spot_img
spot_img
More

    XXx Return Of Xander Cage (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න අද ගේන්නේ ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය (xXx) චිත්‍රපට මාලාවේ අළුතින්ම නිකුත් වුණ (Return Of Xander Cage) කියන චිත්‍රපටයයි…මේක තිරගත වෙන්න පටන් ගත්තේ මේ වසරේ ජනවාරි 20 වෙනිදා ඉදං… හිටිහැටියේම කොපියක් නිකුත් වුණ හිංදා කරකියා ගන්න දෙයක් නැති වුණා..මොකෝ දැන් සංවර්දන වැඩ කටයුතුවලට මෙහෙ ලයිට් කපනවා නොවෑ… ඔන්න කොපිය නිකුත් වෙලා පැය 24 යනකම් මං දැනන් හිටියේ නෑ..පස්සේ ඉතිං වෙනදා වගේම නවීන් කොලුවා තමා කතා කරලා කිව්වේ මේකෙයි අරකෙයි කොපි දෙකක් ඇවිලා කියලා…ලයිට් ප්‍රශ්නේ නිසා වැඩේ කරන්නත් වුණේ හවස 6 පස්සේ ටිකක් විතර පරක්කු වුණා… කොහොම නමුත් වැඩේ ඉවරයක් කරද්දී ඊයේ රෑ 8 විතර වුණා… ඉතිං ප්‍රමාදයට සමාව…

    චිත්‍රපටයේ වෙන්නේ මේකයි… මුලින්ම නිව්යෝර්ක් නගරයේ පිහිටි CIA මුලස්ථානයට කට්ටියක් කඩා පැනලා “පැන්ඩෝරා බොක්ස්” කියලා උපකරණයක් හොරකම් කරගෙන යනවා…මේකෙන් චන්ද්‍රිකා පාලනය කරන්න වගේම ඔත්තු බලන්නත් පුළුවන්…ඉතිං මේක නරක කෙනෙක් අතට ගියා කියන්නේ ලෝක විනාසය වුණා වගේ තමයි…ඉතිං CIA එකෙන් මේක හොයන්න දක්ෂ කෙනෙක්ව හොයනවා… හොයාගන්නේ වෙන කවුරුවත් නෙමේ ෂැන්ඩර්ව…ෂැන්ඩර් කියන්නේ ත්‍රිපල්-x සාමාජිකයෙක්… මෙයා ලෝකයට මැරුණ කෙනෙක්… කොහොම වුනත් මෙයා මේක හොයන්න අමුතු කණ්ඩායමක් හදාගන්නවා… ඒ අයත් එක්ක මේක ගන්න කියලා පිලිපීනයේ රහස් දුපතකට යනවා…ගේම යන්නේ ගොඩක් ජනප්‍රිය අයත් එක්ක…ලොකු සටනකින් පස්සේ ෂැන්ඩර් “පැන්ඩෝරා බොක්ස්” එක අරගන්නවා… හැබැයි මෙයාට ඒක වැඩි වෙලා තියා ගන්න නම් හම්බු වෙන්නනේ නෑ…දීපිකා අක්කා වෙඩි තියල කුඩු කරලා දානවා කියහන්කෝ… වෙඩි තියල විනාශ වුණාට පස්සේ චන්ද්‍රිකාවක් මොස්කව් නුවරට කඩාගෙන වැටෙනවා…මෙයාලත් පුදුම වෙනවා මෙයාල ළඟ පැන්ඩෝරා බොක්ස් එක තියෙද්දී ඒක කොහොමද වෙන්නේ කියලා…මේක මිට වැඩිය විස්තර තියේ… මං උඩින් පල්ලෙන් කියෙව්වේ… එහනම් බලන්නකෝ…

    චරිත+**

    Vin Diesel – ෂැන්ඩර් කේජ්
    Donnie Yen – ෂැංග්
    Deepika Padukone – සෙරීනා
    Kris Wu – නික්ස්
    Ruby Rose – ඇඩෙල් වුල්ෆ්
    Tony Jaa – ටැලෝන්
    Rory McCann – ටෙනිසන් ටෝ(ර්)ච්
    Samuel Jackson – අගොස්ට් ගිබන්ස්
    Toni Collette – ජේන් මාර්ක්

    පොඩි ආරංචියක් කියන්නම් හැමෝටම… ඉස්සරහට ඔයාලා එනකම් බලාගෙන ඉන්න චිත්‍රපටවල ගොඩක් දුරට වීරයා වෙලා හිටිය කෙනා දුෂ්ටයා වෙනවා… උදාහරණයක් කිව්වොත් ඉදිරියේදී නිකුත් වීමට තියෙන “ට්‍රාන්ස්ෆෝමර්ස ්” මුවි එකේ හැමෝම ආදරය කළ සුපර් කාර් ඒක අළුත් චිත්‍රපටයේ ඉන්නේ විලන්ගේ චරිතයට තව “ෆාස්ට් ඇන්ද ෆියුරියස් 8” එකෙත් අපි හැමෝම දන්නා කියන Vin Diesel ඉන්නෙත් විලන් විදිහට…තව 2018 නිකුත් වෙන “ද අවෙන්ජස්” එකත් පොඩි වෙනස් කම් කිහිපයක් වෙලා තියෙනවා කියල තමයි ආරංචි වෙන්නේ..කොහොම නමුත් 2017 වගේම 2018 වෙනකම් චිත්‍රපටි ලෝකයේ මොනවා වේවිද කියලා කියන්න දන්නේ නෑ..හැමෝම බලන් හිටිය “කිං කොනුත්” නිකුත් වුණා නොවෑ…අවුරුදු ගානක නිහැඬියාවකට පස්සේ..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

    Download “XXx Return Of Xander Cage (2017) සිංහල උපසිරැසි” XXx.Return.Of.Xander.Cage.2017.Sinhala.Subtitle.rar – Downloaded 409 times – 67 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අබිෂ් ධනංජය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram