
Veera Dheera Sooran (2025) Sinhala Subtitle
Veera Dheera Sooran (2025) Part 2 Sinhala Subtitle
මේ චිත්‍රපටිය නම් අරන් එන්න ටිකක් ප්‍රමාදයි. හැබැයි මේකේ තව කොටසක් එන්න වගේ තියන නිසා මේක දිලා දාන්න හිතුවා. නැත්නම් ඊලඟ චිත්‍රපටිය එද්දි මේක දිලා තිබ්බේ නැත්නම් ඒක අඩුපාඩුවක් වෙනවා නේ.. S. U. Arun Kumar අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස
Vikram
S. J. Suryah
Suraj Venjaramoodu
Dushara Vijayan
Prudhvi Raj යන අය රංඟනයෙන් දායක වෙනවා…
චිත්‍රපටියේ කතාව පැත්තට ගියොතින් මේක එක දවස රාත්‍රියක වෙන සිදුවිමක් වටා තමයි කතාව ගෙතෙන්නේ. මේක පටන් ගන්නේ පෙරියවර්ගේ නිවසට පැමිණෙන කාන්තාවක් හා කුඩා දැරියක් එක පාරටම අතුරුදහන් විමෙන්. මේ කාන්තාව නිවසට පැමිණෙන්නේ තමන්ගේ සැමියා අතුරුදහන් උන එකට මේ නිවසේ අය එක්ක රණ්ඩුකරගන්න. නමුත් සැමියා ආපහු ඇවිත් බලන විට දැනගන්නවා තමන්ව හොයන්න පෙරියවර්ගේ නිවසට ගිය තමන්ගේ බිරිදයි දරුවාවයි අතුරුදහන් වෙලා කියලා. මේ ගැන ඇයගේ සැමියා ගිහින් පොලිසියට පැමිණිල්ලක් දානවා. පෙරියවර්ගේ පුතා රවි එක්ක මේ පොලිසියේ ලොක්කා පොඩි කොන්තරයක් තියාගෙන ඉන්නේ. ඒ අස්සේ මේ ආපු පැමිණිල්ල ඔහුට රවිගෙන් පලිගන්න ලැබෙන හොද අවස්ථාවක් විදියට පාවිච්චි කරන්න යනවා. මේ ගැන පෙරියවර් දැනගෙන මේ පොලිස් පරික්ෂකයාව හමුවෙන්න ගියාත් ඔහුගේ කතා විලාසයෙන් ඔහු දැනගන්නවා අද රෑ නම් මේ ඉන්ස්පැක්ටර් තමන්ගේ පුතාට මොකක් හරි කරදරයක් කරාවිමයි කියලා. මේකෙන් තමන්ගේ පුතාව බේරගන්න ඉන්නේ එකම කෙනායි.. ඒ කාලි (වික්‍රම්) පෙරියවර් කාලිගේ ගෙදරටම ගිහින් මේ ගැන කියනවා. කාලිටත් ලොකු ඉතිහාසයක් තියන කෙනෙක්. නමුත් දැන් පවුලක් වෙලා පාඩුවේ ඉන්න කෙනෙක්… ඉතින් කාලි මේ ප්‍රශ්නයට අත තියාවිද? මේ රාත්‍රියේ කී දෙනෙක්ගේ ජිවිත වෙනස් වේවිද? ඒ ගැන බලන්න චිත්‍රපටිය අරන් බලන්නම වෙනවා.
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
- SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
- විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා tmv පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
