More

    Thuppakki Munai (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ චිත්‍ර‍පටිය දෙන්න නම් ටිකක් පමා උනා. මේක උපසිරැසි ගන්වලා තිබ්බාත් ටිකක් පමා උන නිසා මේකේ ප්‍රොපර් කොපියක්… ඒ කියන්නේ ඉංග්‍රිසි හාඩ්කොඩ් උපසිරැසි රහිත කොපියක් ආවාම සබ දෙන්නම් කියලා හිතාගෙන හිටියා.. නමුත් කොපියක් එන පාටක් නැති නිසා මේ කරපු කොපියේ සබ් එකම ඔයාලාට දෙන්න තිරණය කලා… නිකමට හරි ප්‍රොපර් කොපියක් ආවොත් අනිවාර්යෙන්ම උපසිරැසිය ඒකට යාවත් කාලින කරලා දෙන්නම්… චිත්‍ර‍පටිය ගැන කතා කලොත් මේක නිකුත් වෙන්නේ 2018 වසරේ දෙසැම්බර් 18 වැනිදා… ප්‍ර‍ධාන චරිත ලෙස අපි කවුරුත් දන්න Vikram Prabhu හා Hansika Motwani රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටිය Dinesh Selvaraj ගේ අධ්‍යක්ෂණයක්.

    චිත්‍ර‍පටිය ගැන කිව්වොත් බිරිලා බොස් (වික්‍ර‍ම් ප්‍ර‍භු) කියන්නේ මුම්බායි පොලිසියේ ඉන්න දක්ෂතම එන්කවුන්ටර් විශේෂඥයෙක්… අපරාධයක් කරපු කිසි කෙනෙක්ට මොහුගෙන් නම් ගැලවුමක් නැහැ.. කොහොම හරි මොහු කරන එක එන්කවුන්ටර් එකක් නිසා. මොහුගේ වැඩ තහනමට ලක් වෙනවා. හැබැයි කොහොමත් මොහුගේ අම්මා නම් බිරිලා මේ කරන රාජකාරියට කොහොමත්ම කැමැති නැහැ. අපරාධ කරුවන් උනත් ඔවුන්ව මරන එකත් මිනිමැරිමක් නිසාම අම්මා පවා මොහු එක්ක අමනාපයෙන් ඉන්නේ. කොහොම හරි බිරිලා තමන්ගේ වැඩ තහනම් උනත් පොලිසියට අනියම් ආකාරයෙන් උදව් කරනවා අපරාධ විසදන්න… මෙහෙම ඔහුට රාමේෂ්වර්ම් ප්‍රදේශයේ අවුරුදු 15ක දැරියක් දුෂණය කරලා මරලා දැමිමේ සිදුවිමක් පරික්ෂණ කරන්න එනවා… මේ සිදුවිම ගැන වගේම මේක විසදන්න ගිහින් ඔහුට වෙන සියළුම සිදුවිම් ගැන තමයි මේ චිත්‍ර‍පටියේ දිඟහැරෙන්නේ… එහෙනම් මේ චිත්‍ර‍පටිය රසවිදින්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. තවත් චිත්‍ර‍පටියක් සමගින් හමුවිමේ බලාපොරොත්තුවෙන්

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Thuppakki.Munai.(2018).Sinhala.Subtitle.rar – Downloaded 388 times – 36 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram