spot_img

Dabangg 3 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් අද අරගෙන ආවේ 2019 දෙසැම්බර් 20 නිකුත් උන සල්මාන් ඛාන්ගේ Dabangg 3 චිත්‍රපටිය,කොහොම හරි Dabangg 3 ගැන ලොකු බලාපොරොත්තුවක් චිත්‍රපටි රසිකයන් තියාගෙන හිටියට ඒ ඔක්කොම අනිත් පැත්ත පෙරලුනා කියලනම් කියන්න පුලුවන්,මේ චිත්‍රපටිය සල්මාන් ඛාන්ගේ රසිකයන් වෙනුවෙන්ම විතරක් නිර්මාණය කරා වගේ තමයි හිතන්න පුලුවන් වෙන්නෙ,කොහොම හරි ඉතින් ඔන්න චුල්බුල් පාන්ඩේව ආයෙත් ඔයාලට දකින්න හම්බවෙලා තියෙනවා,ඉතින් සල්මාන් ඛාන් එක්ක සුපුරුදු පරිදි සොනාක්ෂි සිංහාත් අපිට දැකගන්න පුලුවන්,ඊට අමතරව සුදීප්,සයිජී මන්ජේකර් ඇතුලු නළු නිලියන් රැසක් අපිට දැකගන්න පුලුවන්,Dabangg 3 චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 යි විනාඩි 40ක් තිබුනා උනත් ඔයාලට දැන් බලන්න හම්බවෙන පිටපතේ පැය 2යි විනාඩි 28යි තියෙන්නෙ,අනවශ්‍යය කියල හිතෙන කොටස් ටිකක් අයින් කරල තියෙනව,ඒකෙන් චිත්‍රපටිය නැරඹීමටනම් කිසිම බාධාවක් වෙන්නේ නැ..

හරි එහෙනම් කතා ගැන ටිකක් කියන්නම්,Dabangg 3 චිත්‍රපටිය ගෙතෙන්නෙ Dabangg 1,සහ Dabangg 2 චිත්‍රපටිවල කලින් අතීතේ උන සිද්ධියක් එක්ක,ඉතින් චුල්බුල් පාන්ඩේ ( සල්මන් ඛාන් ) කියන්නෙ අවoක පොලිස් නිලධාරියෙක්නේ,ඉතින් දවසක් මෙය ඉන්න පලාතේ ගෑනු ලමයි වගයක්ව පැහැරගෙන යන්න කිසියම් පිරිසක් උත්සහ කරනවා,ඒක ආරoචිවෙන චුල්බුල් ගිහින් ඒ ලමයින්ව බේරගන්නවා,ඊට පස්සෙ පැහැරගන්න ආපු ඒ පිරිසව අත් අඩoගුවට අරගෙන හිරේට දානව,ඉතින් එහෙම උනාට එයාට නිදහසේ ඉන්න ලැබෙන්නෙ නැ ඒ පලාතේ ඉන්න මැරයක් වෙන බාලි සිo ගෙන්  (සුදීප්) චුල්බුල්ට තර්ජනයක් එනව ඒ අල්ලගත්තු අයව නිදහස් කරන්න කියල,ඉතින් මේ බාලි සිoව දැක්ක ගමන් තමයි චුල්බුල්ට මතක් වෙන්නෙ මේ එයා කලින් මරපු මනුස්සයා නේද කියල,එත් මෙයා ජීවත් වෙන්නේ කොහොමද කියල එක ප්‍රශ්නයක්,ඇත්තටම කොහොමද එයා ජීවතුන් අතර ඉන්නෙ,එතකොට චුල්බුල් බාලි සිංව මරන්න හේතුව උනේ මොකක්ද?එහෙනම් අරගෙන බලන්න Dabangg 3

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram