today-is-a-good-day
More

    Tokyo Revengers (2021) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ගොඩක් කාලකින් tv series එකක් අරන් zoom එකට ගොඩ වෙන්නේ. Riverdale වලින් පස්සේ මේ මම කරන දෙවනි tv series එක. මේ පාර ඔයාලට ගේන්න හිතුවේ anime එකක්. Anime කිව්වම ගොඩක් අය හිතන්නේ පොඩි ළමයි බලන ඒවා කියලා.. ඒත් මේ anime ගැන දන්න අය දන්නවා anime කියන්නේ වෙනම දෙයක් කියල..පොඩි ළමයින්ගේ ඉද්න් වැඩිහිටියන්ට දක්වා ජපානේ anime ,හැදෙනවා. මේ දවස් වල ITN එකෙත් සෙනසුරාදට anime යනවා. ඒක ගොඩක් හොද දෙයක් මොකද anime වලට දැන් ලංකාවෙත් සෑහෙන fan base එකක් ඉන්නවා.

    මටත් මේ anime පිස්සුව ගහන්නේ tokyo ghoul, AOT, Death Note..වගේ anime බලලා තමයි. මාත් මුලින්ම හිතිවේ anime කියන්නේ බොලද සීන් එකක් කියලා. ඒත් මම උඩින් සදහන් කරපු කතා බැලුවම මාවත් හොල්මන් වෙලා ගියා..තවත් ගොඩක් anime තියනවා. මම ඔය සදහන් කලේ ප්‍රසිද්ධම ටිකක්.

    අපි හැරෙමු අපේ කතාව පැත්තට.ටොකියෝහි පලිගැනීම ඇත්තටම මොකක්ද මේක. සරල විදියට කිව්වොත් මේක කාලය හරහා යෑමක්. ඒ කියන්නේ මොකක් හරි Time travel මැෂින් එකකින් යන කාලය හරහා යාමක් නෙමෙයි..ඒක ඔයාලා කතාව බලලම දැනගන්න. අපිට හමුවෙනවා කතාවේ ටොකියෝ මන්ජි කල්ලිය. මේ කල්ලියේ අපරාධ නිසා නැත්නම් අභ්‍යන්තර ආරවුල් නිසා අහිංසක ජනතාවගේ ජිවිත වලිනුත් වන්දි ගෙවන්න වෙලා තියනවා. අපේ කතාවේ කතා නායකයා අපිට හම්බවෙන්න මෙතනින් ඔහු නමින් හන්ගාකි ටකෙමිචෙ. බොහොම බියගුලු මුලුගැන්වුන අහිංසක හදවතක් තියන කොල්ලෙක්. අර කලින් කියපු මන්ජි කල්ලියේ දාමරික වැඩ වලින් ටකෙමිච් ඉස්කෝලේ යනකොට යාලුවෙලා ඉදපු කෙල්ල මැරෙනවා. ඔන්න කතාවේ ආරම්භය මෙතනින් එහාට විස්තර කරන්න යන්නේ නෑ. හොද සටන් තියන දාමරික ලෝකයකට යන්න ඔයාලට මේ කතාව බලන්න කියලා ආරාධනා කරනවා. මේක telegram එකෙනුත් ඔයාලට download කර ගන්න පුලුවන්.. 2021 වසරේ රිලිස් වුණ ඇනිමේ අතරින් ඉහලින්ම දැනටත් ටෝකියෝහි පලිගැනීම තියනවා.. මේක දෙවනි සීසන් එකක් දක්වා දීර්ඝ කරලා තියනවා කියලා ආරංචියකුත් තියනවා..එහෙනම් ඔයාලා හැමෝවම දාමරික ලෝකයට පිළිගන්නවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  24 ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “Tokyo Revengers (2021) Season 01 සිංහල උපසිරැසි” Tokyo.Revengers.2021.Season.01.Sinhala.Subtitle.rar – Downloaded 2042 times – 195 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගිහාන් උදාර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    17 COMMENTS

      • ගොඩක් ස්තූතියි මචන්… මේකෙන් එහෙනම් ජපන් ඇනිමේ වලටත් සබ් එක දෙන්න පටන් ගත්තා නේහ්.. දිගටම මේ වගේ සුපිරි ඇනිමේ වලට සබක් ගහපන් කොල්ලා.. සුපිරි ආ.

        • එලම සහෝ
          බොහොම ස්තුතියි
          ඉස්සරහටත් anime වලට සබ් වැටෙයි.

      • පට්ට වැඩක් .. දිගටම කරමු
        one punch man
        promised to neverland
        iron forest kananeri
        Ghost in the Shell
        B: The Beginning
        මේවගේ ඒවලටත් සබ් දෙන්න බලන්න අය්යේ .
        ලන්කාවෙත් දැන් සුපිරි අනිමේ ෆෑන් බේස් එකක්
        හැදීගෙන එනවා.

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram