![](https://zoom.lk/wp-content/uploads/2024/02/adnewwwaaa.png)
Vidaamuyarchi (2025) Sinhala Subtitle
අද උණු උණුවේ අරගෙන ඇවිත් තියෙන්නේ අජිත් කුමාර්ගේ විඩාමුයර්චි චිත්‍රපටය. නොයෙකුත් බාධක මධ්‍යයේ වැඩ කොටස් නිම කරලා පෙබරවාරි හය වන දා ලොව පුරා තිරගත කිරීම ආරම්භ වුණා. මෙය නිෂ්පාදනය කරන්නේ LYCA PRODUCTION ආයතනය විසින්. LYCA PRODUCTION කියන්නේ මෑත කාලයේ දැඩි ලෙස ආදයම් අතින් පාඩු ලැබූ නිෂ්පාදන ආයතනයක්. මෑත කාලයේ තිරගත කෙරුණු රජිනිකාන්ත්ගේ වේට්ටෛයන් සහ ඔහුම විශේෂ දර්ශනයකට සහභාගිව රඟපෑ ලාල් සලාම්, කමල් හසන්ගේ ඉන්දියන් 2 සහ රාඝවා ලෝරන්ස්ගේ චන්ද්‍රමුගී 2 යන සියල්ලම නිෂ්පාදන කටයුතු කළේ LYCA PRODUCTION ආයතනය යි. දැඩි ලෙස බලාපොරොත්තු තියා ගත්ත ද ලොකු ප්‍රමාණයන්ගෙන් ඔවුනට පාඩු ලැබීමට සිදු වුණා.
විඩාමුයර්චි චිත්‍රපටය පොංගල් උත්සව සමයට සමඟාමීව තිරගත කිරීමට සුදානම්ව සිටිය ද අවසාන මොහොතේ LYCA ආයතනය චිත්‍රපටය තිරගත කිරීම කල් දැමුවා.පූර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීමෙන් අනතුරුව මෙය BREAK DOWN (1997) ඉංග්‍රීසි චිත්‍රපටය කොපි කර නිර්මාණය කර ඇති බවට රාවයන් පැතිරුණා. එම චිත්‍රපටයේ නිෂ්පාදන ආයතනය ද මේ සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. කෙසේ හෝ දැන් තිරගත වීම ආරම්භ කරලා තියෙන්නෙ. #AK62 ලෙස මෙය නම් කර තිබුණා. අජිත් කුමාර්ගේ GOOD BAD UGLY (2025) චිත්‍රපටය ද අප්‍රේල් දහ වන දා තිරගත කිරීම් සිදු කරන බව විශේෂ නිවේදනයක් ලබා දී තියෙනවා. ඒ දිනයටම ධනුෂ්ගේ IDLY KADAI (2025) චිත්‍රපටය ද තිරගත වනවා.
අජිත් කුමාර් සමඟ ත්‍රිෂා ක්‍රිෂ්ණන්, අර්ජුන් සාර්ජා, රෙජිනා යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.සංගීතය අනිරුද් විසින් විසින්. මෙහි අධ්‍යක්ෂණ කටයුතු කළේ මගිල් තිරුමනි විසින්.
මගිල් තිරුමනි මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු උත්සව සමයේ චිත්‍රපටය තිරගත නොකළේ මන්දා යන පැනයට මෙහෙම උත්තර දෙනවා.
“උත්සවය සමයට චිත්‍රපටය තිරගත නොකළට මොකද? අපි චිත්‍රපටය තිරගත කළාම උත්සවය සමයක් වෙවි!”
අධ්‍යක්ෂ කියන විදිහට මෙම චිත්‍රපටයේ,
– පන්ච් ඩයලෝග් ඇත්තේ නැහැ.
– ග්‍රෑන්ඩ් එන්ට්‍රයක් ඇත්තේ නැහැ.
– නළුවව ලොකුවට උස්සලා තියෙන දර්ශන නැහැ.
– ඒ වුණත් ඔයාලා හැමෝම මේ චිත්‍රපටය තෘප්තිමත් කරවයි.
ඉතින් ඔහොම තමයි අධ්‍යක්ෂ නම් කියන්නේ. දැන් බලලා චිත්‍රපටයෙ හොඳ ද නරක ද කියන එක තීරණය කරන්න ඔයාලට භාරයි.
ආ ඒවගේම පළමු දිනයේ ආදායම ඉන්දීය කෝටි 62.32ක්!
කතාව ගැන අදහසක් ගන්න අවශ්‍ය අයට පහළ හෑල්ල කියවන්න පුළුවන්. එහෙම අවශ්‍ය නැතිනම් පහළට ඇදලා සබ අරගෙන යන්න. කෘතවේදීව හිතලා මගේ මහන්සිය කමෙන්ට් එකකින් කොටලා යන්න.
අර්ජුන් සහ කායල් කියන්නෙ අතීතයෙ දෙදෙනාගේ සිදු වූ සිත් තැවුල් නිසා එතරම් සතුටින් ඉන්න ජෝඩුවක් නෙවෙයි. විවාහ වෙලා අවුරුදු කිහිපයක් යද්දි කායල් ගර්භනී වෙනවා. නමුත් අවසානවකට දරුවා නැති වෙනවා. මේ හේතුව නිසාත්, අර්ජුන්ගේ කාර්යබහුල ජීවිකාව නිසා කායල් සිත් තැවුලෙන් ඉන්නේ. අර්ජුන්ට කායල් ගැන අවධානය දෙන්න වත් වෙලාවක් නැතිවෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි කායල් අලුත් සම්බන්ධයක් පටන් ගන්නේ. අර්ජුන් කියන්නෙ අහිංසක සාමකාමී චරිතයක්. කායල් මේ සම්බන්ධය ගැන අර්ජුන්ට කියලා දික්කසාදය ඉල්ලනවා. අකමැත්තෙන් වුණත් අර්ජුන් දික්කසාදය දෙන්න එකඟ වෙනවා. දික්කසාද ක්‍රියාපිළිවෙත් වෙනකම් කායල් අම්මලගේ ගෙදර යන්න ලෑස්ති වෙනවා. ඉතින් අර්ජුන් කියනවා මමම ඇරලවන්නම් කියලා. ඔහොම දිගුවක් ඔස්සෙ යද්දි තමයි අර්ජුන්ගෙ වාහනෙ කැඩෙන්නෙ. සිග්නල් ටිකක් වත් නැති පළාතක්. ඔහොම පාරේ ඉන්නකොට ට්‍රක් එකක් එනවා. එයාලත් ජෝඩුවක්. රක්ෂිත් සහ දීපිකා. රක්ෂිත් කියනවා කැෆේ එකක් තියෙ බජාර් කියලා එතනින් දාන්නම්. එතන ස්ථාවර දුරකථනයක් තියෙනවා. ඒකෙන් ඇදගෙන යන ට්‍රක් එකක් ගෙන්නගන්න කියනවා. ඉතින් කායල් ටිකක් අසනීප ගතියෙනුත් ඉන්නෙ, ඉතින් අර්ජුන් කායල්ට යන්න කියනවා. ඉතින් කායල් ට්‍රක් එකෙන් ආව ජෝඩුව එක්ක යනවා. ටික වෙලාවක පස්සෙ වාහනෙ හදාගන්න අර්ජුන්, එයාලා කීව කැෆේ එකට යනවා. ඒත් බිරිඳ වන කායල් නැහැ. හැමෝගෙන්ම අහනවා ඒත් නැහැ. පස්සෙ ට්‍රක් එක ඈත පාරෙ යනවා දැකලා ලුහුබඳිනවා. ට්‍රක් එකේ ඉන්න රක්ෂිත්ගෙන් “මගේ බිරිඳ කොහෙද?” අහනවා. රක්ෂිත්ගේ උත්තරය, එයා එහෙම කෙනෙක් දැක්කෙ නැහැ. දන්නෙත් නැහැ. ඔයා කවුද?
අරගෙන බලන්න මෙතනින් නවතින්නම්! අවුරුදු දෙකකට පස්සෙ හොඳ චිත්‍රපටයක් අජිත් කුමාර්ගෙන්!
ඔබගේ ඉහළ රසවින්දය වෙනුවෙන් ගීත සියල්ලමද උපසිරැසි ගන්නවලා තියෙන්නෙ.
අවසාන වශයෙන් අපේ පිටිපස්සෙන් ඉදලා සහය වෙන ලහිරු අයියට ස්තූති කරනවා. එයා තමයි කාලරාමු සකසලා උදව් කළේ. එහෙනම් තවත් උපසිරැසියක් මුණ ගැහෙමු. ජය වේවා..!
මෙම චිත්‍රපටය Tamilmv වෙබ් අඩවියෙ පවතින PRE HD පිටපත් සඳහා ගැළපෙන අතර, Original පිටපතක් ආ විඟස යාවත්කාලීන කර දෙන්නම්..!
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති PRE HD පිටපත් සදහා ගැලපේ
- SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
- විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා ටැමිල් එම් වි හි පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
![](https://zoom.lk/wp-content/uploads/2022/11/IMG-20250128-WA0048-150x150.jpg)
ස්තූථියි දිලීප සහෝ උපසිරැසියට……..
ඔරිජිනල් ආපුහම අප්ඩේට් එකක් ඔ්නේ බොසා…