spot_img

Heartstrings (2011) සම්පුර්ණ කතාමාලාවේ (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා මම ලව් ස්ටෝරි එකක්ම දෙන්න තීරණය කළා. සූම් එකෙන් මේ ටිකේම ලව් ස්ටෝරි දුන්නෙ නැති නිසා මේ සීරිස් එක වැලන්ටයින් දවසෙ  තෑග්ගක් විදියට එකපාරට දෙමු කියලා හෙඩ්ස් කිව්වා. ඇත්තටම කිව්වොත් මේක බලන්නම වටින එකක්. ඔයාලට තව වාසියක් කියන්නෙ සාමාන්‍යයෙන් කොරියන් සීරිස් එකක කොටසක් 700MBක්වත් වෙනවනෙ. ඒත් මේකෙ එක කොටසක් වෙන්නෙ 250MBයි. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැතුව බාගන්න පුළුවන්. වෙන සීරිස් එකක් දාන එක නවත්තලා තමයි මේක දාන්න ගත්තෙ.

දැන් කතාව ගැන විස්තරයක් කියන්නම්. මේකෙ නම Heartstrings නැත්තම් You’ve Fallen For Me. කොටස් 15ක් තියෙන මේ කතාව විශ්ව විද්‍යාලයක සංගීත අංශයේ සිසුන් දෙන්නෙක් වටා තමයි ගෙතිලා තියෙන්නෙ. ඒත් දෙන්නා හාත්පසින්ම වෙනස්. මුලින් එකිනෙකාට වහකදුරු වගේ ඉන්න දෙන්නා තමයි පස්සෙ එකිනෙකාට නැතුවම බැරි වෙන්නෙ. මේ කතාවෙ රගපාන්නෙ මම ඔයාලට කලින් දුන්නු You’ re Beautiful එකේ ඉන්න ප්‍රධාන නළුවෙකුයි නිළියකුයි. බලපු අයට පින්තූරෙ බැලුව ගමන් අදුර ගන්න පුළුවන්. මගේ දෙවෙනි සීරිස් එකම මේ විදියට එක පාරටම දෙන්න පුළුවන් වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම හිතනවා ඔයාලා හැමෝම මේක බලාවි කියලා. ඔයාලා මේක බලන එක නම් කිසි අපරාදයක් වෙන්නෙ නෑ කියලා මට කියන්න පුළුවන්. තව දෙයක් තියෙනවා, කතාවෙ තියෙන්නෙ කොටස් 15ක් වුනාට ටොරන්ට් ෆයිල් එකේ කොටස් 16ක් තියෙනවා. ඒකෙන් අන්තිම එක බාගන්න එපා. ඒකෙ තියෙන්නෙ ටොරන්ට් එක දාපු කෙනා හදපු කතාවන්ගෙ සාරාංශයක කොටසක්. මේක බාගෙන යන ගමන් ඔයාලට මගේ උපසිරැසි ගැන හැගෙන දේවල් ටිකක් ලියලා යන්න අමතක කරන්න එපා. එතකොට මගේ වැරදි තිබුනොත් ඒවා හදාගෙන තවත් හොද විදියට ඔයාලට උපසිරැසි දෙන්න පුලුවන් වේවි. එහෙනම් ආයෙත් ලස්සන කතාමාලාවක් අරන් එන පොරාන්දුව පිට ඔයාලට සුබ ආදරවන්තයින්ගේ දිනයක් කියන ගමන් මම යනවා. ඔයාලට ජයෙන් ජය!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  16ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

සචින් ප්‍ර‍භාෂ්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. Me sub eka dunna ekatanam marma thankzz arr.. 🙏🙏Kohewath ne hoyagannaa..👌👌
    Puluwannam city hunter eke sub ekath dennakoo..😍😍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram