Dridam (2026) Sinhala Subtitle
මේ දවස් වල කොහෙ බැළුවත් කතා වෙන ෆිල්ම් එක තමයි “Dridam”.
මමත් ඉතින් ඒ නිසා මේ ෆිල්ම් එකට උපසිරැසියක් අරගෙන එන්න හිතුවා.
මේ කතාවෙ ප්‍රධාන චරිතය වෙන්නේ විජේ රාධක්‍රිෂ්ණන්. එයා තරුණ පොලිස් නිලධාරියෙක්.
එයාගේ පළවෙනි පත්වීම (SI කෙනෙක් විදියට) ලැබෙන්නේ හරිම නිස්කලංක, කිසිම කරදරයක්
නැති පැත්තක තියෙන පොලිස් ස්ටේෂන් එකකට. ඉතින් පාඩුවේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්
වෙයි කියලා හිතාගෙන හිටියට, එකපාරටම ඒ පළාතෙන් මිනියක් හම්බවෙනවා.
හරියටම ඒ එක්කම වගේ ඒ හරියේ තියෙන මූල්‍ය ආයතනයක ලොකු හොරකමකුත් සිද්ධ වෙනවා.
මේ සිද්ධි දෙකත් එක්කම මුළු පැත්තම කලබල වෙනවා. අලුතෙන් ආපු මේ SI විජේට මේ කේස් එක
විසඳන්න අවසානෙදි ලැබෙන්නේ හරියටම සතියක කාලයක් විතරයි. එක පැත්තකින් පොලිස් දෙපාර්තමේන්තුවේ
ලොක්කන්ගෙන් එන පීඩනය, අනිත් පැත්තෙන් සාධාරණය ඉල්ලලා කෑගහන මිනිස්සුන්ගේ බලපෑම. මේ
සේරම අස්සේ මේ අලුත් පොලිස් නිලධාරියා මේ අභියෝගය කොහොමද බාරගන්නේ සහ මේ අභිරහස
කොහොමද විසඳන්නේ කියන එක තමයි මම මේ ෆිල්ම් එකෙ යන්නේ.
ඔයාලත් ක්‍රයිම් ත්‍රිලර් වලට ආස නම්, මේක බලලාම තීරණය කරන්න මේ කතාව කොහොමද කියලා. එහෙනම් ජයවේවා!
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]












Thanks
thanks machan