ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් කාලෙකට පස්සෙ අද අරන් ආවේ අලුත්ම හින්දි චිත්රපටියක් මේක නමින් *120 Bahadur * ඒ කියන්නෙ * නිර්භීත සොල්දාදුවන් 120 * දෙනා යන්නයි මේක මේ වෙද්දි 7.1ක දැවැන්ත IMDB අගයක් ගන්න සමත් වෙලා තියෙනවා බොක්ස් ඔෆිස් අතින් නම් එතරම් සාර්තක නොවුනත් බලන්න වටින චිත්රපටික් 60 දශකයේ සිදු වූ චීන – ඉන්දියානු යුද්ධය පදනම් කරගත් චිත්රපටික්….
“120 Bahadur” කියන්නේ 1962 ඉන්දියා–චීන යුද්ධයේ Rezang La සටන පදනම් කරගෙන නිපදවපු හැඟීම්බර යුධ චිත්රපටයක්. 13 Kumaon Regiment හි සෙබළුන් 120 දෙනා අතිශය අඩු සම්පත් සහ දැඩි තත්ත්වයන් අතර රට වෙනුවෙන් අවසාන හුස්ම දක්වා සටන් කරන ආකාරය මේ ෆිල්ම් එකෙන් බලවත් ලෙස පෙන්වයි. සටන් දර්ශන රළු හා යථාර්ථවාදී වශයෙන් ඉදිරිපත් කරන අතර, සෙබළුන්ගේ එකමුතුව, ධෛර්යය සහ රටට තියෙන ආදරය නරඹන්නාගේ හදවතට තදින් තට්ටු කරයි. දේශභක්තිය සහ කැපවීම අගය කරන අයට “120 Bahadur” බලන්න වටින යුධ චිත්රපටයක්…..
එහෙනන් තවත් චිත්රපටියකින් නැවතත් හමුවෙමු ඔබ සැමට සුබ දවසක්…!!
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]













ස්තූතියි දිල්මිත් සහෝ මේකට සිංහල සබ් දුන්නට