spot_img

Alpha (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Alpha (2026) Sinhala Subtitle

සුභ දවසක් හැමෝටම,

2026 ජූලි 03 වන දින තිරගත කිරීම් ආරම්භ වුණු “Alpha” කියන අලුත්ම හින්දි චිත්‍රපටයේ උපසිරැසි අරගෙන අද මම සූම් උපසිරැසි නිවහනට ගොඩ වැදුනා. ශිව් රවායිල්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණයෙන් සහ ආදිත්‍ය චොප්රාගේ (Aditya Chopra) නිෂ්පාදනයෙන් හැඩවුණු මේ චිත්‍රපටය, අතිශය ජනප්‍රිය Yash Raj Films (YRF) Spy Universe එකේ හත්වන දිගහැරුම විදිහටයි ප්‍රේක්ෂකයින් ඉදිරියට එන්නේ.

පැය 2 යි මිනිත්තු 15කට ආසන්න ධාවන කාලයක් හිමි මේ Alpha චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම දැනට ඉන්දියන් රුපියල් කෝටි 71.15ක් වෙන අතර එහි නිෂ්පාදන වියදම ඉන්දියන් රුපියල් කෝටි 100-125 අතර වෙනවා. ඇක්ෂන් සහ ත්‍රිලර් ශානරය යටතේ දිවෙන මේ චිත්‍රපටයට විචාරකයින්ගෙන් මෙන්ම ප්‍රේක්ෂකයින්ගෙන් මිශ්‍ර සහ ඍණාත්මක ප්‍රතිචාර හිමිවෙලා තියෙනවා බලාගන්න පුළුවන්.

Alia Bhatt – [සීතා]
Sharvari – [දුර්ගා]
Anil Kapoor – [කර්නල් වික්‍රාන්ත් කෞල්]
Bobby Deol – [කර්නල් ෆතේ සිං / මේජර් සරාර් ඛාන්]
Dia Mirza – [විශේෂ රංගනය]
Hrithik Roshan – [ආරාධිත රංගනය : මේජර් කබීර් ධලිවාල්]

හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

1999 කාර්ගිල් යුද්ධයෙන් පසුව, කර්නල් ෆතේ සිං සහ ලුතිනන් කර්නල් වික්‍රාන්ත් කෞල් එකතු වෙලා ‘ඇල්ෆා’ (Alpha) නමින් රහසිගත ඉන්දීය හමුදා සුපිරි සෙබළුන් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. මේ අතරතුර වික්‍රාන්ත්ගේ ගැබිනි බිරිඳට ඇතිවෙන දරුණු හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන්, ඇයව බේරගැනීමේ අරමුණින් වික්‍රාන්ත් විසින් මේ ව්‍යාපෘතියේ පර්යේෂණ මට්ටමේ පවතින බෙහෙතක් (Alpha serum) රහසිගතව ඇයට ලබා දෙනවා. බිරිඳ මියගියත් ඇයට ඉපදෙන පළමු දරුවා (සීතාගේ) රුධිරයට මේ බෙහෙතේ බලපෑම එකතු වී ඇති බව දැනගන්න ෆතේ විසින් මේ දරුවාව පැහැරගෙන ගොස් රහසිගතව සුපිරි ඝාතකයෙක් ලෙස පුහුණු කරනවා.

මම කතාව තවත් කියන්න යන්නේ නෑ, ඔයාල බලලම ඉන්නකෝ !

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB HD පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

කවිෂ්ක සංකල්ප
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. සබ්එකට තෑන්ක්ස් මචං…
    ඔරිජිනල් ආපුහම අප්ජේට් එක ඕනේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram