spot_img

Voice From The Stone (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හැමෝටම ආයුබෝවන් සැහෙන කාලේකින් මේ පැත්තට ආවේ… මේ චිත්‍ර‍පටියත් අරන් සැහෙන දවසක් වෙනවා. කොහේද වැඩරාජකාරි නිසා සබ් එකක් කරන්න වෙලාව ඇත්තේම නැහැ. නමුත් බාරගත්ත ටික කොහොම හරි කරලා දෙනවා පුලුවන් වෙලාවට හරි. වෙන කතා නැතුව චිත්‍ර‍පටිය ගැන කියන්නම් කෝ. මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය කරන්නේ Emilia Clarke විසින්. ඇයව හැමදෙනාම හඳුනනවා නේ. කතාව ගැන කිව්වොත් වේරේනා කියන්නේ ළමයින් බලාගන්න ගැණු ළමයෙක්. සංකාවෙන් අසනිපයෙන් වගේ ඉන්න ළමයින්ව බලාගන්න එක තමයි ඇයගේ රාජකාරිය. එහෙම ළමයෙක් බලාගන්න ඇය එක්තරා නිවසකට එනවා. මේ ළමයා තමන්ගේ මවගේ වියෝවෙන් පස්සේ වචනයක්වත් කතා කරලා නැහැ. ඉතින් ඒ ළමයාව සනිප කරන්න තමයි ඇය එන්නේ. නමුත් මේ ගෙදර යම් යම් අද්භුත දේවල් සිද්දවෙන බව ඇය ටික දවසක් යද්දි දැනගන්නවා. ඒ වගේම මේ කතා කරන්නේ නැති ළමයාත් නිතරම බිත්තියට කන තියාගෙන යම් යම් දේවල් වලට ඇහුම්කන් දෙනවා… ඒ ළමයා හිතන්නේ තමන්ගේ නැතිවුන මව ඔහුට මේ බිත්ති හරහා කතා කරනවා කියලා. වේරෙනාත් දවසක් තියන සැකයටම බිත්තියට කන තියලා බලනවා… එතැනින් එහාට කුමක් වේවිද කියලා අරන්ම බලන්නකෝ. හමුවෙමු තවත් චිත්‍ර‍පටියකින්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram