spot_img

Villain (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හායි යාලුවනේ මම අද අරන් ආවේ ගොඩක් දෙනෙක් මගෙන් කරන්න කියල ඉල්ලපු උපසිරසියක් අරගෙන. මේක action/thriller ගණයට වැටෙන bengali ෆිල්ම් එකක්.. කොටින්ම කිව්වොත් සුපිරිම සුපිරි ෆිල්ම් එකක්.. චිත්‍ර‍පටිය දෙසට හැරුනොත්, මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නේ baba yadav කියන අධ්‍යක්ශාවරයාෙ මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ anuksh hazraa, mima chakraborty හා rittika sen ය. කතාව පැත්තට හැරුනොත්, රියා හා ස්නේහා කියන්නේ තරුණ ගැණු ළමයි දෙන්නෙක්…. මේ දෙන්නා දෙන්නාට දෙන්නා එකිනෙකාට හඳුනන්නේ නැහැ… නමුත් දිනක් සිංගප්පුරු ඉදන් ඉන්දියාවට එන ගුවන් යානාවක වාඩිවෙලා එද්දි එකලඟ සිට් දෙකක මේ දෙන්නාට වාඩි වෙන්න ලැබිම නිසා මේ දෙන්නා කතා බහා කරන්න ගන්නවා. මේ දෙන්නා තමන්ගේ පෙම්වතුන් දෙන්නා ගැනත් කතා කරන්න පටන් ගන්නවා. රියාගේ පෙම්වතා තමයි ජෝයි කියන්නේ… ඒ වගේම ස්නේහාගේ පෙම්වතා තමයි රාජා කියන්නේ. කොහොම හරි ගුවන් යානාව අන්තිමට ඉන්දියාවට ලඟාවෙනවා. කොහොම හරි දෙන්නා කතා කර කර එද්දි සනේහා දකිනවා රියා තමන්ගේ පෙම්වතාව මුණ ගැහිලා කතා කර කර ඉන්නවා. නමුත් ස්නේහා රියාගේ පෙම්වතා දැක්ක ගමන්ම පුදුම වෙනවා.. එතැනින් එහාට කතාව නොසිතු විරු අවසානයකට තමයි අරන් යන්නේ… මේක රොමැන්ටික් කතාවක් වගේ හිතුවාත් මේක ත්‍රීලර් ඇක්ෂන් කතාවක් කියලා මං කිව්වා නේ මුලින්ම…ඒ නිසා අවසානය අනිවාර්යෙන්ම ඔබ සිතන් නැති අවසානයක් වෙන බව නොවනුමානයි..

අවසාන වශයෙන් මෙම උපසිරසිය නිර්මාණය කිරීම සදහා උදව් කල lahiru සහෝටත් ස්තූතිවන්ත වෙනවා.. මේ මගේ පළවෙනි bengali චිත්‍රපටය නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති.. ඒ සියල්ලටම සමාවෙන්න කියලා කියන ගමන් ලගදිම තවත් උපසිරසියකින් හමුවන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා..සියලු දෙනාටම බුදුසරණයි

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram