spot_img

Venom Let There Be Carnage (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

පිට පිට තුන් වෙනි දිනයෙත් මං මේ ඔයාලට තවත් උපසිරැසියක් අරගෙනයි ආවේ. ඒ තමයි වෙනම් 2 චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.. වෙනම් පළවෙනි චිත්‍රපටය අවසන් වුනේ අපෙ එඩී.. ක්ලීටස් කැසෑඩිව මුණ ගැහෙන තැනක් පෙන්වලානේ. ඉතිං අන්න ඒ පොයින්ට් එක අල්ලගෙන මේ චිත්‍රපටය ඉන් එහාට ගමන් කරනවා. ක්ලීටස් කෑසඩි කියන්නේ දාම ඝාතකයෙක්.. ඔහු එඩීට කතා කරනවා හිර ගෙදරට.. එඩීත් යන්නෙ මොකක් හරි තොරතුරක් බලාපොරොත්තුවෙන්, පලක් නොවුනත් අපෙ වෙනම් නම් ඉඟියක් හොයාගන්නවා වසර ගාණක් මුළුල්ලෙ තිබුණු රහසක.. ඒ තමයි කෑසඩි මිණී ටික වලදාපු තැන ගැන.. ඉතිං මේක හෙළිකරනවා එඩී විසින්.. මේ එක්කම කෑසඩිට මරණ දණ්ඩනය නියම කරනවා. අවසාන වශයෙන් කෑසඩි ආයෙම එඩීව හම්බ වෙන්න කැමතියි කියනවා වගේම, එඩීත් යනවා ඉතිං.

එහිදී වෙනම් ට ඇති උණ හදිසි කෝපෙකින් කෑසඩිට පහර දෙනවා, එහිදී කෑසඩි එඩී (වෙනම්ගෙ) අත විකනවා. එතනින් ඔන්න බිහි වෙනවා… අපෙ අනික් යාළුවා “කානේජ්” . කෑසඩි සිරෙන් පනිනවා වගේම එඩීවයි වෙනම්වයි මරන්න වගේම ඔහුගෙන් වෙන් කරපු පෙම්වතියවත් හොයාගෙන….

ඔයාල බලන්නකො එහෙනම් මේක කොහොම පළිගැනීමක් වෙයිද කියලා.. අවසානේ කලින් වගේම පෝස් ක්‍රෙඩිට් සීන් එකක් තියෙනවා.. ඒක අනිවාර්යෙන් බලන්න..අනික් ෆිල්ම් එකේ ඉදන් අපි දන්න කියන කෙනෙකුත් වෙනම් චිත්‍ර‍පටිමාලාවත් එක්ක එකතු වේවි… එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. බොහොම ස්තුතියි සහෝ සබ් එකට…
    බැහැලම වැඩ වගේ….ආදරෙයි ආ

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. සුපිරි තමා දැන් කලින් බලන්න සබ් දෙනවා. තැන්ක්ස් මචො සබ් එකට .

  4. ගොඩක් ස්තූතියි සගෝ 👍..Sooryavanshi ෆිල්ම් එකටත් සබ් එක ගේන්න පුලුවන්නම් ඉක්මනටම..💜

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram