spot_img

Predator: Badlands (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Predator: Badlands


අපි හැමෝම දන්නවනේ ප්‍රෙඩේටර් කියන්නේ කාටද කියලා. අර නොපෙනී ඉඳන්, ලේසර් තුවක්කුත් තියාගෙන, දඩයමේ එන පිටසක්වළ ජීවියා. හැමදාම මනුස්සයන්ව දඩයම් කරපු මේ භයානක චරිතය, මේ පාර කතාවේ වීරයා වුණොත් කොහොම තියෙයිද? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි Predator: Badlands ෆිල්ම් එක.

මතකද 2022 ආපු Prey ෆිල්ම් එක? (ඒකටත් මම උපසිරැසි ගෙනාවා) ඒක ප්‍රෙඩේටර් ෆිල්ම් සීරීස් එකටම අලුත් පණක් දුන්නා. අන්න ඒ සුපිරි ෆිල්ම් එක හදපු අධ්‍යක්ෂක Dan Trachtenberg ම තමයි මේ අලුත් ෆිල්ම් එකත් අරගෙන එන්නේ.

කතාව මොන වගේ එකක්ද? (ස්පොයිලර් නෑ!)

හිතන්නකො ප්‍රෙඩේටර්ලගෙ ලෝකේ, එයාලගේ ගෝත්‍රය ඇතුළේම කොන් වෙච්ච, අනිත් අයට වඩා පොඩි, දුර්වලයි කියලා හංවඩු ගහපු තරුණ ප්‍රෙඩේටර් කෙනෙක් ගැන. එයාගේ තාත්තා, ඒ කියන්නේ ගෝත්‍රයේ නායකයා, මෙයා දිහා බලන්නේවත් නෑ. තමන්ගේ වටිනාකම ඔප්පු කරන්න මේ තරුණ ප්‍රෙඩේටර්ට තියෙන්නේ එකම එක අවස්ථාවයි. ඒ තමයි, කවුරුත් දඩයම් කරන්න බය, “මරන්න බැරි” කියලා කියන මහා භයානක සතෙක්ව දඩයම් කරන එක.

මේ අභියෝගය බාරගන්න එයා යන්නේ ජීවිතේට කවුරුත් ගිහින් නැති, ගහකොළේ ඉඳන් සතා සිවුපාවා දක්වා හැමදේම මාරාන්තික ග්‍රහලෝකයකට. හැබැයි එයා එහෙ තනි වෙන්නේ නෑ. එයාට හම්බවෙනවා හිතාගන්නවත් බැරි කෙනෙක්ගේ උදව්. ඒ තමයි, ඒලියන් ෆිල්ම්ස්වල අපි දැකපු Weyland-Yutani කම්පැනියෙන් එවපු, කැඩිලා බිඳිලා ගිය ඇන්ඩ්‍රොයිඩ් කෙනෙක්!

කොන් වෙච්ච ප්‍රෙඩේටර් කෙනෙකුයි, කැඩිච්ච ඇන්ඩ්‍රොයිඩ් කෙනෙකුයි එකතු වෙලා මේ මාරාන්තික ලෝකේ කොහොම ගැට ගහයිද? අර “මරන්න බැරි” සතාව දඩයම් කරන්න පුළුවන් වෙයිද? මේක තමයි Badlands ෆිල්ම් එකෙන් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ.

මේ ෆිල්ම් එක ගැන තියෙන විශේෂ දේවල්:

  • ප්‍රෙඩේටර්ලගෙ ලෝකය: මේ ෆිල්ම් එකෙන් පළවෙනි වතාවට ප්‍රෙඩේටර්ලගෙ මව් ග්‍රහලෝකය (“Yautja Prime”) සහ එයාලගේ සංස්කෘතිය, නීතිරීති ගැන ගැඹුරින් පෙන්නනවා.

  • ප්‍රෙඩේටර් භාෂාව: හරියට Avatar ෆිල්ම් එකට “Na’vi” භාෂාව හැදුවා වගේ, මේ ෆිල්ම් එකටත් ප්‍රෙඩේටර්ලා කතා කරන සම්පූර්ණ භාෂාවක් නිර්මාණය කරලා තියෙනවා.

  • Alien සම්බන්ධය: Weyland-Yutani කම්පැනිය මේ ෆිල්ම් එකේ ඉන්න නිසා, මේක Alien සහ Predator ලෝක දෙක අතර තියෙන තවත් ලොකු සම්බන්ධයක්.

  • වීරයා ප්‍රෙඩේටර්: ෆිල්ම් සීරීස් එකේ ඉතිහාසයේම පළවෙනි වතාවට ප්‍රෙඩේටර් කෙනෙක්ව දුෂ්ටයෙක් විදිහට නෙවෙයි, කතාවේ ප්‍රධාන වීරයා විදිහට පෙන්වනවා.

  • PG-13 Rating: Predator ෆිල්ම් සාමාන්‍යයෙන් ලේ, හිංසාව පිරුණු R-Rated ඒවා වුණාට, මේක ප්‍රධාන කතා මාලාවේ PG-13 Rating එකක් ලැබුණු පළවෙනි ෆිල්ම් එක. ඒ නිසා පොඩි ප්‍රේක්ෂකයන්ටත් බලන්න පුළුවන් විදිහට හදලා තියෙනවා.

Prey ෆිල්ම් එකෙන් පස්සේ ප්‍රෙඩේටර් ෆ්‍රැන්චයිස් එකට ආයෙමත් පණ ඇවිත් තියෙන වෙලාවක, Badlands කියන්නේ නිකන්ම නිකන් තවත් ඇක්ෂන් ෆිල්ම් එකක් නෙවෙයි, මේ මුළු කතා මාලාවම අලුත්ම පැත්තකට අරන් යන, අලුත් අත්දැකීමක් දෙන නිර්මාණයක්. ඉතින්, දඩයක්කාරයාගේ පැත්තෙන් කතාව බලමු එහෙනම්.

මේ ෆිල්ම් එකට ඉතිං english සබ් එකක් නම් තිබ්බෙ නෑ. ටයිම් ලයින් එකේ ඉදලම අපේ ඔන්න මේ පාරත්.

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි Leaked HDRip පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 YTS වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. ස්තූතියි අශේන් සහෝ මේකට සිංහල සබ් දුන්නට……
    ඔරිජිල් ආපුගමන්ම අප්ඩේට්එක ඕනේ………
    💕💕💕💕💕💕

  2. ස්තූථියි සහෝ අප්ඩේට් එකට…
    මේක ෆයිනල්ම කොපිය නෙමෙයි නේද මචං….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram