල් (ඇනා බෙන්) කැනඩාවේ රැකියාවක් සඳහා පිටත් වෙන්න සූදානම් වෙන උපාධිදාරී හෙදියක්. ඇය රැකියා කටයුතුවලට පහසුවෙන්නත් එක්ක ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න ඉංග්‍රීසි පාඨමාලාවකුත් හදාරනවා. ඒ ගමන්ම තමන්ගේ පියාගේ උදවුවට Part Time ජොබ් එකකුත් කරනවා. ඒ නගරයේ තිබෙන සුපිරි වෙළඳ සංකීර්ණයක පිහිටා තිබෙන ‘චිකන් හබ්’ කියන අවන්හලේ. ඔහොම කාලය ගතවෙද්දි දවසක් රාත්‍රී 12ට ආසන්න වෙලා තමන්ගේ සේවා මුරය අවසන් කර අවන්හලෙන් පිටවීමට මොහොතක් තියෙද්දි හෙලන්ට සිද්ද වෙනවා ආහාර ද්‍රව්‍ය බහාලූ පෙට්ටි කිහිපයක් තබන්න අවන්හලේ ‘ශීත කාමරය’ (Freezer) වෙත යන්න. මේ වෙද්දි චිකන් හබ් එකේ සියලුම සේවකයන් සේවා මුරය අවසන්ව පිටවගොස් හමාරයි. අවන්හලේ කළමණාකරුත් සියලු කටයුතු අවසන් කර පිටත්ව යන්න සූදානම් වෙද්දි දකිනවා ශිත කාමරයේ දොර විවෘත කර තබා තමන්ගේ සේවකයන් පිටවගොස් ඇතිබව. ඉතින් ඔහු ශීත කාමරයේ දොර අගුළු දමා අවන්හලත් දොරගුලු දමා වෙළඳ සංකීර්ණයෙන් පිටවී යනවා. හැබැයි අපේ කතා නායිකාව හෙලන් තවමත් ශීත කාමරය ඇතුළේ…

    අංශක 17 ක පමණ අවම උෂ්ණත්වයක් යටතේ වායු සමීකරණය කරපු කාමරයක වුවත් සාමාන්‍ය මනුස්සයෙකුට බොහෝ වෙලා රැඳී ඉන්න අපහසුයි. එහෙම තත්ත්වයක් තියෙද්දි හෙලන්ට සිද්ද වෙනවා අංශක -17ක් තරම් අවම උෂ්ණත්වයක් සහිත කාමරයක් තුල තමන්ගේ ජීවිතය රැකගෙන පසුදා එළිවනතුරු රැය පහන් කරන්න. ඇයගේ දුරකථනයත් ඇය සතුව නැහැ. උදවු ඉල්ලා කෑගැසුවත් අහල පහළ කිසිවෙකු නැහැ. ඇයගේ පියාට ඇය ගැන කිසිම තොරතුරක් දැනගැනීමට මගක් නැහැ. ඉතින් ඇයට ජීවිතය බේරාගෙන මේ ශීත කාමරයෙන් පන පිටින් පිට වෙන්නට හැකි වේවිද? ඇය ගතවෙන සෑම තත්ත්පරයක් පාසාම තමන්ගේ ජීවිතය වෙනුවෙන් සීතලේ ගැහී ගැහී සටන් කරනා හැටි බලන්නට නම් ඔබට චිත්‍රපටය නරඹන්නම වෙනවා. වසරේ නරඹන්නට ලැබුනු හොඳම මලයාලම් චිත්‍රපටයක් හැටියට සියලුම සිනමා රසිකයන්ට නරඹන හැටියටත් ඉහළින්ම නිර්දේශ කරනවා ‘හෙලන්’ චිත්‍රපටය.

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Helen-2019Proper-Malayalam-720p-HDRip-x265-HEVC-DD-5.1-900MB-ESubs.srt – Downloaded 386 times – 147 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram