spot_img
spot_img

Parched (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේක කට්ටියගේ ඉල්ලිම් නිසා කරපු චිත්‍ර‍පටියක්. කිපදෙනෙක්ම අහලා තිබ්බා හින්දි චිත්‍ර‍පටි කරනවා නම් මසාලා චිත්‍ර‍පටි විතරද කරන්නේ සමහර එවා ඇයි මඟහරින්නේ කියලා. ඉතින් ඉල්ලිම් අහක දාන්න බැරි නිසා මේ චිත්‍ර‍පටිය අරන් ආවා. මේක ආව කාලේම අපේ සුපුන් පවා කිව්වා කරලා දාන්න හොද චිත්‍ර‍පටියක් කියලා. එත් මේක මට අමතක වෙලාම ගියා… හැබැයි කියන්න ඕනි මං හිතුවාට වඩා රසවත් විදියට විදින්න පුලුවන් චිත්‍ර‍පටියක් ලෙස මේක හඳුන්වන්න පුලුවන්.

මේ චිත්‍ර‍පටිය නිකුත් වෙන්නේ 2016 සැප්තැම්බර් 23 වැනිදා. චිත්‍ර‍පටිය නිකුත් වෙන්න කලින්ම මේකේ විඩියෝ දෙක තුනක් අන්තර්ජාලයේ සීග්‍රයෙන් පැතිරි ගියා. ඒක නිසාම මේක වැඩි කතාබහට ලක්වුනා කිව්වොත් නිවැරැදියි. ඒ වගේම අනික් කාරණව මේ චිත්‍ර‍පටියේ පිටපතක් ඉන්දියාවේ චිත්‍ර‍පටිය තිරඟත වෙද්දිම අන්තර්ජාලයට නිකුත් වුනා. මේ චිත්‍ර‍පටිය නිශ්පාදනය කලේ අජේ දේව්ගන් ෆිල්ම්ස් වෙතින්. අජේ දේව්ගන් කියන්නේ පයිරට් කොපි වලට තදින්ම විරුද්ධ කෙනෙක්. ඉතින් ඔහු බොහෝම ආවේගශිලි ලෙස මේ චිත්‍ර‍පටිය අන්තර්ජාලයට නිකුත් විම ගැන කතා කලා. මෙම ප්‍ර‍ධාන චරිත ගැන කිව්වොත් Tannishtha Chatterjee,Radhika Apte හා Surveen Chawla ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා. මේය අධ්‍යක්ෂණය කරන්නේ Leena Yadav විසින්..

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක ඉන්දියාවේ රාජස්ථාන් පලාතේ එක්තරා ගමක් ගැන කියවෙන කතාවක්. ලොකේ කොච්චර ඉදිරියට ගියාත් ඉන්දියාවේ ඇතැම් ගම් තාමත් තියනවානේ ගම්සභා වලින් පාලනය වෙන. මේත් ඒ වගේ ගමක සිදුවන කතාවක්.මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධානම මාතෘකාව තමයි ළමා විවාහයන් ගැන කතා කිරිම. ඉන්දියාවේ තාමත් ළමා විවාහයන් සිදුවෙනවා. අවුරුදු 14ක් 15ක් වෙද්දිම පිරිමි ළමයෙක් හොයලා මේ ගැණු ළමයාව බන්දලා දෙනවා. එතැනින් පස්සේ ඒ දැරිවිගේ ජිවිතේ ගෙවන්න වෙන්නේ බොහෝම කටුක විදියට. ඒ මදිවට මේ වගේ ගම් වල ගැණු උදවිය පුරුෂාධිපත්‍ය යෙන් යට වෙලා තියෙන්නේ. සමාන්‍යයෙන් ගැණු ළමයින්ට ඉගෙන ගන්නවත් මේ අය ඉඩක් ලබා දෙන්නේ නැහැ. කතාවේ ප්‍ර‍ධාන චරිත තුන රාණි, ලජ්ජෝ හා බිජ්ලී. රාණි කියන්නේ අවුරුදු 17ක පුතෙක් ඉන්න අවුරුදු 32ක වැන්දබු කාන්තාවක්. බිජ්ලී කියන්නේ රාණිගේ හොදම යෙහෙලියක්. ඇයට නම් ළමයි නැහැ. එතකොට ලජ්ජෝ කියන්නේ නර්ථන කණ්ඩායමක සේවය කරන වෛශ්‍යාවක්. රාණි තමන්ගේ අවුරුදු 17ක පුතාට කසාදයක් කරලා දෙන්න අදහස් කරනවා අල්ලපු ගමෙන්. මේ බලන්න යන ගැණු ළමයාගේ නම තමයි ජානකී. ඇයට තාමත් අවුරුදු 15යි වයස. කොහොම හරි ඇයගේ කසාදය තමන්ගේ පුතාට කරලා දෙනවා. මේ රාණිගේ පුතා නම් ටිකක් මහා දරදඩූ මුරණ්ඩු කෙනෙක්. කසාද බැදලා ආව දවසේ ඉදන් තමන්ගේ බිරිදට හිතක් පපුවක් නැතුව පහර දෙන්න ගන්නවා. මේ අයගේ ජිවිත කතාව කොහොම කෙසේ මෙතැන් සිට ගලා යාවිද කියලා චිත්‍ර‍පටිය අරන්ම බලන්න වෙනවා. මේක +18 චිත්‍ර‍පටියක් වගේම දෙපැත්ත කැපෙන වචන වලින් සැහෙන කුණුහරප නම් කියනවා. මේකට ආදාල වෙන්න සමහර දේවල් ඒ විදියටම දැම්මා. එහෙනම් ගිහින් එන්නම් තවත් චිත්‍ර‍පටියක් අරන්!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

Download “Parched (2016) සිංහල උපසිරැසි” Parched.(2016).Sinhala.Subtitle.rar – Downloaded 378 times – 33 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram