spot_img

Sisu: Road to Revenge (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Sisu: Road to Revenge


කලින් පාර මංම උපසිරැසි ගෙනාපු පළවෙනි Sisu ෆිල්ම් එක මතකද? අර රත්තරන් හොයන වයසක මනුස්සයා, තනියම නාසි හමුදාවක්ම විනාශ කරපු හැටි? අන්න එයා (Aatami Korpi) ආයෙත් ඇවිල්ලා. හැබැයි මේ පාර වැඩේ ඊට වඩා ගොඩක් දරුණුයි. අලුත්ම ෆිල්ම් එකේ නම “Sisu: Road to Revenge”.

මේක නිකන්ම නිකන් ඇක්ෂන් ෆිල්ම් එකක් නෙවෙයි. විචාරකයෝ මේක හඳුන්වන්නේ John Wick සහ Mad Max ෆිල්ම්වල එකතුවක් වගේ කියලා.

කතාව යන්නේ 1946 අවුරුද්දේ. ඒ කියන්නේ දෙවැනි ලෝක යුද්ධය ඉවර වෙලා ටික කාලෙකට පස්සේ. ෆින්ලන්තයට තමන්ගේ භූමියෙන් කොටසක් රුසියාවට (සෝවියට් දේශයට) දෙන්න වෙලා. අපේ කතානායකයා ආටාමි, තමන්ගේ පරණ ගෙදර කෑලිවලට ගලවගෙන ලොරි එකක පටවගෙන අලුත් තැනක ජීවිතේ පටන් ගන්න යනවා.

හැබැයි ප්‍රශ්නේ වෙන්නේ එතකොටයි. ආටාමිගේ පවුලේ අයව ඉස්සර මරපු දරුණු රුසියානු කමාන්ඩර් කෙනෙක් වන “ඊගෝර් ඩ්‍රැගනොව්” හිරෙන් නිදහස් වෙලා එනවා. එයා එන්නේ එකම අරමුණකට. ඒ තමයි කොහොම හරි ආටාමිව මරන එක.

මේ පාර ආටාමි එක්ක හැප්පෙන්න ඉන්නේ Avatar සහ Don’t Breathe චිත්‍රපටවල රඟපාපු සුපිරි නළු Stephen Lang.
එයාගේ රඟපෑම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

මේ වෙද්දි Rotten Tomatoes වෙබ් අඩවියේ මේ ෆිල්ම් එකට 96% ක ඉහළම අගයක් ලැබිලා තියෙනවා.

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි YTS පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ස්තූතියි අශේන් සහෝ සබ් එකට..
    ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕනේ…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram