spot_img

Vodka Diaries (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් හින්දි චිත්‍ර‍පටියක් අරන් ආවා… සමාන්‍යයෙන් මේ වගේ චිත්‍ර‍පටියක් දැක්කාම අරන් එන්නේ ගයාන් තමයි… එත් ගයාන් මේ දවස් වල කාර්යබහුල නිසාම මං මේක අරන් ආවා… හැබැයි ටිකක් පමා උනා ඉතින් අනික් වැඩත් එක්ක මේ චිත්‍ර‍පටිය කරද්දි.. මේක තිරඟත උනේ නම් මේ අවුරුද්දේ ජනවාරි මාසේ හැබැයි මේකේ පිටපතක් නිකුත් වෙන්න නම් සැහෙන කාලයක් ගියා… Kushal Srivastava ගේ පළවෙනි අධ්‍යක්ෂණය තමයි මේක. පලවෙනි ෆිල්ම් එකෙන්ම මනස කලම්බන වැඩක් ඔහු කරන්න සමත් වෙලා තියනවා. ප්‍ර‍ධාන චරිත ලෙස Kay Kay Menon,Raima Sen,Mandira Bedi රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටිය පවුලේ සැමටම බලන්න පුලුවන් එකක් කියලාත් කියන්න ඕනි…

මං කතාව ගැන මෙහෙම කියන්නම්… එක් පොලිස් නිලධාරියෙක්… ඔහුට මිනිමැරුමක් ගැන පරික්ෂණයක් කරන්න ලැබෙනවා. මිනිමැරුමට ඔවුන් සැක කරන සැකකාරයත් ඊට පහුවැනිදාම මරලා දානවා…ඒ විතරක් නෙමෙයි තවත් තිදෙනෙක් ඒ සමඟම හෝටලයක් තුල මිය යනවා. මේ මිනිමැරුම් සියල්ලම ගැන පරික්ෂණ කරගෙන යද්දිම මේ පොලිස් නිලධාරියාගේ බිරිදත් අතුරුදහන් වෙනවා…දැන් ඔයාලා බලනවා ඇති මේ කතාව ෂුවර් එකටම ශර්ලොක් හොම්ස් ජාතියේ මිනිමරුවෙක් හොයන් යන චිත්‍ර‍පටියක් කියලා. සම්පුර්ණයෙන් වැරැදියි…ඒ වැරැදි ඇයි කියලා චිත්‍ර‍පටිය අරන්ම බලන්න වෙනවා. සමාන්‍යයෙන් මත්වෙන දෙයක් බිලා මත් උනාමත් කරකවලා අත හැරලා දානවා වගේ හැඟිමක් එනවා නේ. ඒ වගේ තමයි මේ වොඩ්කා ඩයරීස් එකත්…වොඩ්කා නම ගැවිලා තියන නිසාම ඔයාවත් කරකවලා අතහැරලා දාවි….

සාමාන්‍යයෙන් ටිකක් මනස කැලබෙන කතා බලන්න අකමැති කැමැති දෙගොල්ලක් ඉන්නවා. ගොඩක් අය අකමැති සමහර විට අපිව කරකවලා අතහැරලා දාලාම චිත්‍ර‍පටිය ඉවර වෙන හින්දා. මේ චිත්‍ර‍පටිය පැය දෙකක් පුරාවට ඔයාගේ මනස කරකවලා අතහැරියාත් අන්තිමට ප්‍ර‍ශ්න සේරම විසදලා දෙනවා. ඒක නිසා බය නැතුව අරන් බලන්න. එහෙනම් මං ගියා ඕං..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram