today-is-a-good-day
More

    Varisu (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

     

    අද මම ඔයාලට උපසිරැසි අරගෙන එන්නේ, 2023 ජනවාරි මාසයේ බොහෝ දෙනෙක් මඟා බලාන සිටි චිත්‍රපට ද්විත්වයෙන් (Varisu/Pathaan)එකකටයි. ඒ තමයි දමිළ සිනමාවේ කිරුලු පැළැදි නළුවෙකු වන තලපති විජයිගේ Varisu (උරුමක්කාරයා) කියන චිත්‍රපටයට. මේ චිත්‍රපටය තිරගත වූ දිනම තවත් අභියෝගයක්ව “තල” අජිත්ගෙ Thunivu චිත්‍රපදයද තිරගත වුනා. ඉතිං කවුරුත් බලන් හිටියේ මේ තරඟකාරී චිත්‍රපට දිවිත්වයෙන් කවුරු දිනයිද කියලා. ඒකට උත්තර දැන් අපි දන්නවා. ඒ තමයි වාරිසු එක ලොකු ගැප් එකකින් තුනිවු අභිබවා ගියා.

    Vamshi Paidipally විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය Action, Romance, Comedy,Drama කියන ශාරණයක්ට අයත් වනවා. ෆැමිලි පැක් එකක් ලෙස ආපු මේ චිත්‍රපටය පවුලෙ සැමට එකට ඉද බලන්න පුළුවන්, හොඳ ආදර්ශයක්එහෙම දෙන චිත්‍රපටයක්. නළු නිළියන් ගැන කියනව නම්,

    Thalapathy Vijay.
    Rashmika Mandana.
    R. Sarathkumar.
    Prakash Raj
    Jayasudha.
    Prabhu.
    Shamshuddin Ibrahim.
    Srikanth

    යන නිතර දකින්න ලැබෙන නළු නිළි පිරිසක් තමයි රංඟනයෙන් දායක වෙන්නේ. බොහෝ වසර ගණනකට පසු තමයි ආයෙම ප්‍රකාශ් රාජ් සහ තලපති සං‍යෝගය අපිට දැකගන්න ලැබුනේ. ඒ වගේම මේ චිත්‍රපටය විජෙයි භාරගන්න කලින්, තෙළුගු සිනමාවේ තරු නළුවන් වන, මහේශ් භාබු, අල්ලු අර්ජුන්, ප්‍රභාස්, රාම් චරන් වගෙ අය වටෙත් කැරකිලා තියෙනවා. රශ්මිකා ගැන කියනව නම් සුල්තාන් එකට පස්සෙ තමයි ඇයව මේ ආයෙම දමිළ චිත්‍රපටයකින් දකින්න ලැබුනේ.

    චිත්‍රපටයේ කථාව අභිබවා යන මියුසික් තියෙනවා කියල නම් එකහෙලාම කියන්න පුළුවන්. ඉතිං මේ මියුසික් හැසිරවීම කරනු ලැබුවේ, Thaman S විසින්. මෙහි ගීත කිහිපයක් අඩංඟු වෙනවා. ඒ ටික මෙසේයි.

    “Ranjithame”- By තලපති විජෙයි, සමඟින් මානසී.
    “Thee Thalapathy” – By දමිල නළු Silambarasan.
    “Soul of Varisu”- By K. S. Chithra.
    “Jimikki Ponnu” – By Anirudh Ravichander, Jonita Gandhi
    “Vaa Thalaivaa” – By Shankar Mahadevan, Karthik, SS Thaman,
    Deepak Blue, Arvindh Srinivasan.

    සුපුරුදු පරිදි මෙවරත් තලපතිගෙ ගීයක් අඩංගුයි. ගියපාර බීස්ට් එකේ වගේම මාස්ටර් එකෙත් හිට් ගීත තලපති විසින්ම ගායනා කරනු ලැබුවානෙ. හැමපාරම වගේ මෙවරත් ZOOM එකෙන් ඒ සියලු ගීත සිංහල උපසිරැසියෙන් රසවත් කරනු ලැබුවා.

    මම ඔයාලට කිව්වනෙ මේක ෆැමිලි පැක් එකක් කියලා. ඉතිං ටිකක් තෙළුගු ආරයේ චිත්‍රපටයක්. ඒකට හේතුවක් තමයි අධ්‍යක්ෂකත් තෙළුගු චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් වීම. ඉතිං කථාව ගැන කෙටියෙන් මම සඳහනක් දාන්නම්.

    විජයි කියන්නෙ තමන්ගේ තාත්තගේ දේපල වලින් යැපෙන්න අකමැති කෙනෙක් ,ඉතින් ඒ නිසාම එයා තමන්ගෙම කියල දෙයක් කරන්න කියල තමයි ගෙදරින් යන්නෙ,ඒත් කාලය ගෙවී යත්ම ආපහු තමන්ගේ ගෙදරට එන්න විජයිට සිද්ධ වෙනවා,එහෙම ආවට පස්සෙ තමයි විජයිට දැනගන්න ලැබෙන්නේ තමන්ගේ නිවසේ තිබ්බට වඩා ප්‍රශ්න තියෙනවා කියල..කොහොම හරි තමන් ආපු වැඩේ ඉවර කරල ආපහු යන්න තමයි විජයි බලන් ඉන්නෙ,මේ ප්‍රශ්න එයාට වැඩක් නෑ කියල..ඉතින් එතනින් එහාට කතාව මොකක් වෙයිද කියල ඔයාලම බලන්න්කෝ..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Varisu (2023) සිංහල උපසිරැසි” Varisu.(2023).Sinhala.Subtitle.rar – Downloaded 26387 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දිලිප මධුෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
      සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕

    2. ගොඩක්ම ස්තූතියි දිලිප සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram