spot_img

Kolamavu Kokila (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ගොඩක් අය මේ චිත්‍ර‍පටිය එනකම් මඟබලාගෙන හිටියා… නමුත් ගොඩක් අයගේ බලාපොරොත්තු ඉතින් බිදිලා ගියා මේ චිත්‍ර‍පටියට අඩුම ගානේ ඉංග්‍රිසි උපසිරැසියක්වත් නැතුව ආවාම … කොහොම හරි චිත්‍ර‍පටියට ලැබුනු අසිමිත ඉල්ලිම් නිසාම මේකට අසාලිවිමක් කරලා චිත්‍ර‍පටිය ඔයාලා වෙනුවෙන් අරන් එන්න තිරණය කලා මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂණය Nelson DilipKumar ගෙන්… මෙහි ප්‍ර‍ධන චරිත ලෙස නයන්තාරා,යෝගිබාබු, සරන්‍යා, රාජේන්ද්‍රන් වැනි නළු නිලියෝ කිප දෙනෙක්ම රංඟනයෙන් දායක වෙනවා. සුපිරි නළු නිලියෝ දාලාත් ෆිල්ම් ෆ්ලොප් වෙන කාලේක නයනතාරා ප්‍ර‍ධාන චරිත වලින් රංඟනය දායක වෙන චිත්‍ර‍පටි කිහිපයක්ම පිට පිටම හිට් වුනා කියලා ඔයාලාට මතක ඇති නේ. මේකත් ඒ වගේම එකක් තමයි…. ඒ වගේම මේ චිත්‍ර‍පටිය සංඟිතය පැත්ත බලාගෙන තියෙන්නේ අනිරුද් විසින්… අනිරුද්ගේ මියුසික් ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ. මේකෙ එක සිංදුවක් යූටියුබ් වාර්තාවකුත් තිබ්බා කියලාත් ආරංචියි.

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක ‘බ්ලැක් හියුමර්’ කොමඩියක්… කෝකිලා (නයනතාරා) කියන්නේ මධ්‍යම පාන්තික පවුලක තරුණ යුවතියක්… ඇයගේ අම්මාට පිළිකාවක් තියනවා.. මේක සුව කරන්න ලක්ෂ පහලොවක මුදලක් උවමනා වෙනවා… මේක හොයාගන්න ඇය ලොකු මහන්සියක් දරණවා. මේ වගේ වෙලාවක ඇයට කුඩු විකුණන කල්ලියක සෙට් වෙනවා… මේ කුඩු කිලෝ 300ක මල්ල පන්නලා දුන්නොත් ලක්ෂ 15ක් දෙන බවට ඔවුන් පොරොන්දු වෙනවා… කොහොම හරි කෝකිලාත් මේ වැඩේ කරන්න බාරගන්නවා වගේම සුපිරිම පැලැන් එකකුත් ගහනවා මේ කුඩු මල්ල නඟරය හරහා පන්නලා දාන්න.ඉතින් මේ වැඩේ ඇයට කරන්න පුලුවන් වේවිද කියලා දැනගන්න වෙන්නේ මේ චිත්‍ර‍පටිය නරඔලා තමයි… විකිපිඩියා එකේ කියන විදියට නම් මේක 2013 වසරේ නිකුත් උන We’re the Millers කතාවට සමානකම් දක්වනවාලු… කොහොම හරි මේ කොමඩියට බර කට්ටියට කියාපු මේ සුපිරි ත්‍රිලර් චිත්‍ර‍පටිය නම් අනිවාර්යෙන් අරන් බලන්න කියන ගමන් මං සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram