spot_img

The Furious (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Furious (2025) Sinhala Subtitle

‘The Raid’, ‘John Wick’ ෆිල්ම්ස් බලල තියෙනවනේ? අන්න ඒවගෙ වගේ ඇස් පියගහන්න නොදී බලන් ඉන්න පුළුවන් පිස්සු හැදෙන, ඇක්ශන් පිරුණු ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ.

මේකේ නම ‘The Furious’. පැය කීපෙකට කලින් අන්තර්ජාලයට නිකුත් වුන මේ ෆිල්ම් එක මෑත කාලයේ සිනමාවට ආපු සුපිරිම Martial Arts ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි. Kenji Tanigaki කියන සුපිරිම සටන් කලා අධ්‍යක්ෂකවරයා තමයි මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ. ඒ මදිවට අපි අර Mortal Kombat, The Raid වගේ ෆිල්ම්ස් වලින් දැකපු Joe Taslim, ඒ වගේම අතිදක්ෂ චීන සටන් නළු Xie Miao වගේ අය තමයි මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ.

ෆිල්ම් එකේ කතාව ගෙතෙන්නේ ‘වොන්ග් වෙයි’ කියන අහිංසක පියෙක් වටේට. එයාගෙ ආදරණීය දුවව දරුණු පාතාල ළමා ජාවාරම්කාර කල්ලියක් විසින් හදිසියේම පැහැරගන්නවා. හැබැයි මේ වෙලාවේ දූෂිත පොලීසියෙන් කිසිම උදව්වක් නොලැබෙන නිසා, මේ අසරණ තාත්තා තමන්ගෙ දුවව බේරගන්න තනියම මරණීය සටනකට බහිනවා.

මෙයාගේ මේ ගමනට සහයට එන්නේ ‘නවීන්’ කියන ජනමාධ්‍යවේදියා විතරයි. නවීන් කියන්නෙත් තමන්ගේ බිරිඳ අභිරහස් විදිහට අතුරුදහන් වුණ නිසා ඒකට පළිගන්න ලොකු වෛරයකින් ඉන්න කෙනෙක්. ඉතින් මේ දෙන්නා එකතුවෙලා දුවව බේරගන්න, මුළු පාතාල කල්ලියකටම එරෙහිව කරන මාරාන්තික, ලේ වැගිරෙන සටන තමයි මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ. ඉස්සරහට මොකද වෙන්නේ, තාත්තට දුවව බේරගන්න පුළුවන් වෙයිද කියන එක හුස්ම හිරකරගෙන බලන්න පුළුවන් විදිහට තමා මේක හදලා තියෙන්නේ.

සාමාන්‍යයෙන් මේ වගේ ඇක්ෂන් ෆිල්ම්ස් වලට අන්තර්ජාතික සම්මාන උළෙලවල් වලදී ලොකු තැනක් ලැබෙනවා අඩුයිනෙ. හැබැයි මේකේ තියෙන කොලිටි එක නිසාම ඒක ලෝකෙ පුරාම සම්මාන උළෙලවල් ගණනාවකදීම ඇගයීමට ලක්වෙලා තියෙනවා.

🏆 උදාහරණයක් විදිහට 2025 ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා උළෙලේ (TIFF) Midnight Madness අංශයෙන් ජනප්‍රියම චිත්‍රපටයට හිමි සම්මානයේ දෙවන ස්ථානය මේ ෆිල්ම් එක දිනාගත්තා. ඒ වගේම 2025 Sitges සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටයට නිර්දේශ වෙලා, විශේෂ ජූරි සම්මානයත් දිනාගන්න මේකට පුළුවන් වුණා. විශේෂයෙන්ම මේකේ තියෙන ඇඟ කිලිපොලා යන සටන් නිසාම 2026 Astra Midseason සම්මාන උළෙලේදී හොඳම ස්ටන්ට්ස් වලට හිමි සම්මානයත් මෙයාලා අරගෙන තියෙනවා.

කතාව සරල වුණත් ඒක ඉදිරිපත් කරලා තියෙන විදිහයි, ෆයිට් සීන්ස් ටිකයි නිසා කම්මැලිකමක් නැතුව එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන්. ඇක්ශන් ෆිල්ම්ස් වලට ආස අයට නම් මේක අනිවාර්යයෙන්ම හොඳ අත්දැකීමක් වේවි.


එහෙනම් ට්‍රයි කරලා බලන්න! 🍿

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram