Viswam (2024) Sinhala Subtitle
Gopichand රඟපාපු අලුත්ම චිත්‍රපටියට තමයි මේ උපසිරැසි අරන් ආවේ. චිත්‍රපටියේ නම විශ්වම්.. මේකේ අධ්‍යක්ෂණය Sreenu Vaitla ගෙන්. Aagadu,Bruce Lee The Fighter,Mister,Amar Akbar Anthony වගේ ඇක්ෂන් කොමඩි චිත්‍රපටි ගොඩක් මේ අධ්‍යක්ෂකගේම තමයි… මේකේ කොමඩි නම් ටිකක් වැඩියි වගේ තේරුනා උපසිරැසිය කරද්දිත්.. කොමඩි ටික පොඩ්ඩක් විතර අඩු කලා නම් චිත්‍රපටියේ රන් ටයිම් එකෙන් විනාඩි 30ක් විතරම අයින් කරන්න තිබ්බා. මොකද චිත්‍රපටියේ අන්තිම විනාඩි 45 තිබ්බ ඇක්ෂන් ටික ඉන්ටර්වල් එක ඉවර උන වෙලාවේ ඉදන් තිබ්බා නම් චිත්‍රපටිය තව හොදට රසවිදින්න තිබ්බා. හැබැයි කොමඩි ඇක්ෂන් ඩ්‍රාමා කැටගරි එකේ තමයි මේ චිත්‍රපටිය වර්ගිකරණය කරලා තියන්නේ. ඉතින් ඒ ගැන වරදක් කියන්නත් බැහැ.
කෙලින්ම කතාවට එන්නම්කෝ.. චිත්‍රපටිය පටන් ගන්නේම රෙස්ටුරන්ට් එකක තියන බොම්බ පිපිරිමකින්. මේක කරන්නේ පකිස්ථානු ත්‍රස්තසංවිධානයක්. මේක කරන්නේ කවුද කියලා ඇමති සිතාරාමරාජුට ඔත්තුවක් ලැබෙනවා. ඔහු නිතිය ක්‍රියාත්මක කරන්න හදද්දිම මේ ප්‍රහාරය කරපු මහා මොළකාරයා ඔහුව ඝාතනය කරනවා. මේ ඝාතනය කරන එක පොඩි ගැණු ළමයෙක් දකිනවා. මේ ළමයාව ඒ වෙලාවේ අල්ලගන්න බැලුවාත් වැඩේ හරි යන් නැහැ. මේ ඇමතිව ඝාතනය කරපු තැන ඉන්න කෙනෙක් ඡන්දයටත් ඉදිරිපත් වෙන්න ඉන්නේ. මේ ළමයා මේ අයව අදුනගනිවි කියලා ඒ ළමයාව මරලා දාන්න හදනවා. මේ අතරේ තමයි අහම්බෙන් වගේ ගෝපි රෙඩ්ඩි (Gopichand) ව හම්බවෙන්නේ. ගෝපි ඇවිල්ලා මේ ළමයාව ආරක්ෂා කරන්නේ ඇයි? ත්‍රස්තවාදින්ට මේ ළමයාව මරලා එයාලාගේ ඉලක්කයට යන්න පුලුවන් වේවිද? ඒක දැනගන්න අරන් බලන්නම වෙනවා.
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
- SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
- විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ YTS ටැමිල්එම් වි වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
ස්තූතියි නුවන්ග ලක්ෂාන් සහෝ උපසිරැසියට