spot_img

Cocktail 2 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -

Cocktail 2 (2026) Sinhala Subtitle

- Advertisement -
- Advertisement -

සුභ දවසක් හැමෝටම,

2026 ජූනි 19 වන දින තිරගත කිරීම් ආරම්භ වුණු “Cocktail 2” කියන අලුත්ම හින්දි චිත්‍රපටයේ උපසිරැසි අරගෙන අද මම සූම් උපසිරැසි නිවහනට ගොඩ වැදුනා. හෝමි අඩජනියාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටය, 2012 වසරේ තිරගත වුණු අතිශය ජනප්‍රිය Cocktail චිත්‍රපටයේ මතකාවර්ජන දිගහැරුමක් (spiritual sequel) විදිහටයි Maddock Films සහ Luv Films ආයතන හරහා ප්‍රේක්ෂකයින් ඉදිරියට එන්නේ.

පැය 2 යි මිනිත්තු 30 කට ආසන්න ධාවන කාලයක් හිමි මේ Cocktail 2 චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියන් රුපියල් කෝටි 143.6ක් වෙන අතර එහි නිෂ්පාදන වියදම ඉන්දියන් රුපියල් කෝටි 150ක් වෙනවා. Romantic, Comedy, Drama ශානරය යටතේ දිවෙන මේ චිත්‍රපටයට විචාරකයින්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර හිමිවෙලා තියෙනවා බලාගන්න පුළුවන්.

Shahid Kapoor – [කෘනාල්]
Kriti Sanon – [ඇලී]
Rashmika Mandanna – [දියා]

කතාව ගැන කියනව නම්,

නාල් කියන්නේ වෘත්තියෙන් කෝකියෙක්. එයාගේ පෙම්වතිය වන දියා ගෘහ නිර්මාණ ශිල්පිනියක්. කොලේජ් කාලේ ඉඳන්ම කාලයක් තිස්සේ ආදර සම්බන්ධතාවයක් පවත්වන මෙයාලට, ඥාතීන්ගෙන් කවදද කසාද බඳින්නේ කියලා අහන ප්‍රශ්න නම් දැන් හොඳටම එපා වෙලයි තියෙන්නේ. මේ ප්‍රශ්න වලින් බේරෙන්න එයාලා ඉතාලියේ සිසිලි වලට නිවාඩුවක් ගත කරන්න යනවා. එහේදි එයාලට දියාගේ කොලේජ් මිතුරියක් වෙන ඇලීව මුණගැහෙනවා. කොහොම වුණත් දියාට කෘනාල් තමන්ව විවාහ කරගන්න ඇත්තටම කැමතිද කියන එක ගැන සැකයක් තියෙන නිසා, ඇය ඇලීගෙන් ඉල්ලා සිටිනවා කෘනාල් එක්ක සමීප වෙලා එයාගේ හැඟීම් පරීක්ෂා කරලා බලන්න කියලා. මේ සැලසුම නිසා තුන්දෙනාගේම ජීවිත වලට මොන වගේ බලපෑමක් වෙයිද ?

මම කතාව තවත් කියන්න යන්නේ නෑ, ඔයාල බලලම ඉන්නකෝ !

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

කවිෂ්ක සංකල්ප
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram