spot_img
spot_img

Vivo (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ දවස්වල ජනප්‍රිය සංගීතමය ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරැසි අද අරගෙන ආවා. මේ VIVO (2021). කුඩා දරුවන්ටත් සුදුසු ආකාරයට නිපදවුනු, ලස්සන සංගීතමය අත්දැකීමක් ලබාගන්න මේ චිත්‍රපටියෙන් පුළුවන්. සෝනි නිෂ්පාදකයන්ගේ පළවෙනි සංගීතමය ඇනිමේෂන් චිත්‍රපටිය තමයි මේ. සාර්ථක විදියට, සරල කතාවකින් එයාලා ජයග්‍රහණය කරලා තියෙනවා. නිකුත්වුනේ මෑතකදී වුනත්, ගොඩාක් දෙනෙක් මේක නරඹන්න තීරණය කලේ, මේ ගීත කලින්ම ජනප්‍රිය වෙච්ච නිසාමයි. රේටිං ගැන කියනවා නම්, මේ ලිපිය ලියනකොට IMDB 6.8, RottenTomatoes 89%, FilmWeb 6.4, Google Users 73% වගේ තිබුනා.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kirk DeMicco සහ Brandon Jeffords එකතු වෙලා. මේ සඳහා සංගීතයෙන් සහ කටහඬින් දායක වෙලා තියෙනවා Lin-Manuel Miranda (වී‍වෝ), Ynairaly Simo (ගැබී), Juan de Marcos González (අන්ඩ්‍රේස්) සහ Zoe Saldana (රෝසා) ඇතුළු පිරිසක්.

කතාව දිවෙන්නේ කින්කාජු කියන වැසි වනාන්තර වල වෙසෙන කුඩා වඳුරෙක් වගේ සතෙක් (වී‍වෝ) වටා. මෙයා නගරයට එන්නේ අහම්බෙන්. එහෙදී හමුවෙනවා සංගීතය ජීවකාව කරගත්ත අන්ඩ්‍රේසිව. ඔහු සමඟ එකතු වෙන වීවෝ, තමන්ගේ ලෝකය කරගන්නේ ගෙදර සහ ප්‍රසංග පවත්වන ප්ලාසා එක. මේ පුංචි ලෝකය දෙදරන්නේ, හදිස්සියෙන්ම අන්ඩ්‍රේසිට ලැබෙන ලියුමකින්. ඒ ඔහුගේ පැරණි පෙම්වතිය වන මාර්තාගේ අවසාන සංගීත ප්‍රසංගයට ඇය සමඟ ගායනා කරන්න එන ලෙස දැන්වූවක්. ඒක පාර්ශ්වික ආදරයක් වුනු ඒ ආදරය, ප්‍රකාශ කරන්න ලැබුණු මේ අවස්ථාව අන්ඩ්‍රේසි ප්‍රයෝජනයට ගන්නේ කෙසේද? වීවෝට මොකද වෙන්නේ? ගැබී කවුද? ඇය මේ කතාවට ඇති සම්බන්ධය මොන වගේද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රසවිඳින්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Vivo (2021) සිංහල උපසිරැසි” Vivo.(2021).Sinhala.Subtitle.rar – Downloaded 3991 times – 883 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply to niendertal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram