spot_img
spot_img

Twisters (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Twisters (2024) Sinhala Subtitle

 

ඇමරිකාවේ ඔ්ක්ලහෝමා කියන්නේ ඇත්තටම ටෝර්නාඩෝ බහුලව දකින්න ලැබෙන ප්‍රාන්තයක්. ටෝර්නාඩෝ එකක් නොවුනත්, දැඩි සුළි සුළං නිතරම දකින්න ලැබෙන තැනක්. පාසල් යන වයසේ හිටපු කේට්, විද්‍යා ව්‍යාපෘතියක් නිර්මාණය කරනවා මේ ටෝර්නාඩෝ මර්ධනය කරන්න. නමුත් සිදුවන ඉතා අවාසනාවන්ත සිදුවීමක් නිසා කේට් තීරණය කරනවා ගම අතහැරලා නිව්යෝර්ක් යන්න. නමුත් ඇයගේ විශය වෙන කාලගුණ විද්‍යාව සම්බන්ධයෙන් දිගටම ක්‍රියාකාරීව ඉන්නවා.

මේ අතරේ තමයි හාවි ඇවිත් කේට් හට ආරාධනා කරන්නේ, එක සතියකට නැවත පැමිණිලා, මේ ටෝර්නාඩෝ ගැන විමර්ෂණය කරන්න. මෙන්න මෙතැනින් තමයි අපේ මේ කතාව ආරම්භ වෙන්නේ. ටෝර්නාඩෝ ගැන ගොඩාක් දේවල් මේකෙන් කියවෙනවා. හැමදේම ඇත්ත. මේ විදියේ පර්යේෂනයකුත් ඇත්තටම කරලා තියෙනවාලු. කොහොම වුනත්, මේක නම් බලන්නම වටින කතාවක්.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Lee Isaac Chung විසින්. Anne-Marie Martin සහ Michael Crichton තමයි මේකේ චරිත නිර්මාණය කරලා තියෙන්නේ. ලොව පුරා බෙදාහැරීම බාරගෙන තියෙන්නේ Warner Bros. Pictures ආයතනයට. රඟපෑමෙන් දායක වෙනවා Daisy Edgar-Jones (කේට්), Glen Powell (ටයිලර්), Anthony Ramos (හාවි), Sasha Lane (ලිලී) ඇතුළු පිරිසක්.

Web ratings ගැන අමතක කලා නෙමෙයි. මේ ලිපිය ලියන මොහත වෙනකොට IMDb 6.7 / 10, Rotten Tomatoes 75%, Facebook 4.8 / 5 සහ Google Users 90% ක් මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.

මේ මගේ 200 වෙනි සිනමා උපසිරැසිය. ගොඩාක් මහන්සි වෙලා, වෙලාව කැප කරලා, මේ උපසිරැසි හදන්නේ හුදෙක් මගේ විනෝදය සහ මගේ ඉදිරි අධ්‍යාපනය වෙනුවෙන්. වචනයකින් හෝ මාව දිරිගන්වපු අයව මේ අවස්ථාවේ ආදරයෙන් මතක් කරනවා.

එහෙනම්, හැමෝම මේ උපසිරැසි එක්ක චිත්‍රපටිය රසවිඳින්න!! ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Twisters (2024) සිංහල උපසිරැසි” Twisters.(2024).Sinhala.Subtitle.rar – Downloaded 3226 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නිලුෂ ….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram