spot_img
spot_img

ස්වීට් හෝම් (2020) රුපවාහිනි කතාමාලාවේ පළමු අදියර (01) සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

zoom එකත් එක්ක නත්තල් සමරන ඔයාල වෙනුවෙන්ම ඔන්න ඉතින් අපි දැන් අරගෙන එන්නේ සුපිරිම සුපිරි කතා මාලාවක්..ඒකත් එක කොටසක් නෙවෙයි සම්පූර්ණ කතා මාලාවම…Lovestruck in the City කතාමාලාවේ පලවෙනි කොටස අපි දුන්නාම ගොඩක් අය ඒකට කමෙන්ට් කරල තිබ්බා Sweet Home කතාමාලාවමට සිoහල උපැසිරැසි දෙන්න කියල…ඉතින් ඔන්න ඔයාල ඉල්ලපු විදියටම අද අපි ඔයාලට සම්පූර්ණ කතා මාලාවම අරගෙන ආවා…

Drama, Fantasy, Horror ගනයට අයත් වෙන මේ කතාමාලාව මේ වෙද්දි මනාප 2294 කින් 7.4ක Imdb අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා..ඉතින් ඒකෙන්ම තේරෙනවනේ කොහොමද මේ කතා මාලාව කියල…එක කතාංගයක් විනාඩි 45 -50 අත් අතර දිවෙන මෙය කොටස් 10කින් සමන්විතයි…කිසිම කම්මැලි කමක් නැතිව පළවෙනි කොටසෙ ඉදන් බලන්න පුලුවන් කියලනම් කියන්න පුලුවන්..Netflix  2020 දෙසැබ්බර් 18 නිකුත් උන මේ කතාමාලාව මේ වෙද්දී බිලියන 1.2 ක් බලල තියෙනවා කියල තමයි දැනගන්න ලැබෙන්නේ…ඉතින් දැන් බලමුකෝ මේකේ කතාව මොන වගේ එකක්ද කියල…

Sweet Home කියල කිව්වට මේක ස්වීට්නම් නෑ…Cha Hyun-soo කියන්නේ තනිවම ජීවත් වෙන කෙනෙක්..
එයාගේ දෙමව්පියන් අනතුරක් නිසා මෙලොව හැර යද්දී Cha Hyun-soo  මේ ලෝකේ තනි වෙනවා…කොහොම හරි ගේම් පිස්සෙක් වෙලා ඉන්න මෙයා…අලුත් ගොඩනැගිල්ලක කාමරයක් අරගෙන පදිoචියට යනවා…ඉතින් මෙහෙම මේ ගොඩනැගිල්ලේ ඉද්දී එක පාරටම අමුතු සිදුවීම් ටිකක් වෙන්න පටන් ගන්නවා..එක්තරා විදියක ව්යිරස් එකක් වගේ දෙයක් පැතිරෙන්න ගන්නවා මුළු ගොඩනැගිල්ල පුරාම ඉන්න මිනිස්සු අතරේ…ඉතින් මේ වෙයිරස් එක හැදෙන කෙනෙක් රාක්ෂකයෙක් වගේ අමුතුම ජීවින් වෙලා තමයි නවතින්නේ..ඉතින් එහෙම රාක්ෂයන් බවට හැරෙන අය අනිත් මිනිස්සුන්ව කෑමට අරගෙන තමයි බඩගින්න නිවා ගන්නේ…ඉතින් Cha Hyun-sooට පුලුවන් වෙයිද මේකේන් බේරෙන්න…එතකොට ඒ ගොඩනැගිල්ලේ ඉන්න අනිත් මිනිස්සුන්ට මොනව වෙයිද?..එහෙනම් අරගෙන බලන්න කුතුහලය…ත්‍රාසය කැටි උන කොරියානු කතා මාලාව Sweet Home…

අද මේ විදියට ඔයාලට මේ කතා මාලාව ගේන්න අපේ zoom  උපැසිරැසි කණ්ඩායමේ ගොඩක් අය මහන්සි උනා…මුලින්ම මතක් කරන්න ඕනි මේ කතාමාලාවට උපැසිරැසි ගන්වමු කියල අදහස ගෙනාවේ අපේ හිමාශ් මල්ලි…ඒ ඉල්ලීමත් එක්කම දවස් දෙකෙන් මුළු කතාමාලාවම උපැසිරැසි ගන්වන්න දායක උන නවීන් රන්දික,දිනිත් සන්දීප,හීමා ශෙනේලි,ලහිරු උදයoග කියන සහෝදර සහෝදරියන්වත් මතක් කරන ගමන් ..ආරාධනා කරනවා ඔයාල හැමෝටම අරගෙන බලන්න කියල මේ ලස්සන කතාමාලාව…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • උපසිරැසි කොටස්  10ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

Download “Sweet Home (2020) සිංහල උපසිරැසි” Sweet.Home.(2020).Tv.Seiris.Sinhala.Subtitle.rar – Downloaded 1979 times – 114 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

12 COMMENTS

  1. කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    අනිවාර්යයෙන්ම බලනවා ඒ වගේම smallville ඉතිරි සීසන් වලටත් මේ වගේම සබ් දෙන්න .

  2. Warrior tv series එකටත් sub දෙන්නකෝ …… Plzzzz
    පට්ට කතාවක් එකත්……. Sub නැති නිසා බලන්න බැරුව ඉන්නේ……

  3. Warrior tv series එකටත් sub ඕන….. Plzzzzzzzzzzzz…..
    පට්ට කතාවක් ඒකත්…… Sub නැති නිසා බලන්න බැරුව ඉන්නේ……

Leave a Reply to P_mihir Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram