spot_img

Tiger Zinda Hai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න පොරොන්දු උන විදියටම හොද පිටපතක් ආවා ගමන් ටයිගර් සින්දා හේ චිත්‍ර‍පටිය අරගෙන ආවා. මේක එක ලඟ නිකුත් උන ඩිවිඩි හා බ්ලුරේ පිටපත් දෙකටම සබ් එක ගැලපෙනවා. මේ චිත්‍ර‍පටිය 2012 දි ආව Ek Tha Tiger චිත්‍ර‍පටියේ දෙවැනි චිත්‍ර‍පටිය ලෙසටයි නිකුත් උනේ. අනිවාර්යෙන් හින්දි චිත්‍ර‍පටි රසිකයෙක් නම් ඔය චිත්‍ර‍පටිය නරඔලා නැති වෙන්න විදියක් නම් නැහැ. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Ali Abbas Zafar විසින්. ප්‍රධාන චරිත ලෙස Salman Khan හා Katrina Kaif මේ චිත්‍ර‍පටියේද ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරනවා. පැය දෙකයි විනාඩි 30කට ආසන්න කාලයක් මේ චිත්‍ර‍පටිය ධාවනය උනත් චිත්‍ර‍පටියේ ඇත්තේ ගීත දෙකක් පමණයි. ඒකත් එක සිංදුවක් තියෙන්නේ චිත්‍ර‍පටියේ අන්තිම නම් ටික යද්දි තමයි. ඉතින් චිත්‍ර‍පටියම සම්පූර්ණයෙන් ක්‍රියාදාම පැත්තටම තමයි බර. ඒ වගේම චිත්‍ර‍පටියේ 40%ක් වගේම කතා කරන්නෙත් ඉංග්‍රිසියෙන්ම තමයි. ඒක නිසාම මේ චිත්‍ර‍පටිය කොහොමත් බටහිර ආරක් ගෙන තිබෙනවා. මේ චිත්‍ර‍පටියේ නිශ්පාදන බර පැන දරන්නේ Yash Raj Films සමාගම විසින්. කෝටි 210 වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය ඒ වගේ දෙගුණකට වඩා ඒ කියන්නේ කෝටි 550ක විතර ආදායමක් ලබා ගන්න හැකි වුනා.

මෙවර චිත්‍ර‍පටියේ කතාව වෙන්නේ ඉරාකයේ ඉක්රිට් වල ඉන්දියානු හා පකිස්ථානු හෙදියන් පිරිසක් අයි එස් සී සංවිධානය විිසින් හිරකරගෙන තබා ගන්නවා. මේ අයව නිදහස් කරන මෙහෙයුමේ ප්‍ර‍ධානියා වෙන්නේ කතාවේ ප්‍ර‍ධාන කතා නායකයා ටයිගර්. ඔවුන්ට මේ හෙදින්යන් පිරිස අයි එස් සී සංවිධානයෙන් නිදහස් කරගෙන එන්න ලැබෙන්නේ දින හතක් විතරයි. මොකද ඊට පස්සේ මේ ස්ථානයට ඇමරිකානු හමුදා විසින් ගුවන් ප්‍ර‍හාරයක් එල්ලකරන්න යන්නේ. ඉතින් චිත්‍ර‍පටිය පුරාවට දිවෙන්නේ ඒ ත්‍රාසජනක මෙහෙයුම තමයි. එහෙනම් අරගෙන රසවිදින්න ටයිගර් සින්දා හේ චිත්‍ර‍පටිය.අපි මේ දිලා තියන කොපියෙත් වොටර් මාක් මුකුත්ම නැහැ. ටිකක් සයිස් වැඩියි චිත්‍ර‍පටියේ ධාවන කාලය වැඩි නිසා. එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram