More

    War For The Planet Of The Apes (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හොඳ කොපියක් ඇවිත් පැය විසි හතරක් යන්න කලින් ඔන්න උපසිරස අරගෙන ආවා ගොඩක් අය එනකන් මග බලාගෙන හිටපු චිත්‍රපටියකට. War for the Planet of the Apes වන මෙම චිත්‍රපටය කවුරුත් දන්න ආසාවෙන් බලපු Planet of the Apes චිත්‍රපට මාලාවෙම අලුත්ම චිත්‍රපටයක්. එය පැරණි චිත්‍රපට මාලාවක් කියලා ගොඩක් අය දන්නවා. මොකද අපි හැමෝගෙම ළමා කාලය රසවත් කරපු සුපිරිම චිත්‍රපට මාලාවක් වන නිසා. අල කරගන්නේ නැතුව දිගටම යන හොඳම චිත්‍රපට මලාව මෙය කීවොත් වැරදි නැහැ. IMDB දර්ශකය 7.8 කට කරකවන්න මෙම චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. ඒවගේම ප්‍රති නිර්මාණයට ලක් වූ මෙම චිත්‍රපට පෙලේ තුන් වෙනි චිත පටය තමයි මෙම චිත්‍රපටය. Rise of the Planet of the Apes 2011 වර්ෂයේදිත් Dawn of the Planet of the Apes 2014 වර්ෂයේදිත් නිකුත් වුණා. වසර තුනෙන් තුනට තමයි මෙහි චිත්‍රපට නිකුත් වුණේ. ඒක නිසා රසවින්දනය හොඳට ලබාගන්න නොබලපු අයත් බලලා ගොඩක් කල් නිසා ඒ චිත්‍රපට අමතක වෙලා ඉන්න අයත් ඒ දෙක ආපහු බැලුවොත් හොඳයි කියලයි මම හිතන්නේ. එහෙනං සීසර් කෝබාව මරපු තැන ඉඳන් ඉදිරියට ගලා යන මෙම චිත්‍රපටය නරඹන්න.. දිග ලිපි ලියන්න අමාරුයි මේ වෙලාවෙ මොකද දැන් වෙලාව පාන්දර 12.20යි. ඔව් නිදිමරාගෙන තමයි උපසිරස නිර්මාණය කරේ. හැමෝටම හොඳට රසවිඳින්න පුළුවන් වෙන්න හැකි උපරිමෙන් උපසිරස නිර්මාණය කරලා තියෙන්නේ.

    පවුලක් තියන හැමෝගෙම වැදගත්ම දෙය තමයි තමන්ගේ පවුල. අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්, දුව, පුතා වගේ නොයෙක් ආකාරයට පවුලේ සාමාජිකයින් එක එක්කෙනාට ඉන්නවා. තමන්ගේ පවුල වෙනුවෙන් කෙනෙක නොකරන දෙයක් නෑ. ඒත් පවුලක් තියෙන්නේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ටත් එහෙමයි. එයාලත් අපි වගේම තමයි. එයාලටත් අපිට වගේ හැඟිම් තියෙනවා. ඉතින් මේ චිත්‍රපටය පවුල වටා ගෙතෙන පළිගැනීමක්. රංචුවක නායකත්වය දැරීම වගකීම් පිරි සීසර් නැමති වානරයා වටේ තමයි ගෙතෙන්නේ.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “War For The Planet Of The Apes (2017) සිංහල උපසිරැසි” War.For.The.Planet.Of.The.Apes.(2017).Sinhala.Subtitle.rar – Downloaded 2130 times – 18 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිසල් ලක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram