More

    83 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේක ඇවිල්ලා ටික දවසක් වෙනවා.. එත් මොකෝ මේ පමා වෙලා කියලා හිතෙනවා නම්.. ඇත්තටම මේ ෆිල්ම් එක උපසිරැසි කරන්න අරන් නතර කරලා තිබ්බේ.. මොකද මේකට උපසිරැසි දාන එක තනිකරම ක්‍රිකට් මැච් එකක විස්තර විචාරයකට උපසිරැසි කරනවා තරම්ම අමාරු එකක්.. ක්‍ර‍ිකට් වල ඉංග්‍රිසියෙන් භාවිතා වල දේවල් වලට මොනා දාන්නද කියලා වෙලාවකට හිතුනා. මොකද එවාගේ සිංහල තේරුම් හොයාගන්නත් තැනක් නැහැනේ. සිංහල ක්‍ර‍ිකට් විස්තර විචාරයක් අහපු කාලයක් මතකත් නැහැ… කොහොම හරි පහුගිය දවසක IPL වල අවසන් මහා තරඟයේ උත්සවය බැලුවාම ඒ ගැම්ම දැක්කාම මට හිතුනා 83 ෆිල්ම් එක ඉවරයක් කරලා දාන්න ඕනි කියලා.. ඉතින් කොහොම හරි හිත හදාගෙන ෆිල්ම් එක කරන්නගත්තා. ඕක තමයි මේක මාස දෙක තුනක් පරක්කු වෙලා ඔයාලට උපසිරැසිය ලැබිමේ කතාව..

    83 ලෝක කුසලානය ඉන්දියාව දිනන එක චිත්‍ර‍පටියක් හදන්න තරම් ලොකු කතාවක් තිබ්බාද? හැබැයි මේක දැක්කාම නම් එහෙම තිබුනා කියලා කියන්න පුලුවන්. එංගලන්තයට ගියාම එහේ විස්තර විචාරකයන්ගේ ඉදන් හැමෝම ඉන්දියාවේ ටිම් එක දෙකේ කොලේට දාලා කතා කරන්නේ (හැබැයි දැන් ඉන්දියාවට ඒ අතීතය මතක නැහැ මොකද දැන් ඉන්දිය විස්තර විචාරකයෝ තමයි අනික් රටවල් සවුත්තු කරලා කතා කරන්නේ) කවුරුත් හිතන්නේ නැහැ ඉන්දියාව ලෝක කුසලානය දිනින්න තියා එයාලාට තියන මුලික වටේ මැච් හතරෙන් එකක්වත් දිනිවි කියලා.. මේ අය ලෝක කුසලානයට යන්න කලින්ම මුලික වටේ මැච් හතර ඉවර උනාම ඉන්දියාවට එන්න ටිකට් පවා බුක් කරලා යන්නේ.. මේකේ කෙනෙක්ගේ කසාදයක් පවා කැඩෙනවා ක්‍රිකට් ක්‍රිඩකයෙක් බැදලා මොනා කරන්නද එයාලා දුප්පත් අයනේ කියලා. අනික ඉන්දියාවෙත් ඒ කාලේ ක්‍රිකට් වලට ලොකු ජනතා ප්‍ර‍සාදයකුත් නැහැ. එහෙම තියෙද්දි තමයි මේ ලෝක කුසලානය එයාලා දිනන්නේ.. ඉතින් ඒක චිත්‍ර‍පටියකට නැගිම ඇති වැරැද්දකුත් නැහැ…

    ලොකු කාස්ට් එකක් චිත්‍ර‍පටියේ ඉන්නවා.. ක්‍රිකට් ක්‍රිඩකයන් 11 දෙනාටම සිනමාවේ චරිත අරන් තියෙන්නේ.. මේක කෝටි 270ක් වියදම් කරලා හැදුවාත් ආදායම නම් හම්බුනේ කෝටි 193යි. කොහොම හරි තාම මේක බැලුවේ නැත්නම් ඔන්න ඔයාට පුලුවන් මේක අරන් බලන්න..

    චිත්‍ර‍පටියේ අවසානයේ කපිල් දේව් විසින් මෙහෙම කියනවා ”අපි ලෝක කුසලානය දින්න දවසේ සතුට නිසා අපිට බඩගිනි හැදුනේ නැහැ..එත් අපි බඩගිනි වෙලා කන්න යද්දි හැම කඩයක්ම වහලා තිබ්බා. අපි එදා හිස් බඩින් නිදා ගත්තා.. එත් හිත නම් සම්පුර්ණයෙන් පිරිලා තිබ්බේ..”

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “83 (2022) සිංහල උපසිරැසි” 83.(2022).Sinhala.Subtitle.rar – Downloaded 2635 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2. කරන්න තියෙන ඔක්කොම බලුවැඩ ටික කරනගමන් හෙන ගැම්මෙන් මුන් කතාකරන්නේ මුන්ගෙ රට ගැන , ක්‍රිකට් ගැන එහෙම…..
      සබට තෑන්ක්ස් සහෝ,මම නම් හැබැයි බලන්නෙ නෑ

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram