spot_img

Toxic (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Toxic (2026) Sinhala Subtitle

සුභ දවසක් හැමෝටම,

2026 අගෝස්තු 26 වන දින තිරගත කිරීම් ආරම්භ වුණු “Toxic” කියන අලුත්ම කන්නඩ චිත්‍රපටයේ උපසිරැසි අරගෙන අද මම සූම් උපසිරැසි නිවහනට ගොඩ වැදුනා. ගීතු මෝහන්දාස්ගේ සිනමා අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටය Yash #19 හෙවත් රොකිං ස්ටාර් : යශ් රංගනයෙන් දායක වෙන ඔහුගේ 19 වන චිත්‍රපටය විදිහටයි මෙය ප්‍රේක්ෂකයින් අතරට එන්නේ.

පැය 3 යි මිනිත්තු 14කට ආසන්න ධාවන කාලයක් හිමි මේ Toxic චිත්‍රපටයේ ඇස්තමේන්තු නිෂ්පාදන වියදම ඉන්දියානු රුපියල් කෝටි 500-1000 ත් අතර වෙනවා. Psychological, Thriller සහ Gangster ශානර යටතේ දිවෙන මේ චිත්‍රපටයට විචාරකයින්ගෙන් නම් මේ වෙද්දි ඍණාත්මක ප්‍රතිචාර හිමිවෙලා තියෙනවා බලාගන්න පුළුවන්.

Yash – [රායා] / [ටිකට්]
Kiara Advani – [නාඩියා]
Nayanthara – [ගංගා]
Huma Qureshi – [එලිසබෙත්]
Tara Sutaria – [රෙබෙකා අල්මේදා]
Rukmini Vasanth – [මෙලිසා]

හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

ඉන්දියානු නිදහසින් පසු පෘතුග්‍රීසි සෙවනැලි කෙමෙන් මැකී යද්දි ගෝවා වල වංශවතුන් අතර වෙන බල පෙරලිය සහ පෘතුගීසීන්ගෙන් ගිලිහුණ අබිං වෙළදාම පදනම් කරගනිමින් තමයි මේ කතාව පටන් ගන්නේ. රායාගේ පරම්පරාව වංශවත් පෙලපතකින් පැවතුනත් රායාගේ අම්මා එයාගේ තාත්තාව මැරුවට පස්සේ එයාව හදා වඩා ගන්නේ එයාගේ අක්කා වෙන ගංගා. රායා – ගංගා දෙදෙනාම එක්ව තමන්ගේ තාත්තාගේ මරණය වෙනුවෙන් ෆර්නැන්ඩස් අල්මේදාගෙන් පළිගන්නා අතර, පසුව ඔහුගේ සහෝදරයා වෙන සැල්වදෝර් අල්මේදා යටතේ වැඩ කිරීමට ඔවුන් දෙදෙනා එකතු වෙනවා. මේත් එක්කම රායා පාතාල ලෝකයේ කුප්‍රකට, අනුකම්පා විරහිත සහ බලවත් චරිතයක් බවට පත් වෙනවා වගේම සැල්වදෝර්ගේ දියණිය වන රෙබෙකා සමඟ ප්‍රේම සම්බන්ධතාවයක්ද ගොඩනගා ගන්නවා.

මම තවත් කතාව කියන්න යන්නේ නෑ, ඔයාල බලලම ඉන්නකෝ !

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HC HD පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

කවිෂ්ක සංකල්ප
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. සබට තෑන්ක්ස් මචං… ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕනේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram