More

    Tu Jhoothi Main Makkaar (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Tu Jhoothi Main Makkaar (2023) Sinhala Subtitle

     

    ටික දවසකට පස්සෙ ආයෙම ලහිරු එක්ක උපසිරසියක් අරගෙනයි ආවේ. ලහිරුත් ගෙදර නෑ.. මටත් ලෙක්චර් නිසා මේ ඉවර වුන ගමන් සින්ක් කරලා අරන් ආවේ..

    Tu Jhoothi, Main Maakkar කියන්නෙ හින්දි භාෂාමය චිත්‍රපටයක්. සිංහල තේරුම ගත්තම “තමුන් බොරු කාරියෙක්, මං කපටියෙක්” කියලා එන්නේ. ඇත්තටම ගොඩක් කාලෙකට පස්සෙ තමයි අපිට ශ්‍රද්ධව මෙහෙම මේ වගේ චරිතෙකින් ආයෙම බලාගන්න ලැබෙන්නේ. තියටර් දාපු කාලෙ ඉදලම ගොඩක් පොසිටිව් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණ මේ චිත්‍රපටිය ඉන්දියානු රුපියල් කෝටි 200 සීමාවද පසු කරා.

    රොමෑන්ස්, කොමඩි ඝණයට වැටෙන මේ චිත්‍රපටයෙන් ආදර කථාවක් බලාගන්න පුළුවන්. මිකී කියන්නේ බිස්නස් කාරයෙක්.. පවුලෙන් උරුම උනු ව්‍යාපාර නිසා කොල්ලා ජොලියෙන් ආතල් එකේ ජීවත් වෙන්නේ. හැමදාම ඔහුට ෆ්‍රයිඩේ නයිට් වගේ තමයි. පොර පොරගෙම අමුතු බිස්නස් එකක් කරන් යනවා. ඒ තමයි සමහරු මංගල සේවය කරනවා වගේ මිකී කරන්නේ වෙන් වෙන්න ඕන අයව වෙන් කරවලා දෙන එක.

    ඒ කියන්නෙ කෙනෙක් ඔහු ගාවට ආවොත් මගෙ පෙම්වතා/ පෙම්වතිය එක්ක වෙන් වෙන්න ඕන කිසිම මත භේදයකින් තොරව කියාගෙන, මිකී සැලැස්මක් හදලා ගානට වෙන් කරවලා දෙන එක තමයි කරන්නේ. ඒකත් එක එක පැකේජ් තියෙනවා මිකී ගාව. ඒවගේම හොර රහසෙ තමයි කොල්ලා මේ ව්‍යාපාරෙ කරන් යන්නේ.

    දවසක් රෙස්ටුරන්ට් එකක ඩාන්ස් එකකදි තමයි මිකීට ටින්නිව හම්බවෙන්නේ… මිකී ටින්නිව දැක්ක වෙලේ ඉදලම සෙවල පෙරන්න ගන්නවා… කොහොමෙන් හරි සෙට් කරන් වෙඩින් එක ගන්න එහෙමත් පවුල් වලින් සියල්ලම සූදානම් කරනවා. ඔය අතරේ මිකීට පාරිභෝගිකයින්ගෙන් ඇමතුමක් එනවා.. ඉතිං මේ ඇමතුම නිසා මිකීගෙ ජීවිතේම වෙනස් වෙනවා.. මීකීගෙයි ටින්නිගෙයි ආදර කතාව වෙනස් වෙන්න ගන්නවා මේ ඇමතුමෙන් පස්සේ..

    ඉතිං කවුද කෝල් කරේ? ඇයි මේ චිත්‍රපටයේ නම මෙහෙම දාලා තියෙන්නේ? කියලා දැනගන්න නම් බලන්න වෙනවා.ලස්සනම ලස්සන ගීත ගොඩක් තියෙනවා. සුපුරුදු පරිදි ඔක්කොම උපසිරැසි ගන්වලා ඇත්තේ.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Tu Jhoothi Main Makkaar (2023) සිංහල උපසිරැසි” Tu.Jhoothi.Main.Makkaar.(2023).Sinhala.Subtitle.rar – Downloaded 8841 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts
    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
      ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
      Typing හැකියාව හා English දැනුම තව තවත්
      වැඩිවේවා…✌

    3. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    4. ඔන්න අද මේක බලන්න කියලා පටන්ගත්තා. මහ දිග උපසිරැසියක් කරන අතරේ ඉන්නේ. වෙනසකට හින්දි එකක් බලන්න හිතුවා.
      ස්තූතියි දෙන්නාටම උපසිරැසිය හදලා දුන්නාට…

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram