The Odyssey (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Odyssey (2026) Sinhala Subtitle

සිනමා ලෝකයේ විස්මයන් මවන අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ නවතම නිර්මාණය වන ඕඩිසි සිනමා නිර්මාණය තමයි අද අරන් ආවේ…හෝමර්ගේ සුප්‍රසිද්ධ පුරාණ ග්‍රීක මහා කාව්‍යය ඇසුරින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය පසුගිය ජූලි 17 වන දින ලොව පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ කළේය.මෙම චිත්‍රපටයේ ඇති සුවිශේෂීම කරුණක් වෙන්නේ, සම්පූර්ණයෙන්ම IMAX 70mm කැමරා භාවිතයෙන් රූගත කළ ලොව පළමු වෘත්තාන්ත චිත්‍රපටය මෙය වීමයි. ග්‍රීසිය, ඉතාලිය, ස්කොට්ලන්තය සහ අයිස්ලන්තය ඇතුළු රටවල් හතක මෙහි රූගත කිරීම් සිදු කර ඇත. එමෙන්ම, ලුඩ්විග් ගෝරන්සන් විසින් පුරාණ ග්‍රීක සංගීත භාණ්ඩ ඇසුරින් නිර්මාණය කළ පසුබිම් සංගීතය චිත්‍රපටයට අපූරු ජීවයක් එක් කරනු ලබනවා. ඔඩිසියස් ලෙස මැට් ඩේමන් ප්‍රධාන චරිතයට පණ පොවන අතර, ටොම් හොලන්ඩ්, ඈන් හැත්වේ, රොබට් පැටින්සන් සහ සෙන්ඩායා වැනි ප්‍රවීණ හා ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 250ක පිරිවැයකින් නිෂ්පාදනය වූ මෙම චිත්‍රපටය, ලොව පුරා ඩොලර් බිලියන 1.5කට අධික ආදායමක් උපයමින් විචාරකයන්ගේ ඉහළම පැසසුමට ලක් වෙන්නත් පුලුවන් උනා.

කථාව කෙටියෙන්,

ට්‍රෝයි නගරයේ බිඳවැටීමෙන් පසු, ඉතාකා හි රජු වන ඔඩිසියස් තම බිරිඳ වන පෙනිලොපි සහ පුත් ටෙලිමැකස් වෙත නැවත පැමිණීමට ගන්නා ත්‍රාසජනක මුහුදු ගමන මෙම චිත්‍රපටයට පාදක වී තිබෙනවා…. දෙවිවරුන්, බිහිසුණු රාක්ෂයන් සහ දරුණු කුණාටු මැද ඔහු මුහුණ දෙන ගමන කෙසේ වේවිද කියලා මේ චිත්‍රපටිය අරන්ම බලන්න.

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි BluRay ytsපිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

සුරේෂ් මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram