More

    Vellai Pookal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද අරගෙන ආවේ සුපිරි ඝනයේ suspense thriller චිත්‍රපටියක්,ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ අපි කවුරුත් හොදට දන්න කියල දමිල සිනමාවේ විකටයා Vivek,නම කිව්ව ගමන් බැලුවද විකට නලුවෙක් කොහොමද suspense thriller චිත්‍රපටියක රගපාන්නෙ කියලා.. අපෝ එහෙනම් වැඩක් නෑ ඩවුන්ලෝඩ් කරන ඩේටා ටිකත් අපරාදේ වගේ කියල හිතුනද?ඇත්තටම එහෙම නෑ,Vivek තමන්ගේ සාම්ප්‍රදායෙන් මිදිලා ප්‍රධාන චරිත නිරූපනය කරන Vellai Pookal මේ වන විට Imdb දර්ශකයේ 8.2 අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා,ඒකෙන්ම තේරෙනවනෙ චිත්‍රපටිය කොහොමද කියලා.. ඒ විතරක් නෙවෙයි suspense thriller චිත්‍රපටිවලට ආස කරන අය අරගෙන බැලුවට කොහෙත්ම පාඩුවක්නම් වෙන්නෙ නෑ

    පැය දෙකක් පුරාවට දිවෙන මේ චිත්‍රපටියේ අන්තිම විනාඩි 10 ට යනකම් ඔයාට මොකුත්ම හිතාගන්න බැරි වෙයි,ඒත් අන්තිම විනාඩි 10 යේ තමයි කවුරුත් නොසිතන,ගැස්සිල යන අවසානයක් බලාගන්න පුලුවන් වෙන්නෙ,අරගෙන බලන්න කිසිම පාඩුවක් වෙන්නෙ නෑ,දැන්ක තාව ගැන ටිකක් කියන්නම්කෝ

    දහස් ගනන් බලාපොරොත්තු එක්ක මේ ලෝකෙට බිහිවන දරුවන්ව,
    කිසිම අනුකම්පාවක් නැතිව විනාශ කරන සර්පයින්,
    මේ සමාජයේ ගොඩක් ඉන්නවා,
    දුර්ජනයන්ගෙන් පිරිච්චි මේ ලෝකෙන් කිසිම වැරැද්දක් නොකරපු මේ අහිoසක ලමයින්ව,
    අපි කොහොමද බේරගන්නෙ,
    මල් කැකුළු වන් දරුවන් අතට ආයුධයක් මොකටද?,
    දුර්ජනයන් විනාශ කරල අහිංසකයන් රැකගමු
    මල් පොහොට්ටුවෙන් පිපිපෙන මලට  ආයෙත් නිදහසේ  පිපෙන්න දෙමු.

    DCP රුද්‍රන් කියන්නෙ එයාගේ තීක්ෂණ බුද්ධියෙන් අපරාධ විසදන්න පුලුවන් දක්ෂ නිලධාරියෙන්,ඉතින් මෙයා මෙයාගේ පුතාව බලන්න ඇමරිකාවට යනවා,ඒත් ඉතින් එහෙම ගියාට මෙයා පුතත් එක්ක අවුරුදු තුනකින් කතා කරල නෑ,ඒකට හෙතුව චිත්‍රපටිය බලන කොට ඔයාට දැනගන්න පුලුවන්,ඉතින් මෙයා මෙහෙම ඇමරිකාවට ඇවිල්ල ටික දවසක් යන කොට එයා ඉන්න ගෙදරට අල්ලපු ගෙදර කාන්තාව එක පාරටම අතුරුදන් වෙනවා…ඉතින් මෙයා ඒක ගැන හොයන්න පටන් ගන්නවා,එයා ඒ සම්බන්ධව හොයාගෙන යන අතරේ තමයි දවසක් එයාගේ පුතත් අතුරුදන් වෙන්නේ..ඉතින් රුද්‍රන් එතනින් එහාට මොනා කරයිද?

    රුද්‍රන්ගේ පුතා කොහොමද අතුරුදහන්  උනේ?
    එයාව කවුරු හරි පැහරගත්තද?
    එතකොට නගරේ වෙන අනිත් අතුරුදහන් වීම් වලට හේතුව මොකක්ද?

    මේක නිකන් අතුරුදන් වීම් සම්බන්ධයෙන් ගලා යන චිත්‍රපටියක් නෙවෙයි,කුතුහලය නැති කරන්න ඕනි නැති නිසා කතාවේ වැඩි දෙයක් කියන්නෙ නැත්තේ,චිත්‍රපටිය පුරාවටම කුතුහලයෙන් බලන ඔයාව අන්තිම් විනාඩි 10යේ නිකන් කරකවල අතාරිනව වගේ වෙයි,ඔයා Ratsasan චිත්‍රපටිය බැලුවනම් මේකත් ආදරෙන් වැලද ගනී

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Vellai.Pookal.(2019).Sinhala.Subtitle.rar – Downloaded 341 times – 38 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram